37. බොධියා බුද්ධොති කථා
දැන් බෝධිය බුද්ධ යයි කථා නම් වේ. එහි බෝධි යනු සතර මාර්ග ඤාණයට ද සර්වඥතා ඤාණයට ද පර්යාය නමකි. යම්සේ සුදු වර්ණයෙන් සුදුය. කළු වර්ණයෙන් කළුය. එහෙයින් මෙසේ බෝධිය බුද්ධ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීමද අනුයෝගය ද සකවාදියාගේය. ප්රතිඥාවද ප්රතික්ෂේපයද අනෙකාගේය.
අතීතායා පනයෙහි ඒ කෂණයෙහි අභාවයෙන් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ ප්රතිලාභය සඳහා පිළිගනී. නැවත කෘත්ය වශයෙන් විචාළේ කෘත්යභාවයෙන් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ එහෙයින් එයින් යම් කළයුතු දෙයක් කරන ලදී. එහි මුළාබව පිළිගනී. සුළු ඉඩක්වත් නොදී දුක්ඛං පටිජානාති ආදි නයින් විචාළේ ඒ කෘත්යයේ අභාවයෙන් ප්රතික්ෂේප කරයි.
දෙවනුව විචාළේ ‘ගියෝ රැස්ගහ බුදුහු’ යයි අනාගතයෙහි බෝධියේ බුදුබව සිතන්නේ පිළිගනී. බොධි කරණීයං කරොති යයි විචාළේ ඒ ක්ෂණයෙහි කෘත්යතාවයෙන් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ ඉදින් නො කරන්නේ නම් බුද්ධ යයි නො කියනු ලබන්නේය. යම්සේ අවශ්ය දේ කරන්නේය. එහෙයින් කෙරේ යයි පිළිගනී. නැවත සුළු ඉඩක්වත් නොදී විචාරණ ලද්දේ ප්රතික්ෂේප කරයි. වර්තමාන ප්රශ්නය සැසඳීම සමග පැහැදිලි අර්ථ වේ.
තුන්බෝධිය එකක් කොට විචාරණ ලද්දේ සර්වඥතා ඤාණය සඳහා තුනම බුද්ධ යයි කිවයුතු බැවින් පිළිගනී. නැවත තුනෙන්ම විචාරණ ලද්දේ සියල්ලම ඒක ක්ෂණයෙහි නොවීමෙන් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ අතීත අනාගත වර්තමාන සර්වඥතා ඤාණය වශයෙන් පිළිගනී. නැවත සුළු අවකාශයක්වත් නොදී සත්තං සමිතං යයි විචාරන ලද්දේ ප්රතික්ෂේප කරයි.
න වත්තබ්බං බොධියා යයි විචාරීම පරවාදියාටය. දැන් ඔහුගේ නොසැලකීම ප්රකට කිරීමට තත්ර බොධිපටිලාභා යන ප්රශ්නයෙහි යමෙකුගේ සිතෙහි බෝධි සංඛ්යාත මාර්ග ඤාණය ඉපදෙනවිට බුද්ධ යන සම්මති ස්වභාවයෙන් පිළිගැනීම වේ. ඔහුගේ අදහස නොදැන හඤ්චි යයි ලබ්ධිය තැබීම පරවාදියාගේය. දැන් ඔහුගේ නොසැලකීම ප්රකට කිරීමට බොධිපටිලාභා බුද්ධොති බොධියා බුද්ධොති විචාරීම සකවාදියාටය. එහි අර්ථය : කිම ඔබගේ යම්හෙයකින් බෝධි ප්රතිලාභය බුද්ධ වේ. එහෙයින් බෝධිය බුද්ධ වේද? පරවාදියා බෝධි ප්රතිලාභය (සත්යාවබෝධය) නම් බෝධියෙන් ඉපිද නිරුද්ධ වේ. සන්තානයෙහි (සිතෙහි) උපන්බවට වේ. බෝධි නම් මාර්ග ක්ෂණයෙහි ඤාණයයි. මේ විභාගය නොසලකන්නේ නැවත පිළිගනී. එයින් සකවාදියා විසින් බොධිපටිලාභා බොධි යයි විචාළේ වචනයට අවකාශයක් නොලබන්නේ ප්රතික්ෂේප කරයි.
මෙසේ මේ කථා තුනම උත්තරාපථකයන්ගේය.
38. ලක්ඛණ කථා
දැන් ලක්ෂණ කථා නම් වේ. එහි යමකින් සමන්නාගත වූ මහා පුරුෂයකුගේ ගති දෙකක් වේ. මේ සූත්රය වැරදියට ගෙන ලක්ෂණවලින් යුක්ත වූයේ බෝධිසත්ත්වයන් වහන්සේම යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ දැන් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ඇසීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය.
චක්කවත්ති සත්තො යයි ප්රශ්නවල යම්හෙයකින් චක්රවර්ති සත්ත්වයා බෝධි සත්ත්වයා ද ඇත. අබෝධි සත්ත්වයාද ඇත. එනිසා අබෝධි සත්ත්වයා සඳහා ප්රතික්ෂේප කරයි. බෝධිසත්ත්වයා සඳහා පිළිගනී.
ද්වත්තිංසිමානි යන සූත්රය බෝධිසත්ත්වයා සඳහාම කියන ලදී. හෙතෙමේ ද පශ්චිම භවයෙහි බුදු වේ. ඉතිරි අය කෙරෙහි සක්විති වේ. එහෙයින් ගෙනෙන ලද්ද ද නොගෙනෙන ලද්ද ද සමාන වේමය.
39. නියාමොක්කන්ති කථා
දැන් නියාමොක්කන්ති කථා නම් වේ. එහි යමෙකුගේ ඝටීකාර සූත්රයෙහි ජෝතිපාලගේ පැවිද්ද සඳහා බෝධිසත්ත්වයා කාශ්යප භගවත්හුගේ ධර්මයෙහි බැසගත් නියමය හැසුරුණු බඹසර යයි ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා බොධිසත්තො යයි ඇසීම සකවාදියාගේය. ලබ්ධියෙහි සිට ප්රතිඥාව පරවාදියාගේය. එයින් යමකින් නියමය හෝ බ්රහ්මචර්යාව හෝ ආර්ය මාර්ගයට නමකි. බෝධිසත්ත්වයන්ට පාරමී ඤාණය හැර බැසගැනීමට වෙනත් නියමයක් නම් නැත. ඉදින් වන්නේ නම්, බෝසතාණෝ සෝවාන් ශ්රාවකයෙක් වන්නේය. එසේ නොවේ නම් හුදෙක් බුදුවරු ඔහුට තමාගේ ඤාණ බලයෙහි සිට මේ තෙමේ බුදුවන්නේ යයි ප්රකාශ කරති. එහෙයින් නැවත බොධිසත්තො යයි අනුයෝගය සකවාදියාටය. පශ්චිම භවය සඳහා ප්රතික්ෂේපය පරවාදියාටය. දෙවන ප්රශ්නයෙහි ජෝතිපාල කාලය සඳහා ප්රතිඥාව ඔහුටමය. සාවකො හුත්වා යනාදියෙහිද මෙම නයම වේ. අනුස්සවිකො යනු අනුස්සායෙන් (පරම්පරාවේ ඇසීමෙන්) ප්රතිවේධ කළ ධර්මය. පශ්චිම භවය සඳහා ප්රතික්ෂේප ජෝතිපාල කාලයෙහි අනුස්සය සඳහා පිළිගනී.