12. අඤ්ඤාණ කංඛා කථා
දැන් අඤ්ඤාණ, කංඛා, පරවිතරණ, යයි කථා තුන වේ. එහි රහත් වූ ස්ත්‍රී පුරුෂාදීන්ගේ නම්ගොත් ආදියෙහි ඤාණය පැවැත්මේ අභාවයෙන් අඤ්ඤාණයක් ඇත. (නුවණක් නැත.) එහිම නිශ්චයක් නොමැතිවීමෙන් සැක (කංඛා) ඇත. යම්හෙයකින් ඔවුන්ගේ ඒ වස්තු (අඤ්ඤාණ, කංඛා) අන්‍යයන්ට දෙති. ප්‍රකාශ කරති. කියති. එහෙයින් පරවිතරණ ඇත. මේ ලබ්ධි යම් භේද දැන පුබ්බසේලීයාදීන්ගේ මෙනි. ඔවුන්ගේ ඒ ලබ්ධි බිදීමට කථා තුනෙහිම විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද පරවාදියාටය. එහි සියළු ප්‍රශ්නවල මෙන්ම විසඳුම්වලද පෙළ අනුගමනය කොටම අර්ථ දතයුතුය.
13. වචීභෙද කථා
දැන් වචීභේද කථාවේ, එහි යමෙකුගේ සෝවාන් මාර්ග ක්‍ෂණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුගේ දුක් යයි කියයි යන ලබ්ධිය, පුබ්බසේලියාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා සමාපත්තස්ස අත්‍ථි වචීභෙදො යයි විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි සිට ප්‍රතිඥාව පරවාදියාටය. නැවත සබ්බත්‍ථ යයි භව තුන සඳහා විචාරණ ලද්දේ අරූපය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සබ්බදා යයි කාලය වශයෙන් විචාරණ ලද්දේ ප්‍රථම මාර්ග ක්‍ෂණයෙහි ප්‍රථම ධ්‍යාන සමාපත්තියෙන් අන්‍ය වූ සියළු සමාපත්ති කාල සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සබ්බෙසං සමාපන්නානං යයි විචාරණ ලද්දේ ලෞකික සමාපත්තියට සමවැදුනවුන් සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සංඛ සමාපත්තීසු යයි අසන ලද්දේ දෙවන ධ්‍යාන ආදි සියළු ලෞකික ලෝකෝත්තර සමාපත්ති සඳහා ප්‍රතික්‍ෂේප කරයි.
කාය භෙදො යයි ඉදිරියට යෑම් වශයෙන් පවත්වන කාය විඤ්ඤත්තිය. මෙය යම් සිත් වචී විඤ්ඤත්තිය උපදවයි. ඒවාම කාය විඤ්ඤත්තිය වේ. මෙසේ ඇති කල්හි කුමක් හෙයින් කාය භේදය නොවේදැයි චෝදනා පිණිස විචාරයි. පරවාදියා ලබ්ධි වශයෙන් ප්‍රතික්‍ෂේප කරයි. මෙන්ම පිළිගනියි ද වේ. දැන් ඉතින් ඔහු මාර්ග ක්‍ෂණයෙහි දුක්යයි වචන කියයි. සමුදය ආදියෙහි ද කියන්නේය. ඉදින් එය නොකියයිද ඉතිරිය ද නොකියන්නේ යයි චෝදනාව පිණිස දුක්‍ඛන්ති ජානන්තොති ආදයො ප්‍රශ්න කියන ලදී. අනිත් අය තමාගේ ලබ්ධි වශයෙන්ම පිළිගනී මෙන්ම ප්‍රතික්‍ෂේප ද කරයි. ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානයට සමාපත්තියා දුක් දුක් යයි විපස්සනා කෙරේ යයි ඔහුගේ ලබ්ධියයි.
ඤාණං යනු ලෝකෝත්තර චතුස්සත්‍ය ඤාණයයි. සොතං සෝත විඤ්ඤාණය අදහස් කරයි. යමකින් ශබ්ද අසාද, ද්වින්නං ඵස්සානං යනු සෝත ස්පර්ශය, මනෝ ස්පර්ශය යන දෙක.
නො වත රෙ වත්තබ්බෙති ඉදින් අවිශේෂයෙන් යම්කිසිවකට සමවැදුනහුගේ නැත යන වචන භේදය සමවැදුනහුගේ වචන භේදයක් ඇතැයි අවිශේෂයෙන් නොකිව යුතුය. සූත්‍ර සාධනය සමග මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ. මෙයින් යමක් ‘ආනන්ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ’ යයි අවසානයෙහි සූත්‍රය ගෙනෙන ලදී. එහි යම් සමාපත්ති සිතකින්. ඒ වචන භේදය ඇතිවූයේද කාය භේදය ද එයින් ඇතිවන්නේමය. එය ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත නොවේ. එහෙයින් සාධක නොවේ.
14. දුක්‍ඛහාර කථා
දැන් දුක්‍ඛහාර කථා නම් වේ. එහි දුක් දුක්යයි වචන කියන්නේ දුක්වල ඤාණය ගෙන එයි. එය දුක්‍ඛාහාර යයි කියනු ලැබේ. එයද වනාහි ඒ මාර්ග අංගය මාර්ග පරියාපත්ත (ඇතුළත්) යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ දැන පුබ්බසෙලිය මෙනි. ඔවුන් සඳහා දුක්‍ඛාහාරො යයි ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. යෙ කෙචි යයි පළමුවන ප්‍රශ්නයෙහි නොදක්නහු සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි දක්නහු සඳහා පිළිගනී. එය වනාහි ලබ්ධි මාත්‍රයකි. එහෙයින් සබ්බෙ තෙ යයි වාදයේ බිඳීමට බාල පුථුජ්ජනා යනාදිය කීය.
15. චිත්තට්ඨිති කථා
දැන් චිත්තට්ඨිති කථා වේ. එහි යමෙකුගේ සමාපත්ති සිත මෙන්ම භවාංග සිත ද නොසිඳීමෙන් පවත්නා බව දැක එකම සිත කලක් සිටී යයි ලබ්ධිය, දැන් යට කියන ලද භේද ඇති අන්ධකයින්ගේ ඒ ලබ්ධි විශෝධනය පිණිස එක චිත්තං දිවසං තිට්ඨති යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. උපඩ්ඪදිවසො උප්පාදඛණො යයි මෙහි ඨිති ක්‍ෂණය නොගෙන ‘අනිච්චා වත සංඛාරා උප්පාද වයධම්මිනො’ යන දේශනා නයින් උප්පාද ව්‍යය වශයෙන් විචාරණ ලදී.