60. සම්පයුත්ත කථා
දැන් සම්පයුත්ත කථා නම් වේ. එහි යම්හෙයකින් කලෙහි තෙල් මෙන් වේදනාදිය සංඥාදියෙහි ඇතුළත් වී නැත. එහෙයින් කිසි ධර්මයක් කිසියම් ධර්මවලින් යුක්ත වී නැත. මෙසේ පවතින විට, ඤාණ සම්පයුක්ත යනාදිය අරුත් සුන් වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්‍ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අනිත් අර්ථයකින්ම සම්ප්‍රයුක්තය දැක්වීමට විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස යට කියන ලද නයින් දතයුතුය. පරවාදියා විසින් තලෙහි තෙල් උපමා ප්‍රශ්නය ගෙනෙන ලදී. එය වේදනා සඤ්ඤා මෙන් තල තෙල් ලක්‍ෂණයෙන් වෙනස්ය. සමාන නැත. තෙල් වෙන්කළ පසු තල යයි දෙයක් නැත. එනිසා උපමාව නොගෙනෙන ලද මෙනි.
61. චෛතසික කථා
දැන් චෛතසික කථා නම් වේ. එහි යම්හෙයකින් ඵස්සිකාදිය නැත. එහෙයින් චෛතසිකයන් නොවිය හැකිය. මෙසේ චෛතසික ධර්ම නැතැයි යමෙකුගේ ලබ්ධියයි. යම්සේ රාජගිරික සිද්ධත්‍ථ ආදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. සහජාතො යනු සම්ප්‍රයුක්ත සහජාත සඳහා කියන ලදී. ඵස්සිකා යනු එබඳු ව්‍යවහාරයක් නොදක්නාහුගෙන් විචාරීම සකවාදියාටය. කුමන ව්‍යවහාරයකින්ද? යම්සේ සිත ඇසුරු කරන චෛතසිකය. එයද ස්පර්ශය නිශ්‍රිත වූ බැවින් ඵස්සික යයි කී කල්හි දොසක් නැතැයි ප්‍රතිඥාව පරවාදියාගේය. සෙස්ස පැහැදිලිය.
62. දාන කථා
දැන් දාන කථා නම් වේ. දාන නම් ත්‍යාග චේතනාව. විරතිය හා දෙය ධර්මය යයි ත්‍රිවිධය. ‘සද්ධා හිරියං කුසලඤ්ච දානං’ යයි ආ තැන ත්‍යාග චේතනාව දානයයි. ‘අභයං දෙති’ පැමිණි තැන විරතිය ද ‘දානං දෙති අන්නං පානං’ ආ තැන දේය ධර්මය ද දාන වේ. එහි ත්‍යාග චේතනාවෙන් දෙයි හෝ දේය ධර්ම වේ. මෙයින් දේ නුයි හෝ දේය ධර්මය දාන වේ. අවඛණ්ඩනාර්ථයෙන්, කැපීම් අර්ථයෙන් දාන වේ. එය උපදින්නේ භය භෙරව සංඛ්‍යාත දුස්සීල චේතනා කපයි සිඳියි යනු ද දාන වේ. දෙන ලද දේ දේනුයි ද දාන වේ. මෙසේ මෙය ත්‍රිවිධ අර්ථයෙන් ද, චෛතසික ධර්ම සහ මෙය ධර්ම යයි ත්‍රිවිධ අර්ථයෙන් ද, චෛතසික ධර්ම සහ දෙය ධර්ම යයි ද්විධ අර්ථයෙන් ද දාන වේ. එහි යමෙකුගේ චෛතසික ධර්මයම දානයයි දේය ධර්ම දාන නොවේ යයි ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්‍ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චෙතසිකො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති එහුට දේය ධර්ම වශයෙන් චෝදනා කිරීමට ලබ්භා යයි විචාරීම සකවාදියාටය. ආහාරාදිය මෙන් එය දිය නොහැකි යයි ප්‍රතික්‍ෂේපය පරවාදියාටය. නැවත දැඩිකොට විචාරණ ලද්දේ අභයං දෙති යන සූත්‍රය වශයෙන් ප්‍රතිඥාව ඔහුටමය. ඵස්ස ප්‍රශ්නාදියෙහි වනාහි ඵස්සං දෙති යන ව්‍යවහාරය නොදක්නේ ප්‍රතික්‍ෂිප්තය.
අනිට්ඨඵලං ආදිය අචේසික ධර්මයන්ට දාන භාවය දැක්වීමට කියන ලදී. අචේසික වූ ආහාරාදි දානය අනාගතයේ විපාක නොදේ. ඉෂ්ටඵල භව නියමය මෙයින් කියන ලදී. මෙහි අදහස මෙසේය. ඉදින් අචේතසික වූ ආහාර දානයක් වන්නේ ද හීන සිතින් අනිෂ්ට වූ කාන්ත නොවූ මේ දෙන්නහුට කොසඹ බීජාදියෙන් මෙන් අනිෂ්ට වූ ම පල උපදවන්නේය. යම්හෙයකින් වනාහි මෙහි දියුණුව පැතිරවූ චාග චේතනාවෙන් දුන් දානය දේය ධර්ම අනිෂ්ඨ වුව ද ඉෂ්ට පලම වේ.