35. සමන්නාගත කථා
දැන් සමන්නාගත කථා නම් වේ. එහි වර්තමාන ක්‍ෂණයෙහි සමංගීභාව සමත්වාගමය රූපාවචරාදියෙහි කිසියම් උපතකින් ප්‍රතිලාභ සමන්වාගම යයි සමත්වාගම දෙකකි. හේ අවබෝධය ලබනතුරු නො පිරිහේ. මේ සමත්වාගම දෙක හැර අන්‍ය වූ උත්පත්ති ධර්ම වශයෙන් එන සමත්වාගමයක් ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන්ගේ පැමිණි දහම් යයි කිසිවක් නැතැයි අනුබෝධය සඳහා අරහා චතුහි එලෙහි සමන්නාගතො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඔබගේ රහතුන් ස්කන්‍ධ සතරෙහි මෙන් සතරපලයෙන් යුක්තය. මෙසේ ඇති කල්හි සතර පලයෙහි යම් ස්පර්ශාදිය ඒ රහතුන් එයින් යුක්ත බවට පැමිණෙතැයි චෝදනා පිණිස අරහා චතූහි ඵස්සෙහි යනාදිය අරඹන ලදී. ඒක ක්‍ෂණයෙහි සතර ඵස්සාදීන්ගේ අභාවයෙන් ඒ සියල්ල පරවාදියා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. අනාගාමී ප්‍රශ්නවලද මෙම නයම වේ.
සොතාපත්ති ඵලං වීතිවත්තො ප්‍රථම ධ්‍යානය මෙන් නොව ද්විතීය ධ්‍යානලාභියා නැවත ඉකුත් වේදැයි අසයි. සොතාපත්ති මග්ගං යනාදිය යමක් ඉක්මවන්නේ එයින් නැවත යුක්තදැයි දැක්වීමට අරඹන ලදී.
තෙහිච අපරිහීනො යන ප්‍රශ්නයෙහි යම්හෙයකින් විරුද්ධ හැසිරීමකින් ලෞකික ධ්‍යාන පිරිහේ. ලෝකෝත්තරය එසේ නොවේ. මාර්ගයෙන් කෙලෙස් ප්‍රහීන වේ. ඵලයෙන් සන්සිඳේ. ඒවා එසේ ප්‍රහීන ද සන්සිඳීම ද වේ. එහෙයින් සකවාදිසා එසේ යයි ප්‍රතිඥාතය. අරහතා චත්තාරො මග්ගා පටිලද්ධා ආදියෙහි ප්‍රකාශ විය. සෙස්ස පැහැදිලිය.
36. උපෙක්‍ඛා සමන්නාගත කථා
අරහා ඡහි උපෙක්‍ඛාහි යන කථාවද මේ නයින්ම දතයුතු. රහතන් වහන්සේ දොරවල සයෙහි උපේක්‍ෂාවල උපතින් සුදුසු නිසා ඒවායින් යුක්තයයි කියනු ලැබේ. උත්පත්ති භාවයෙන් සියල්ල එකක්‍ෂණයෙහි නොවේ. සෙස්ස පැහැදිලිය.
37. බොධියා බුද්ධොති කථා
දැන් බෝධිය බුද්ධ යයි කථා නම් වේ. එහි බෝධි යනු සතර මාර්ග ඤාණයට ද සර්වඥතා ඤාණයට ද පර්යාය නමකි. යම්සේ සුදු වර්ණයෙන් සුදුය. කළු වර්ණයෙන් කළුය. එහෙයින් මෙසේ බෝධිය බුද්ධ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීමද අනුයෝගය ද සකවාදියාගේය. ප්‍රතිඥාවද ප්‍රතික්‍ෂේපයද අනෙකාගේය.
අතීතායා පනයෙහි ඒ කෂණයෙහි අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාළේ ප්‍රතිලාභය සඳහා පිළිගනී. නැවත කෘත්‍ය වශයෙන් විචාළේ කෘත්‍යභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාළේ එහෙයින් එයින් යම් කළයුතු දෙයක් කරන ලදී. එහි මුළාබව පිළිගනී. සුළු ඉඩක්වත් නොදී දුක්‍ඛං පටිජානාති ආදි නයින් විචාළේ ඒ කෘත්‍යයේ අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි.
දෙවනුව විචාළේ ‘ගියෝ රැස්ගහ බුදුහු’ යයි අනාගතයෙහි බෝධියේ බුදුබව සිතන්නේ පිළිගනී. බොධි කරණීයං කරොති යයි විචාළේ ඒ ක්‍ෂණයෙහි කෘත්‍යතාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාළේ ඉදින් නො කරන්නේ නම් බුද්ධ යයි නො කියනු ලබන්නේය. යම්සේ අවශ්‍ය දේ කරන්නේය. එහෙයින් කෙරේ යයි පිළිගනී. නැවත සුළු ඉඩක්වත් නොදී විචාරණ ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. වර්තමාන ප්‍රශ්නය සැසඳීම සමග පැහැදිලි අර්ථ වේ.