182. අච්චන්ත නියාම කථා
දැන් අච්චත්ත නියාම කථා නම් වේ. එහි ‘යමෙකුගේ වරක් ගිලුනේ ගිලුනේම වේ. සූත්රය නිසා පෘථග්ජනයාට අත්යන්ත නියාමයක් ඇතැයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මාතුඝාතකො යනාදි නියත මිථ්යාදෘෂ්ටිකයාට ද මාතුඝාතකාදින්ට සමානව මිච්ඡත්ත නියාමයෙහි මාතුඝාතකාදීන් අත්යන්ත නියතයෙන් යයි චෝදනා කිරිමට කියන ලදී. අනෙකා නියත මිථ්යාදෘෂ්ටිකයා සසර කනුවක්ව භවාන්තරයෙහි ද නියතය. මෙහි වනාහි එක ආත්මභාවයකැයි ලබ්ධියෙන් න හෙවං ප්රතික්ෂේප කරයි.
විචිකිච්ඡා උප්පජ්ජෙය්ය යන මෙය නියත හෝ නොවේ හෝ මෙසේ උපදින්නේ යයි විචාරයි. අනෙකා නොඉපදීමට කරුණු නොදක්නේ පිළිගනී. නූපජ්ජෙය්ය යයි විචාරණ ලද්දේ යම් දෘෂ්ටියක් සේවනය කරන්නේ නියාමයට බැසගන්නේ එහි නොඉපදීම සඳහා පිළිගනී. එයින් පහිනා යයි විචාළේ මාර්ගයෙන් අප්රහීන බැවින් ප්රතික්ෂේප කරයි. ඒ දෘෂ්ටිය අරබයා නොපැවැත්ම වශයෙන් පිළිගනී. ඉක්බිති ඔහුට යම්හෙයකින් ප්රහානය නම් ආර්ය මාර්ගයෙන් හැර නැත. එහෙයින් එයින් චෝදනා කිරීමට සෝතාපත්ති මග්ගෙන යනාදිය කීය. හේ එක මගකින්වත් අප්රහීන බැවින් ප්රතික්ෂේප කරයි. නැවත කතමෙන යයි විචාළේ මිථ්යා මාර්ගය සඳහා අකුසලෙන යනාදිය කීය.
උච්ඡෙද දිට්ඨි උප්පජ්ජෙය්ය යයි දෙවන නියාම උපත විචාරයි. අනෙකා යම්හෙයකින් ‘යෙපි තෙ උක්කණ්ණවස්ස අඤ්ඤා නත්ථික වාදා අකිරිය වාදා අහෙතුක වාදා’ යන වචනයෙන් තිදෙනාම නියත මිථ්යාදෘෂ්ටික බැවින් එකට උපදී. එහෙයින් පිළිගනී.
ඉක්බිති ඔහුට හේ නව නාම වේ. අත්යන්ත නියමයයි චෝදනා කිරීමට හඤ්චි යනාදිය කීය. අත්යන්ත නියතයාට දෙවන නියාමය නිරර්ථකය. නුප්පජ්ජෙය්ය යන ප්රශ්නයෙහි ශාස්වත දෘෂ්ටියෙන් ශාස්වත යයි යමක් ගන්නා ලදද එයම උපදින්නේ යයි ගෙන අනුප්රාප්තිය සඳහා පිළිගනී. පහීනා යයි විචාළේ මාර්ගයෙන් අප්රහීන බැවින් ප්රතික්ෂේප කරයි. කියන ලද නයින් නොඉපදීමෙන් පිළිගනී. සස්සත දිට්ඨි උප්පජ්ජෙය්ය යනාදියෙහි ද මෙම නයම වේ. සෙස්ස විචිකිච්ඡා චාරයෙහි කියන ලද නයමය.
න වත්තබ්බං යයි විචාරය පරවාදියාගේය. සූත්රයේ ඇති බැවින් ප්රතිඥාව සකවාදියාගේය. හේ භවාන්තරයේ ද ගිලුනේ නොවේ. මේ භවයේම නුසුදුස්සෙකි. හේ එම දෘෂ්ටිය අත්හරින්නට යයි මෙහි අදහස වේ. එහෙයින් මෙය සාධක නොවේ. සියළු කාලයේ මතුවී ගිලේ යයි වචන මාත්රයෙන් තීරණයකට නොඑළඹ අර්ථය සෙවිය යුතුයයි දැක්වීමට කියන ලදී.
183. ඉන්ද්රිය කථා
දැන් ඉන්ද්රිය කථා නම් වේ. එහි ලෞකික ශ්රද්ධාව ශ්රද්ධා නමි. ශ්රද්ධා ඉන්ද්රිය නොවේ. ලෞකික විරිය සති සමාධි පඤ්ඤා ද එසේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරය සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. නත්ථි ලොකියා සද්ධා යනාදිය යම්හෙයකින් ලෞකික ශ්රද්ධාදිය අධිපති අර්ථයෙන් ඉන්ද්රිය වේ. ශ්රද්ධාදියෙන් අන්ය වූ ශ්රද්ධා ඉන්ද්රියාදිය නැත. එහෙයින් ලෞකික වූ ද ශ්රද්ධාදියම ශ්රද්ධා ඉන්ද්රියාදි භාවය දැක්වීමට කියන ලදී. අත්ථි ලොකියො මනො යනාදිය ඔබගේ ලෞකික වූ මනස ආදි ධර්ම යම්සේ මන්ද්රියාදිය වේද එසේ ලෞකික ශ්රද්ධාදිය ද ශ්රද්ධින්ද්රියාදිය වේ. උපමාව ඒ අර්ථය පැහැදිලි කිරීමට කියන ලදී. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණේ.
එකුන්විසි වැනි (19) වර්ගය නිමයි.
20. විසිවෙනි වර්ගය
184. අසඤ්චිච්ච කථා
දැන් අසඤ්චිච්ච කථා නම් වේ. එහි ආනන්තරිය වස්තු නම් ගරු වේ. බර වේ. එහෙයින් නොදැන ද ඒ වස්තු විරෝපනය (මව මැරීම ආදීය කළවිට) කළ කල්හි ආනන්තරික කර්මය වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අසඤ්චිච්ච යයි විචාරය සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් ආනන්තරිය කර්මය නම් කර්මපථ බැවින්, ඉදින් නොදැන කර්මපථ භෙද වන්නේය. අවසේස ප්රාණඝාතාදිය ද නොදැන කර්මපථ වන්නේ යයි චෝදනාව පිණිස අසඤ්චිච්ච පාණං සනත්වා යනාදිය කීය. අනෙකා එබඳු ලබ්ධියක් නැති බැවින් ප්රතික්ෂේප කරයි. සෙස්ස පෙළ අනුව පමුණුවා ගන්න. න වත්තබ්බං මාතුඝාතකො යයි විචාරීම පරවාදියාටය. රෝග ප්රතිකාර කාලයෙහි නොදැන මරණ සඳහා ප්රතිඥාව සකවාදියාටය. නනු මාතා ජීවිතා වොරොපිතා යන ප්රශ්නයෙහි ද නොදැන දිවි ගැලවීම සඳහා ප්රතිඥාව පරවාදියාටය. මෙසේ අදහස නොගෙන හඤ්චී යයි ලබ්ධිය පිහිටුවීම අනෙකාගේය. එය අනුවණින් පිහිටුවන ලද හෙයින් නොපිහිටවූවා මෙනි. පිතුඝාතකාදියෙහි ද මෙම නයම වේ. සංඝ භේදයෙහි වනාහි ධර්ම සංඥාව සඳහා සංඝභෙදතො ආනන්තරිකො යයි විචාරීම සකවාදියාගේය. ‘සංඝං සමග්ගං භෙත්වාන කප්පං නිරයම්හි පච්චති’ යන වචනය අනුවණින් ගෙන ප්රතිඥාව පරවාදියාගේය. නැවත සබ්බෙති යයි විචාළේ නම් පක්ෂයෙහි ධර්ම සංඥාව සඳහා ප්රතික්ෂේප කරයි. පර පක්ෂයෙහි ධර්ම සංඥාව සඳහා පිළිගනී. ධම්ම සඤ්ඤී යන ප්රශ්න දෙකේම මෙම නයම වේ. නනු වුත්තං භගවතා සූත්රය ඒකාන්තයෙන් ධර්මවාදියාගේ ආනන්තරිකභාවය දැක්වීම සඳහා කියන ලදී. ආපාධිකො නෙරයිකො යන ගාථාවෙන් ද අධර්මවාදීන්ම අභිප්රේතය. අනෙකා වනාහි අදහස නොගෙන ලබ්ධිය පිහිටුවයි. එය අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේමය.