203. අව්යාකෘත කථා
[missing trans] මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතු. සුපිනගතස්ස චිත්තං අබ්බොහාරිකං යන මෙය පැමිණීම සඳහා කියන ලදී. සුපිනගත වූවහු ප්රාණඝාතාදි වශයෙන් අකුසල සිත් පවතී. වස්තු විකොපනය නැතැයි එහි ආපත්ති පැණවීමට නොහැකි වේ. මෙම කරුණින් ඒ අබ්බොහාරිකය අව්යාකෘත වේ.
204. ආසෙවන පච්චය කථා
දැන් ආසෙවන පච්චය කථා නම් වේ. එහි යම්හෙයකින් සියළු ධර්ම ක්ෂණික වේ. කිසිවක් මොහොතකදු සිට ආසේවන ප්රත්යයෙන් ආසේවනය වන දහමක් නැත. එහෙයින් කිසි ආසේවන ප්රත්යයෙක් නැත. ආසේවන ප්රත්යයෙන් උපන් කිසි දහමක් නැතැයි යමෙකුගේ ලබ්ධි වේ. යම්සේ ඔවුන්ගේමය. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සූත්ර වසයෙන්ම දැනවීමට නනු වුත්තං භගවතා පාණාතිපාතො යනාදිය ගෙනෙන ලදී. ඒ සියල්ල පැහැදිලිය.
205. ඛණික කථා
දැන් ක්ෂණික කථා නම් වේ. එහි යම්හෙයකින් සියළු සංඛත දහම් අනිත්ය වේ. එහෙයින් ඒක චිත්ත ක්ෂණිකමය. සමාන අනිත්යයෙන් එක් දහමක් වහා බිඳේ. එක් දහමක් කලක් පැවත බිඳේ. මෙහි නියමය කුමක්දැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලිය අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා එක චිත්තක්ඛණිකා යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. චිත්තෙ මහා පඨවි යනාදියෙහි ඒවායේ එබඳු සටහන් නොදක්නේ ප්රතික්ෂේප කරයි. චක්ඛායතනං යනාදිය ඉදින් සියල්ල ඒක ක්ෂණික වන්නේ නම් චක්ඛායතනාදිය චක්ඛු විඤ්ඤාණාදිය සමග ඉපදී නිරුද්ධ වන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා මව්කුසට ගියහුගේ විඤ්ඤාණ උත්පත්තිය සඳහා ප්රතික්ෂේප කරයි. පැවතීම සඳහා ලබ්ධි වශයෙන් පිළිගනී. මෙහි සෙස්ස පැහැදිලිය. තෙනහි එකචිත්තක්ඛණිකා යයි යම්හෙයකින් නිත්ය වේද එහෙයින් ඒක චිත්ත ක්ෂණිකයයි තමාගේ රුචියෙන් හේතු කියයි. එය නොකියන ලද සමාන වේමය.
දෙවිසි වැනි වර්ගය නිමියේය.
23. විසිතුන් වැනි වර්ගය
206. එකාධිප්පාය කථා
දැන් එකාධිප්පාය කථා නම් වේ. එහි කරුණාවෙන් එකම අභිප්රාය වේවයි සසරදී එක්වන්නෙමුයි ස්ත්රිය සමග බුද්ධ පූජාදිය කොට ප්රාර්ථනා වශයෙන් එකම අභිප්රාය වේවයි මෙබඳු වූ ස්ත්රී පුරුෂ දෙදෙනාම එකම අභිප්රාය ඇති මෛථුන ධර්ම සේවන කටයුතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ ද වෛතුල්යයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පමුණුවා ගතයුතුය.
207. අරහන්ත වණ්ණ කථා
දැන් අරහන්ත වණ්ණ කථා නම් වේ. එහි යහපත් ඉරියව් සහ ආකල්ප ඇති පාප භික්ෂූන් දැක, අමනුෂ්යයෝ රහත් වෙසින් මෛථුන ධර්ම සේවනය කරතියි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරා පථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පැහැදිලිය.
208. ඉස්සරියකාමකාරිතා කථා
දැන් ඓශ්වර්ය කාමකාරි බව කථා නම් වේ. බෝධිසත්ත්වයා ඡද්දන්ත ජාතකාදියෙහි ඓශ්වර්ය කාමකාරි බව නිසා විනිපාතයට යයි. ගර්භ සයනයට බැසගනී. දුෂ්කර ක්රියා කළේය. අනුන් නොතැවීය. අන්ය ශාස්තෲන් කෙනෙකුන් උදෙසා යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස පළමු කථාවෙහි පැහැදිලි අරුත් වේ. දෙවන කථාවෙහි ඉද්ධිමා යයි ඉදින් ඓශ්වර්ය කාමකාරි හේතුබවට යන්නේ නම් ඍද්ධියෙන් යන්නේය. කර්ම වශයෙන් නොවේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා වනාහි පළමුවන ප්රශ්නයෙහි භාවනාමය සඳහා ප්රතික්ෂේප කරයි. දෙවන ප්රශ්නයෙහි පුන්ය සෘද්ධි සඳහා පිළිගනී. තුන්වන කථාවේ ඓශ්වර්ය කාමකාරි හේතුබව නම් දුශ්කර කාර්යයන් මිථ්යා දෘෂ්ටියෙන් කරනු ලැබීමය. ඉදින් හේ එය කරන්නේ නම් ශාස්වතාදියට ද ගන්නේ යයි චෝදනා කිරීමට සස්සතො ලොකො යනාදිය කියන ලදී. සතරවන කථාවද මෙම නයම වේ.