48. අනාගත ඤාණ කථා
දැන් අනාගත ඤාණ කථා නම් වේ. එහි අනාගත නම් අතර ද අතරක් නැතිවද ඇත. ඒවායින් අතරක් නැති තැන ඒකාන්තයෙන් අතරෙහි මෙන් ඤාණයක් නැත. එක් චිත්ත වීථියක ජවන අතරද එසේය. එහි ඇතමෙක් සියළු තන්හි අනාගත ඤාණයක් කැමති වෙති. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට ඔබගේ අනාගතයෙහි යම් ඤාණයක්, කිම එයින් අතරක් නැති අනාගතය මූලාදි වශයෙන් දන්නේදැයි චෝදනා කිරීමට අනාගතං මූලතො යනාදීය කීය. එහි මූලතො ආදි සියල්ල කරුණු යන්නට සමාන වචන වේ. කරුණුවලින් තමාගේ යම් ඵලයක් කරයිද එය එහි මුල්වෙයි. පිහිටයි යනු මූලයයි. එයින් ද එය හීනයයි පවත්වයි යනු හේතු වේ. එයින් එය තබයි. ඒයි එය ගන්න යයි ගෙන යනු ලබයි යනු නිදාන වේ. එයින් එය ආරම්භ වෙයි යනු සම්භව වේ. එයින්ම එය ගනියි යනු ආහාර වේ. එයින් එය උදාවෙයි යනු සමුදය වේ යයි කියනු ලැබේ. යම්හෙයින් අනන්තර සිත මේ ආකාරයෙන් දැනගැනීමට නොහැකිය. එහෙයින් න හෙචං යයි ප්‍රතික්‍ෂේප කරයි. අනාගතං හෙතුප්පච්චයං යයි අනන්තර අනාගත සිතෙහි යම් හේතු ප්‍රත්‍යතාවක් වේ නම් එය දනීද? එහි යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් වේ නම් එය දනීද යන අර්ථයයි. සෙසු පදවලද මෙම නයයි. ගොත්‍රභූනො යනාදිය යම්තැනක අනාගත ඤාණය ඇතිවේද එය ස්වරූප වශයෙන් දැක්වීමට කියන ලදී. පාටලී පුත්තස්ස යන සූත්‍රය යම්තැනක අනාගත ඤාණය පහළවේද එය දැක්වීමට ගෙනෙන ලදී. යම්හෙයකින් වනාහි මේ සියල්ල අනාගත ඤාණයට සාධක නොවේ. එනිසා නොගෙනෙන ලද්දේමය.
49. පච්චුප්පන්න ඤාණකථා
දැන් පච්චුප්පන්න ඤාණ කථා නම් වේ. එහි ඇතැම් අයගේ සියළු සංස්කාරවල අනිත්‍ය වශයෙන්, දෘෂ්ටිවල ඤාණය ද අනිත්‍ය වශයෙන් දක්නා ලදැයි වචනය නිසා අවිශේෂයෙන් වර්තමාන ඤාණය ඇතැයි ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා පච්චුප්පන්නෙ යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහු ඉදින් අවිශේෂයෙන් වර්තමාන ඤාණය ඇත. ක්‍ෂණ වර්තමානයෙහි ද එය විය යුතුය. මෙසේ ඇති කල්හි ඤාණ දෙකක් එකවිට නොවීමෙන් ඒ ඤාණයෙන්ම එය දතයුතු වේ යයි චෝදනා පිණිස තෙන යන අනුයෝගය සකවාදියාටය. පිළිවෙළින් විනාශය දකින්නේ භංගානුපස්සනාවෙන්ම භංගානුපස්සනා ඤාණය බලයි යන අදහස වේ. තෙන ඤාණෙන තං ඤාණං ජානාති යනාදියෙහි ද මෙම නයම වේ. තෙන ඵස්සෙන තං ඵස්සං යනාදිය ඔහුට පොඩි ඉඩක්වත් නොදීමට කියන ලදී. මෙයින් වනාහි යම් ලබ්ධි පිහිටුවීමක් සඳහා නනු සබ්බ සංඛාරෙ ආදිය කියන ලදී. එහි නය වශයෙන් ඒ ඤාණය දකින ලද්දේ වේ. අරමුණු අදහසින් යයි ප්‍රතිඥාව සකවාදියාට නොවේ. එහෙයින් මෙසේ ඔහුගේ පිහිටි ලබ්ධිය ද නොපිහිටන ලද්දේම වේ.
50. ඵලෙ ඤාණ කථා
දැන් ඵල ඤාණ කථා නම් වේ. එහි බුදුවරයෝ ද සත්ත්වයින්ගේ ආර්යඵල ප්‍රාප්තිය සඳහා දහම් දෙසති. ශ්‍රාවකයෝ ද එසේ දේශනා කරති. මෙසේ මේ සමානකමින් බුදුවරුන්ගේ මෙන් ශ්‍රාවකයන්ගේ ද ඒ ඒ සතුන් පැමිණවිය යුතු ඵලයෙහි ඤාණය ඇතැයි ඇතමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා සාවකස්ස යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට ඉදින් ශ්‍රාවකයාගේ ඵලයෙහි ඤාණය ඇතැයි, බුදුවරුන් මෙන් සමාන වේ නම්, සෝවාන් පලයෙහි, තමාගේ ඤාණ බලයෙන් මේ ඒකබීජිය, මේ කෝලංකෝලය, මේ සත්තක්‍ඛත්තුපරම යයි ඔහුගේ පලාවබෝධය පනවන්නාහ. කිම ඔබගේ ශ්‍රාවකාය ද යයි චෝදනා පිණිස සාවකො ඵලස්සකතං පඤ්ඤාපෙති යයි කීය. පරවාදියා ප්‍රතික්‍ෂේප කරයි.
අත්‍ථි සාවකස්ස ඵලපරොපරියත්ති යනාදි ඵලයෙහි ඤාණය ඇති බව ප්‍රත්‍ය විචාරීම සඳහා කියන ලදී. මෙහි අදහස මෙසේය. බුදුවරුන්ගේ මේ ඵලය හීනය. මේ ඵලය පළමුවය. මෙසේ ඵලයන්ගේ උසස් පහත්භාවය දැනීම් සංඛ්‍යාත ඵලයෙහි පරොපරියත්ති නම් නුවණක් ඇත. එසේ ඉන්‍ද්‍රිය, පුග්ගල පරොපරියත්ති උන්වහන්සේලාට ඇති බැවින් ඒ ඒ පුද්ගලයන්ගේ ඒ ඒ ඉන්‍ද්‍රිය වශයෙන් ඒ ඒ ඵල දනිති. කිම ඔබගේ ශ්‍රාවකයාට ද මේ පරොපරියත්ති තිබේද?