18. වොහාර කථා
දැන් ව්යවහාර කථා නම් වේ. එහි භාග්යවත් බුදුන්වහන්සේ ලෝකෝත්තර ව්යවහාරයෙන් ව්යවහාර කරන්නේ යයි යමෙකුගේ ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙන්ම ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්රතිඥාව පරවාදියාටය. ලොකුත්තර සො තෙ ආදිය එහි අයුතුබව දැක්වීම සඳහා කියන ලදී. එහි අදහස මෙය වේ. ශබ්දායතනයම ඔවුන්ගේ ලෝකෝත්තරය ද නැතහොත් සෝතාදිය වේද?
හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරො ලොකියෙ සොකෙ පටිහඤ්ඤති යන මෙහි ඉදින් එය ලෝකෝත්තරය. ස්පර්ශ වේ නම් ලෝකෝත්තර වන්නේ යයි මෙසේ අර්ථය නොගත යුතුය. ලෞකිකයෙහි ස්පර්ශ වන්න වනාහි ලෝකොත්තරත්වයක් නම් නැත යයි මෙහි අදහස් මේ වේ. ලොකියෙන විඤ්ඤාණෙන යන මෙහිද ලෞකිකයෙන්ම යන අර්ථය වේ. ඉතිරිවායේ ආකාර විවිධ වේ. ලෝකෝත්තරයෙහි ලෞකික ඤාණයෙන් ද දැනගනී. මෙසේ සියල්ල යථානුරූපයෙන් දැනගතයුතුය. සබ්බෙ තෙ මග්ගං භාවෙන්ති යන ප්රශ්නවල ඇතමෙක් මාර්ගය නොලබති. ඔවුන් සඳහා ප්රතික්ෂේප කරයි. ඇතමෙක් ලබති. ඔවුන් සඳහා පිළිගනී.
සොවණ්ණමයාය රුවන් මුවාවෙන්. මෙය පරවාදියාටය. උදාහරණං
ඵලණ්ඩියාය, එරඬුවලින්, මෙය සකවාදියාටය. උදාහරණ: ලොකියං වොහාරන්තස්ස ලොකියො මෙය ද එක් ලබ්ධියකි. එය දැන් ඇතැම් අන්ධකයින්ගේ ලබ්ධිය වේ. මෙහි සෙස්ස නොගැඹුරු අරුත්ම වේ.
19. නිරොධ කථා
දැන් නිරෝධ කථා නම් වේ. එහි යමෙකුගේ නුවණින් නොබැලූ නිරෝධය ද නුවණින් බැලූ නිරෝධය ද යන දෙකම එකක් කොට නිරෝධ සත්යයයි ලබ්ධිය වේ. යම්සේ දැන් මහිංසාසකයන්ගේ මෙන්ම අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ද්වෙ නිරොධා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ද්වෙ දුක්ඛ නිරොධා ප්රශ්නවල යම්හෙයකින් දුක්ඛ සත්ය දෙකක් කැමති නොවේ. එනිසා ප්රතික්ෂේප කරයි. යම්හෙයකින් දෙයාකාරයකින් දුක් නිරුද්ධ වේයයි කැමති වේ. එනිසා පිළිගනී. ද්වෙ නිරොධ සච්චානි යන ප්රශ්නවල දුක්ඛ සත්ය දෙකක් නිරෝධ වශයෙන් අකැමති වන්නේ ප්රතික්ෂේප කරයි. දෙයාකාරයකින් දුක්වල නිරෝධවීමෙන් පිළිගනී. ද්වෙ තාණානි ආදියෙහි ද මෙම නයම වේ.
අත්ථි ද්වින්නං නිබ්බානං යනාදියෙහි ප්රශ්නවල උස් පහත් බව නො දන්නේ ප්රතික්ෂේප කරයි.
අප්පටිසංඛා නිරුද්ධෙ යන යමෙක් ලෝකෝත්තර ඤාණයෙන් නිරුද්ධ නොවූයේ සුද්ධ ප්රකෘතිකත්වය හෝ ඉදිරිපත් කිරිම විචාරය හෝ ලෙසින් පැවතීමෙන් නිරුද්ධ කියනු ලැබේ. ඒ සංස්කාරයෝ, පටිසංඛා නිරොධං යයි ලෝකෝත්තර ඤාණයෙන් නිරුද්ධ වේ. නො ඉපදීම්බවට පැමිණෙයි. තත්ර අප්පටිසංඛා නිරුද්ධා සංඛාරා විචාරීම සත්යාදියටය. එහි බිඳුනවුන්ගේ නැවත නො බිඳීමෙන් නුනුවණින් මෙනෙහි කිරිමෙන් නිරුද්ධ වූවන්ගේ හෝ ආර්ය මාර්ගයෙහි උපන්කල්හි එසේ නිරුද්ධ වීමෙන්ම ද සකවාදියා අත්යන්ත බිඳුනුබව පිළිගනී. මෙහි සෙස්ස පැහැදිලිය.
දෙවෙනි වර්ගය සමාප්තයි.
3. තුන්වැනි වර්ගය
20. බල කථා
දැන් බලකථා නම් වේ. එහි යමෙකුගේ අනුරුද්ධ සංයුත්තයේ ‘ඇවැත්නි, මම මේ සතර සීවටන් භාවිත කොට, බහුලකොට, හේතුව හේතුව වශයෙන් ද අහේතුව අහේතුව යථාපරිදි දනිමි’ යනාදි සූත්ර දහය නුනුවණින් ගෙන තථාගතයන් වහන්සේගේ බලය ශ්රාවකයින්ට සාධාරණ යයි ලබ්ධිය. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙන්, ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි සිට ප්රතිඥාව පරවාදියාටය. තථාගත බලයද නම් මෙය ශ්රාවකයින්ට සාධාරණ ද අසාධාරණ ද සාධාරණ අසාධාරණ ද ඇත. එහි ආශ්රවයන්ගේ ක්ෂය ඤාණය සාධාරණය. ඉන්ද්රිය පරොපරියත්ති ඤාණය අසාධාරණය. සෙසු ඒවා සාධාරණ ද අසාධාරණ ද වේ. ඨානාඨානාදිය ශ්රාවකයෝ කොටසක් දනිති. තථාගතයන් වහන්සේ නිප්පදේසයෙන් (සම්පූර්ණයෙන්) දනිති. මෙසේ ඒවායේ උද්දේසය (මාතෘකා) වශයෙන් සාධාරණ වේ. නිද්දේස (විස්තර) වශයෙන් නොවේ. මෙය වනාහි අවිශේෂයෙන් සියල්ලම සාධාරණ යයි කීය. එය විවේචනයට තථාගත බලං සාවක බලං යයි නැවත අනුයෝගය ආරම්භ කරන ලදී. එහි පළමු ප්රශ්නයෙහි නිද්දේස වශයෙන් සියළු ආකාර විෂය සඳහා ප්රතික්ෂේප කරයි. දෙවන ප්රශ්නයෙහි උද්දේස වශයෙන් ඨානාඨාන මාත්රාදිය දැනීම් වශයෙන් පිළිගනී. තඤ්ඤෙවා යනාදි ප්රශ්නවල සියළු ආකාරයෙන් නින්නාන (නිර්නය හෝ ස්වරභේදය) කරණය අභාවයෙන් ප්රතික්ෂේප කරයි. පුබ්බයොගො ච පුබ්බචරියා ච අර්ථ වශයෙන් එකය. එසේම ධම්මක්ඛානඤ්ච ධම්ම දෙසනාච.