43. අසෙක්‍ඛ කථා
දැන් අසෙක්‍ඛ කථා නම් වේ. එහි යම්හෙයකින් ආනන්ද ස්ථවිරාදීහු සේකයහ. ‘භාග්‍යවතුන් වහන්සේ උදාරය’ ආදි නයින් අසේක යයි දැනගනිති. නිසා සේකයන්ට අසේක ඤාණය ඇතැයි යම් අයගේ ලබ්ධිය, යම්සේ උත්තරාපථකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරිම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ජානාති පස්සති යන මෙය තමා විසින් හදාළ දැනීම් වශයෙන් කියන ලදී. ගොත්‍රභූතො යනාදිය යටම භූමියේ සිටියහුට ඉහළ ඉහළ ඤාණයේ අභාවය දැක්වීම සඳහා කියන ලදී. නනු ආයස්මා ආනන්‍දො සෙක්‍ඛො උළාරො භගවාති ජානාති යයි පරවාදියා අශෛක්‍ෂයන් භාග්‍යවතුන් කෙරෙහි පැවතෙන බව යන එය අසේක ඤාණ යයි කැමති වේ. මෙය අසේක නොවේ. එසේ හෙයින් මෙසේ පිහිටි ලබ්ධිය නොපිහිටියා මෙනි.
44. විපරීත කථා
දැන් විපරීත කථා වේ. එහි යමෙක් මේ පඨවි කසිනයෙහි පඨවි යන සංඥාවට පැමිණේ. ඔහුගේ ඒ ඤාණය විපරිත ඤාණයකියි යමෙකුගේ ලබ්ධියයි. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. පඨවිය නිසා උපන් නිමිත්තෙහි පඨවි නොමැත්තේමය. එහිද මේ පඨවි සංඥාව ඇතැයි යන විපරීත ඤාණය මෙය යනු ඔහුගේ අදහසයි. එයින් සකවාදියා ලක්‍ෂණ පඨවි, සසම්භාර පඨවි, නිමිත්ත පඨවි, පඨවි දෙවියෝ ද යන සියල්ල පඨවිමය. ඒවා කෙරෙහි පඨවි යන ඤාණය විපරීත ඤාණය නොවේ. අනිත්‍යයෙහි නිත්‍යයයි ආදි විපර්යාස වනාහි විපරීත ඤාණ නම් වේ. කිම ඔහුට මේවායින් එක්තරා එකකින් චෝදනා කිරීමට අනිච්චෙ නිච්චං යනාදිය කීය. පරවාදියා විපර්යාස ලක්‍ෂණ අභාවය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. පඨවි නිමිත්ත පිණිස පිළිගනී.
කුසලං යනු ශෛක්‍ෂ පෘථග්ජනයින්ගේ ඤාණය සඳහා කියන ලදී. අත්‍ථි අරහතො යන ප්‍රශ්නයෙහි විපර්යාස ලක්‍ෂණ අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. පඨවි නිමිත්ත සඳහා පිළිගනී. සබ්බෙව පඨවි හොති ඒ සියළු පඨවි කසිණය ලක්‍ෂණ පඨවියම වේදැයි විචාරයි. සකවාදියා එසේ නොවීමෙන් ප්‍රතික්‍ෂේප කරයි. නනු පඨවි අත්‍ථි අත්‍ථි ච කොචි පඨවිං පඨවිතො සමාපජ්ජති යන විචාරීම සකවාදියාටය. එහි අර්ථය: නිමිත්ත පඨවිය ඇත නේද? පඨවියෙන්ම කිසියම් පඨවියක් ඇත්තේද? සමවදී. වැගිරීමෙන් හෝ උෂ්ණයෙන් හෝ නොවේ. පඨවි අත්‍ථි යනාදිය ඉදින් යම්සේ යමක් ඇත්ද, එයද සමවදින්නාට සියළු විපර්යාස සමූලඝාතනය කරන මාර්ග ඤාණයද ඔබට විපරීතදැයි දැක්වීමට කියන ලදී.
45. නියාමක කථා
දැන් නියාමක කථා නම් වේ. එහි යම් පුද්ගලයෙක් නිවැරදි නියම පිළිවෙළින් බැසගන්නේය. එය සුදුසුය. මේ ධර්මය අවබෝධ කරගැනීමට නියම පිළිවෙළින් නොවූ පෘථග්ජනයාවම යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ දනීද එහෙයින් සිහි පුද්ගලයාව නියම පිළිවෙළින් ඤාණය ඇතැයි ඇතමෙකු මේ ලබ්ධිය දරයි. යම්සේ දැන් උත්තරාපථකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අනියතිස්සා යැයි විචාරීම සකවාදියාටය. එහි නියාමගමනාය යනු පිළිවෙළ මාර්ගය කියනු ලැබේ. මාර්ගගමනය සඳහා මාර්ගයට බැසගැනීම සඳහා යන අර්ථය වේ.
ඔහුගේ යම් ඤාණයක් දැක බුදුහිමි මේතෙමේ සුදුසු යයි දැනගනී. ඒ සඳහා ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති සකවාදියා අයුක්තිවාදයයි ඔහුට දැක්වීමට නියතස්සා යයි විපරීත අනුයෝගය කීය. එහි පළමු ප්‍රශ්නයෙහි නියත වූ පුද්ගලයාට අනියාගමනය පිණිස ඤාණයක් නම් නැතැයි ප්‍රතික්‍ෂේප කරයි. දෙවැන්නෙහි නැති බැවින් පිළිගනියි. තුන්වැන්නෙහි අනියතයාගේ නැත්දැයි විචාරන ලද්දේ ලබ්ධි විරෝධයෙන් ප්‍රතික්‍ෂේප කරයි. නැවත පළමු ප්‍රශ්නයට සතරවැන්න කොට නියතයේ නියාම ගමනාදි වශයෙන් ප්‍රශ්න තුනක් කරන ලදී. ඒවායින් පළමුවැන්නෙහි යම්හෙයකින් ආදී මගින් නියතයේ නැවත එම අරුත සඳහා ඤාණය නැත. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. දෙවැන්නෙහි නැති බැවින්ම පිළිගනී. තෙවැන්නෙහි ලබ්ධි විරෝධයෙන්ම ප්‍රතික්‍ෂේප කරයි. නැවත පළමු ප්‍රශ්නය අටවැනිකොට අනියතයේ අනියාගමන වශයෙන් ප්‍රශ්න තුනක් කරන ලදී. ඒවායේ අරුත් කියන ලද නයින්ම දතයුතුය. නැවත පළමු ප්‍රශ්නයම දොළොස්වැන්න කොට එය මූලිකව අත්‍ථි නියාමො යනාදි ප්‍රශ්න කරන ලදී. එහි යම්හෙයකින් නියාමගමන පිණිස ඤාණය නම් මාර්ග ඤාණයම වේ. එහෙයින් ඒ සඳහා අත්‍ථි නියාමො යයි කියන ලදී. අනිත් තැනැත්තා වනාහි නියත යයි කී කල්හි ප්‍රතික්‍ෂේප කරයි. ඤාණ යයි කී කල්හි පිළිගනී. සතිපට්ඨානාදියෙහි ද මෙම නයම වේ. ගොත්‍රභූනො යනාදිය යමකින් යමකට නො පැමිණියේද එහි එය නැතැයි දැක්වීම සඳහා කියන ලදී. භගවා ජානාති යයි තමාගේ ඤාණ බලයෙන් දනියි. උන්වහන්සේගේ නියාම ගමන ඤාණ ස්වභාවයෙන් නොවේ. එහෙයින් මෙම කාරණයෙන් පිහිටන ලද ඔහුගේ ලබ්ධිය නොපිහිටියේ වේමය.
46. පටිසම්භිදා කථා
දැන් පටිසම්භිදා කථා නම් වේ. එහි යමෙකුගේ ආර්යයන්ගේ සියළු ඤාණම ලෝකෝත්තර යයි ගෙන සියළු ඤාණය ප්‍රතිසම්භිදාව යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. සම්මුති ඤාණ ප්‍රශ්නවල පඨවි කසිණ සම්මුතිය සමාපත්ති ඤාණය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. නිරුක්ති ඤාණය සඳහා පිළිගනී. යෙ කෙචි සම්මුතිං යන ප්‍රශ්නයේ පෘථග්ජනයන් සඳහා ප්‍රතික්‍ෂේප කරයි. චෙතොපරිය (අනුන් සිත් දන්න නුවණ) සඳහා ප්‍රතික්‍ෂේප කරයි. ආර්යයාගේ ඤාණය සඳහා පිළිගනී. සබ්බා පඤ්ඤා යන ප්‍රශ්නවල කසිණ සමාපත්ති ප්‍රඥාව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. ලෝකෝත්තරය සඳහා පිළිගනී. පඨවි කසිණ සමාපත්තිං යනාදි මේවායේ මෙපමණක යම් ප්‍රඥාවක්, කිම ඒ සියල්ල පටිසම්භිදා දැයි විචාරීම සඳහා කියන ලදී. තෙන හි සබ්බං ඤාණං යම්හෙයකින් සියළු ලෝකෝත්තර ප්‍රඥාව ප්‍රතිසම්භිදා වේ. එහෙයින් සියල්ල යන වචනය ශ්‍රමණ ඵල සමග පිහිටුවයි.