55. නිරෝධ සමාපත්ති කථා
දැන් නිරෝධ සමාපත්ති කථා නම් වේ. එහි නිරෝධ සමාපත්ති යනු ස්කන්ධ සතරේ නො පැවැත්මය. යම්හෙයකින් වනාහි එය කරනු ලබන්නේ කරයි. සමවදිනු ලබන්නේ සමවදියි. එහෙයින් නිෂ්පන්න යයි කියනු ලැබේ. සංඛත අසංඛත ලක්ෂණවල අභාවයෙන් සංඛත යයි හෝ අසංඛත යයි හෝ නොකිව යුතුය. එහි යමෙකුගේ යම් සංඛතයක් නොවේ. එහෙයින් අසංඛත යයි ලබ්ධිය වේ. අන්ධකයන්ගේ සහ උත්තරාපථයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා නිරොධ සමාපත්ති යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව ඉතිරි අයටය. උප්පාදෙන්ති යනාදි සමවදින ප්රතිලාභ වශයෙන්ම කියන ලදී. යම්සේ වනාහි රූපාදිය සංඛත ධර්ම උපදවයි. එසේ එය වෙන කිසිවෙක් නූපදවයි. නිරොධා වොදානං වුට්ඨානං යයි ඵල සමාපත්ති දතයුතුය. අසංඛතවල එය නැත්තේමය. එනිසා ප්රතික්ෂේප කරයි. තෙනහී යයි යම්හෙයකින් සංඛත නොවේ. එහෙයින් අසංඛත යයි ලබ්ධි වේ. මෙය වනාහි අසංඛත භාවයෙහි හේතු නොවේ යයි කියන ලද නමුත් නොකියන ලද්දට සමාන විය.
56. ආකාස කථා
දැන් ආකාස කථා නම් වේ. එහි පරිච්ඡෙද, වසයෙන් ආකාස තුනක් දක්වයි. පරිච්ඡේදාකාස, කසිණුග්ඝාටි ආකාස, අජටාකාශ, යනුවෙන් හිස් අවකාස යනු ඊටම නමකි. ඒවායින් පරිච්ඡේද ආකාසය සංඛතය. ඉතිරි දෙක පැණවුම් මාත්රයකි. ඒ දෙකේම සංඛත නැති නිසා අසංඛත යයි ලබ්ධි වේ. උත්තරාපථයන්ගේ සහ මහිංසාසකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ආකාසො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස පැහැදිලිය.
57. ආකාස සනිදස්සන කථා
දැන් ආකාස සනිදස්සන කථා නම් වේ. එහි යමෙකුගේ කෙසි සිදුරුවල ඤාණය පැවතීම නිසා සියළු අජටාකාසය සනිදස්සන යයි ලබ්ධි වේ. අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ආකාසො සනිදස්සනො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහු ඉදින් සනිදර්ශන වේද? මේ ආකාරයට වන්නේ යයි චෝදනාව පිණිස රූපං යනාදිය කියන ලදී. චක්ඛුඤ්ච පටිච්ඡ යන ප්රශ්නවල මෙබඳු වූ සූත්රයක අභාවයෙන් ප්රතික්ෂේප කොට සමාන කිරීම් ආදියේ අවබෝධය නිසා පිළිගනී. ද්වින්නං රුක්ඛානං අන්තරං යයි මෙහි ගසේ රූපය ඇසින් දැක අතරෙහි රූප අභාවයෙන් ආකාසයයි මනෝද්වාර විඤ්ඤාණය උපදී. චක්ඛු විඤ්ඤාණය නොවේ. සෙස්සෙහි ද මෙම නයයි. එනිසා මෙය සාධක නොවේ.
58. පඨවි ධාතු කථා
දැන් පඨවි ධාතු සනිදස්සන යනාදි කථා නම් වේ. එහි යමෙකුගේ පහණ, දියරැලි, ගස් චලනය ද පසිඳුරන් පිහිටි ආකාසය ද වර්ණ ආයතනයද කාය විඥප්ති කාලයෙහි අත් පා ආදි රූප දැක පඨවි ධාතු ආදිය සනිදර්ශන යයි ලබ්ධි වේ. අන්ධකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා සියළු කථාවල මුලින් විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. සෙසු සියළු තැන පෙළ අනුසාරයෙන් ද යට කියන ලද නයින් ද දතයුතුය. පඨවි ධාතු සනිදර්ශනය ආදිකොට කාය කර්මය සන්දර්ශනය අවසාන කථා වේ.
7. සත්වන වර්ගය
59. සංගහිත කථා
දැන් සංගහිත කථා නම් වේ. එහි දාමාදියෙන් (දම්වැල් කඹ ආදිය) බලිවර්දයන් (ගොනුන්) මෙන් කිසියම් ධර්මවලින් කිසියම් ධර්මයක් සංගෘහීත නොවේ. එහෙයින් කිසියම් ධර්මවලින් සංගෘහිත කිසියම් ධර්මයක් නැත. මෙසේ ඇති කල්හි ‘එක් විධියකින් රූප සංග්රහය’ යනු නිරර්ථකයයි යමෙකුගේ ලබ්ධිය වේ. රාජගිරිකයන්ගේ සහ සිද්ධාර්ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා වෙනත් අර්ථයකින් සංග්රහභාවය දැක්වීමට විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්රතිඥාව පරවාදියාටය. දැන් සංග්රහ ලබන අර්ථය දැක්වීමට නනු අත්ථි කෙචි ධම්මො යනාදිය අරඹන ලදී. ඒ සියල්ල යට කියන ලද නයින් නොගැඹුරු වේ. පරවාදියා විසින් ලබ්ධිය පිහිටුවීම සඳහා යථා දමෙන වා යනාදි උපමා ගෙනෙන ලදී. සකවාදියා විසින් ඊට අසතුටුව ප්රතික්ෂේප නොකොට හඤ්චි දාමෙන වා යයි ඔහුගේ ලබ්ධිය බිඳින ලදැයි දතයුතුය. මෙහි අර්ථය මෙසේය. ඉදින් ඔබගේ දාමාදියෙන් බලිවර්දයන් සංගෘහිත (දම්වැල් ආදියෙන් ගොනුන් බඳීනම්) වේ නම් කිසියම් ධර්මවලින් කිසියම් ධර්මයක් සංගෘහිත වේමය.
60. සම්පයුත්ත කථා
දැන් සම්පයුත්ත කථා නම් වේ. එහි යම්හෙයකින් කලෙහි තෙල් මෙන් වේදනාදිය සංඥාදියෙහි ඇතුළත් වී නැත. එහෙයින් කිසි ධර්මයක් කිසියම් ධර්මවලින් යුක්ත වී නැත. මෙසේ පවතින විට, ඤාණ සම්පයුක්ත යනාදිය අරුත් සුන් වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අනිත් අර්ථයකින්ම සම්ප්රයුක්තය දැක්වීමට විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස යට කියන ලද නයින් දතයුතුය. පරවාදියා විසින් තලෙහි තෙල් උපමා ප්රශ්නය ගෙනෙන ලදී. එය වේදනා සඤ්ඤා මෙන් තල තෙල් ලක්ෂණයෙන් වෙනස්ය. සමාන නැත. තෙල් වෙන්කළ පසු තල යයි දෙයක් නැත. එනිසා උපමාව නොගෙනෙන ලද මෙනි.