46. පටිසම්භිදා කථා
දැන් පටිසම්භිදා කථා නම් වේ. එහි යමෙකුගේ ආර්යයන්ගේ සියළු ඤාණම ලෝකෝත්තර යයි ගෙන සියළු ඤාණය ප්රතිසම්භිදාව යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. සම්මුති ඤාණ ප්රශ්නවල පඨවි කසිණ සම්මුතිය සමාපත්ති ඤාණය සඳහා ප්රතික්ෂේප කරයි. නිරුක්ති ඤාණය සඳහා පිළිගනී. යෙ කෙචි සම්මුතිං යන ප්රශ්නයේ පෘථග්ජනයන් සඳහා ප්රතික්ෂේප කරයි. චෙතොපරිය (අනුන් සිත් දන්න නුවණ) සඳහා ප්රතික්ෂේප කරයි. ආර්යයාගේ ඤාණය සඳහා පිළිගනී. සබ්බා පඤ්ඤා යන ප්රශ්නවල කසිණ සමාපත්ති ප්රඥාව සඳහා ප්රතික්ෂේප කරයි. ලෝකෝත්තරය සඳහා පිළිගනී. පඨවි කසිණ සමාපත්තිං යනාදි මේවායේ මෙපමණක යම් ප්රඥාවක්, කිම ඒ සියල්ල පටිසම්භිදා දැයි විචාරීම සඳහා කියන ලදී. තෙන හි සබ්බං ඤාණං යම්හෙයකින් සියළු ලෝකෝත්තර ප්රඥාව ප්රතිසම්භිදා වේ. එහෙයින් සියල්ල යන වචනය ශ්රමණ ඵල සමග පිහිටුවයි.
47. සම්මුති ඤාණ කථා
දැන් සම්මුති ඤාණ කථා නම් වේ. එහි සම්මුති පරමාර්ථ වශයෙන් සත්ය දෙකකි. යමෙක් වනාහි මෙසේ විභාග නොකොට සත්යය යන වචන සමානකමින් සම්මුති ඤාණය ද සත්ය අරමුණමයි කියති. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔව්හු අයුක්ති වාදීහු යයි ඔවුන්ගේ වාද විශෝධනය සඳහා මේ කථා ආරම්භ කරන ලදී. එහි න වත්තබ්බං යන විචාරීම සකවාදියාටය. පරමාර්ථ සත්ය සඳහා ප්රතිඥාව සකවාදියාටය. සම්මුති සච්චම්හි යයි සත්යයෙහි සම්මුතිය ඇතුළු වූ ප්රථමාවෙහි ආධාර විභක්තිය. සම්මුති සත්යය යන අර්ථයයි. සම්මුති ඤාණං සච්චාරම්මණඤ්ඤෙව යන විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ඉන්පසු ඉදින් ඔහු එය අවශේෂයෙන් සත්ය අරමුණම යයි ද ඒ ඤාණයෙන් දුක් අවබෝධ ආදිය කරන්නේ දැයි චෝදනා කිරීමට තෙන ඤාණෙන යනාදිය කීය.
චිත්තාරම්මණ කථා
දැන් චිත්තාරම්මණ කථා නම් වේ. එහි චේතොපරියායෙහි ඤාණය යයි වචනය පමණක් ගෙන ඒ ඤාණය චිත්තාරම්මණම යයි යම් අයගේ ලබ්ධිය වේ. යම්සේ දැන් අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති සරාගාදි වශයෙන් වූ ඔහුගේ සිත යමෙක් දැනගනී. ඔහුට රාගාදිය ද අරමුණු වේ. එනිසා නොකිව යුතුය. චිත්තාරම්මණ යයි එය චෝදනා කිරීමට නනු අත්ථි කොචි යනාදිය ඇරඹීය. ඵස්සාරම්මණෙ යනු ස්පර්ශ සංඛ්යාත අරමුණෙහි වෙදනා රම්මණෙ ආදියෙහි ද මේ නයම වේ. නැවත ඵස්සාරම්මණෙ ඤාණං න වත්තබ්බං යයි විචාරණ ලද්දේ ස්පර්ශයේ ස්පර්ශ ලක්ෂණය මෙනෙහි කරන්නාට ස්පර්ශ අරමුණ වේ යයි දැනගනී. මෙය කිම ඵස්ස පරියායෙ ඤාණං යයි විචාරණ ලද්දේ එබඳු වූ සූත්ර පදවල අභාවයෙන් ප්රතික්ෂේප කරයි. වේදනාදියෙහි ද මෙම නයයි. දැන් යමක් නිසා ලබ්ධිය වේද එයම දක්වා ලබ්ධිය පිහිටුවීමට නනු චෙතො පරියාය ඤාණං යයි කීය. එය වනාහි වචන මාත්රයෙන් පමණක් පිහිටියේ ද නො පිහිටියේම වේ.
48. අනාගත ඤාණ කථා
දැන් අනාගත ඤාණ කථා නම් වේ. එහි අනාගත නම් අතර ද අතරක් නැතිවද ඇත. ඒවායින් අතරක් නැති තැන ඒකාන්තයෙන් අතරෙහි මෙන් ඤාණයක් නැත. එක් චිත්ත වීථියක ජවන අතරද එසේය. එහි ඇතමෙක් සියළු තන්හි අනාගත ඤාණයක් කැමති වෙති. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට ඔබගේ අනාගතයෙහි යම් ඤාණයක්, කිම එයින් අතරක් නැති අනාගතය මූලාදි වශයෙන් දන්නේදැයි චෝදනා කිරීමට අනාගතං මූලතො යනාදීය කීය. එහි මූලතො ආදි සියල්ල කරුණු යන්නට සමාන වචන වේ. කරුණුවලින් තමාගේ යම් ඵලයක් කරයිද එය එහි මුල්වෙයි. පිහිටයි යනු මූලයයි. එයින් ද එය හීනයයි පවත්වයි යනු හේතු වේ. එයින් එය තබයි. ඒයි එය ගන්න යයි ගෙන යනු ලබයි යනු නිදාන වේ. එයින් එය ආරම්භ වෙයි යනු සම්භව වේ. එයින්ම එය ගනියි යනු ආහාර වේ. එයින් එය උදාවෙයි යනු සමුදය වේ යයි කියනු ලැබේ. යම්හෙයින් අනන්තර සිත මේ ආකාරයෙන් දැනගැනීමට නොහැකිය. එහෙයින් න හෙචං යයි ප්රතික්ෂේප කරයි. අනාගතං හෙතුප්පච්චයං යයි අනන්තර අනාගත සිතෙහි යම් හේතු ප්රත්යතාවක් වේ නම් එය දනීද? එහි යම් ධර්මයක් හේතු ප්රත්යයෙන් වේ නම් එය දනීද යන අර්ථයයි. සෙසු පදවලද මෙම නයයි. ගොත්රභූනො යනාදිය යම්තැනක අනාගත ඤාණය ඇතිවේද එය ස්වරූප වශයෙන් දැක්වීමට කියන ලදී. පාටලී පුත්තස්ස යන සූත්රය යම්තැනක අනාගත ඤාණය පහළවේද එය දැක්වීමට ගෙනෙන ලදී. යම්හෙයකින් වනාහි මේ සියල්ල අනාගත ඤාණයට සාධක නොවේ. එනිසා නොගෙනෙන ලද්දේමය.