157. නත්ථි අරහතො අකාල මච්චූති කථා
දැන් රහතන් වහන්සේට අකාල මරණ නැතැයි කථා නම් වේ. එහි නාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං විපාකං අප්පටිසංවෙදිත්වා බ්යන්තිභාවං වදාමි යන සූත්රයේ අර්ථය අනුවණින් ගෙන රහතන් වහන්සේ නම් සියළු කර්ම විපාක විඳ පිරිනිවන් පෑ යුතුය. එහෙයින් රහතන් වහන්සේට අකාල මරණ නැතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරිකයන්ගේ ද සිද්ධත්ථිකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් උන්වහන්සේට අකාල මරණ නැත්නම්, අරහන්ත ඝාතක නම් නොවිය යුතුයයි චෝදනා කිරිමට නත්ථි අරහන්ත ඝාතකො යයි කීය. අනෙකා ආනන්තරිය කර්මයේද එබඳු පුද්ගලයන්ගේ ද ඇතිවීම ප්රතික්ෂේප කරයි.
විසං න කමෙය්ය යන ප්රශ්නයෙහි පෙර කළ කර්මය යම්තාක් අවසන් නොවේද ඒතාක් නොයයි යන ලබ්ධියෙන් ප්රතික්ෂේප කරයි. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්නා
‘නාහං භික්ඛවෙ’ යන සුත්රය මේ සඳහා කියන ලදී. චේතනා සහිත කළ කර්මවල විපාක නොවිඳ ඒ කර්මයන්ගේ කෙළවර බව මාර්ගය සිඳුණු බව නොකියමි. එහිද දිට්ඨධම්ම වේදනීය මෙම ආත්මයෙහිම මිස ඉන්පසුව නොවේ. උපපජ්ජවේදනීය අනතුරු ආත්මයෙහිම මිස ඉන්පසුව නොවේ. අපරාපරිය කර්ම විපාකයට අවසර ලැබෙන අවස්ථාවේ විපාක දෙයි. මෙසේ සියළු ආකාරයෙන් සසර පවතිනතුරු ලැබූ විපාක වාරයෙහි විපාක දේ. ‘න විජ්ජති සො ඡගතිප්පදෙසො යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා’ මෙසේ ඇති කල්හි මෙය නොලැබූ විපාක ඇති යම් කර්මයක් රහතන් වහන්සේ විසින් අවශ්යයෙන් විපාක විඳිය යුතුයයි කල්පනා වශයෙන් නැත. රහතන් වහන්සේට අකාල මරණ නැතැයි ලබ්ධි ප්රතිෂ්ඨාපනය කරන ලදී. එය දුෂ්කර වේමය.
158. සබ්බමිදං කම්මතොති කථා
දැන් මේ සියල්ල කර්මයෙන් යයි කථා නම් වේ. එහි ‘කම්මුනා වත්තති ලොකො’ යන සූත්රය නිසා මේ සියළු කර්ම ක්ලේශ විපාක වෘත්තය කර්මයෙන්ම වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරිකයන්ගේ ද සිද්ධත්ථිකයන් ද මෙනි. ඔවුන් සඳහා සබ්බමිදං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට මෙසේ ඇති කල්හි කර්මය ද කර්මයෙන් පැමිණේ යයි චෝදනා කිරීමට කම්මුම්පි කම්මතො යයි කීය. අනෙකා ඉදින් කර්මය ද කර්මයෙන්ම නම් ඒ කර්මය විපාකයම වන්නේ යයි ප්රතික්ෂේප කරයි. පුබ්බෙ කත හෙතු යයි මේ සියල්ල කර්මයෙන් නම් පෙර කළ හේතුවෙන් එය විය යුතුයයි චෝදනා කිරීමට විචාරයි. අනෙකා පුබ්බෙකත හේතුවාදයට බියෙන් ප්රතික්ෂේප කරයි.
කම්ම විපාකතො ඉදින් මේ සියල්ල කර්මයෙන් වේ නම් අතීතභවය පැවතීමට හේතුභූත වූ යම් කර්මයක් වේද, එයද පෙර භවයෙහි කර්මයෙන් වූ විපාකයකින් පැමිණේ. එයින් මේ සියල්ල ඒ කර්ම විපාකයෙන් පැමිණේදැයි චෝදනා කිරීමට විචාරයි. අනෙකා බීජයෙන් අංකුර මෙන් වර්තමානයේ පවත්නා කර්මයෙන් හටගැනීම සඳහා ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ ඒ කර්මයේද බීජ පෙර බීජයෙන් මෙන් පෙර කර්මයෙන් පවතින බව පිළිගනී. පාණං හනෙය්ය යනාදිය ඉදින් සියල්ල කර්ම විපාකයෙන් පැමිණේ නම් ප්රාණඝාතාදිය කර්ම විපාකයෙන්ම කරන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා දුසිල් චේතනාවෙන්ම කරන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා දුසිල් චේතනාවෙන්ද එක් ආකාරයකින් පෙර කර්මයෙන් නිපන් විපාකයෙන්ම යන ලබ්ධියෙන් පිළිගනී. ඉක්බිති ඔහුට ඉදින් ප්රාණඝාතය කර්ම විපාකයකින් ඇතිවේ නම් ප්රාණඝාතය මෙන් විපාකයද සඵල වේ යයි චෝදනා කිරීමට සඵලො යයි කීය. අනෙක් ප්රාණඝාතයේ තිරය සංවත්තනික භාවයෙන් සඵලබව දකින්නේ පිළිගනී. කර්ම විපාකයේ වනාහි මේ පලය යයි කියන ස්ථානය නොදක්නේ ප්රතික්ෂේප කරයි. අදින්නාදානාදියෙහි ද මෙම නයම වේ. ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛණෙ සඵලො යයි දේය ධර්ම වශයෙන් දානපල විචාරයි. ‘කම’මුනා වත්තති’ යයි සූත්රයක් නැත. කර්මයයි අකර්මවාදි බව ප්රතික්ෂේප කොට කර්මය ඇතැයි කර්මවාදි බව කර්මය කළ බව දක්වයි. සියල්ලම කර්මයෙන් හටගත්තේ නොවේ. එහෙයින් සාධක නොවේ.
159. ඉන්ද්රිය බද්ධ කථා
දැන් ඉන්ද්රියබද්ධ කථා නම් වේ. එහි දුක ඉන්ද්රියබද්ධ අනින්ද්රිය බද්ධ යයි දෙයාකාරය. ඉන්ද්රිය බද්ධය දුක් වස්තු බැවින් දුක්ය. අනින්ද්රිය බද්ධය. උදයව්යය පෙළීම් අර්ථයෙන් යමක් අනිත්ය නම් එය දුක් යයි සංගෘහීත බැවින් දුක් වේ. මේ විභාගය නොගෙන යම් අවබෝධයක් සඳහා භගවත්හු බඹසර වුසූද එය ඉන්ද්රියබද්ධ දුකය. සෙසු ඒවා නොවේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදින්ගේ මෙනි. ඔවුන්ට සෙසු ඒවාද දුක් බව දැක්වීමට ඉන්ද්රියබද්ධඤ්ඤෙව යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට, යම්හෙයකින් භගවත්හු විසින් යමක් අනිත්ය නම් එය දුකයයි කියන ලදද, එහෙයින් ඉන්ද්රිය බද්ධයෙන්ම එය අනිත්ය විය යුතුයයි චෝදනා කිරීමට ඉන්ද්රිය බද්ධඤ්ඤෙව අනිච්වං යනාදිය කීය. නනු අනින්ද්රිය බද්ධ අනිච්චං යනු පෘථිවිය, පර්වත, ගල් ආදිය අනින්ද්රිය බද්ධ වූ දේ අනිත්ය නොවේද යන අර්ථය වේ.