200. ආනෙඤ්ජ කථා
දැන් ආනෙඤ්ජ කථා නම් වේ. එහි භාග්යවතුන් වහන්සේ චතුර්ථ ධ්යානයෙහි සිටියේ පිරිනිවන්පෑහයි සලකා රහතන් වහන්සේ ආනෙඤ්ජයෙහි සිට පිරිනිවන් පාන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. පකති චිත්තෙ යනු භවංග සිතෙහි. සියළු සංඥී සත්ත්වයෝ භවංග සිතේ සිටියාහු භවංග අවසානයේ චුති සිතින් කළුරිය කරති. මෙසේ ඔහුට මේ අර්ථයෙන් චෝදනා කිරීමට මෙසේ කීය. එහි චතුවෝකාර භවයෙහි රහතන් වහන්සේගේ ප්රකෘති සිත ද ආනෙඤ්ජ වේ. මේ ප්රශ්නය වනාහි පංචවෝකාර භව වශයෙන් උදුරන ලදී. නො වත රෙ වත්තබ්බෙ යයි ද කීය. මෙහි සෙස්ස පැහැදිලිය.
201. ධම්මාභිසමය කථා
දැන් ධම්මාභිසමය කථා නම් වේ. එහි අතීත භවයෙහි සෝවාන් වූයේ මව්කුස වැස නික්මෙන්නා දැක ගැබ වාසය කරන්නේ ධර්මාවබෝධය ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. [missing trans]
202. තිස්සොපි කථා
[missing trans]
203. අව්යාකෘත කථා
[missing trans] මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතු. සුපිනගතස්ස චිත්තං අබ්බොහාරිකං යන මෙය පැමිණීම සඳහා කියන ලදී. සුපිනගත වූවහු ප්රාණඝාතාදි වශයෙන් අකුසල සිත් පවතී. වස්තු විකොපනය නැතැයි එහි ආපත්ති පැණවීමට නොහැකි වේ. මෙම කරුණින් ඒ අබ්බොහාරිකය අව්යාකෘත වේ.
204. ආසෙවන පච්චය කථා
දැන් ආසෙවන පච්චය කථා නම් වේ. එහි යම්හෙයකින් සියළු ධර්ම ක්ෂණික වේ. කිසිවක් මොහොතකදු සිට ආසේවන ප්රත්යයෙන් ආසේවනය වන දහමක් නැත. එහෙයින් කිසි ආසේවන ප්රත්යයෙක් නැත. ආසේවන ප්රත්යයෙන් උපන් කිසි දහමක් නැතැයි යමෙකුගේ ලබ්ධි වේ. යම්සේ ඔවුන්ගේමය. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සූත්ර වසයෙන්ම දැනවීමට නනු වුත්තං භගවතා පාණාතිපාතො යනාදිය ගෙනෙන ලදී. ඒ සියල්ල පැහැදිලිය.