137. අඤ්ඤමඤ්ඤ පච්චය කථා
දැන් අඤ්ඤමඤ්ඤ ප්රත්යය කථා නම් වේ. එහි යමෙකුගේ සමයෙහි ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ අවිද්යා ප්රත්යයෙන් සංස්කාරයෝ වෙත්යයි නමුත් සංස්කාර ප්රත්යයෙන් අවිද්යා නැත. එහෙයින් අවිද්යාවම සංස්කාරයන්ට ප්රත්ය වේ. අවිද්යාවට සංස්කාර ප්රත්ය නොවේ යයි ලබ්ධි වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අවිද්යා සංස්කාරාදීන්ගේ අඤ්ඤමඤ්ඤ ප්රත්යබව ද ඇතැයි දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. අවිජ්ජා සංඛාරෙන යයි මෙහි අපුඤ්ඤාභි සංඛාරම ගන්නා ලදී. එහෙයින් සංඛාර පච්චයා අවිජ්ජා යන මෙහි සහජාත අඤ්ඤමඤ්ඤ අත්ථි අවග්ගත සම්ප්රයුක්ත වශයෙන් ප්රත්යභාවය දතයුතුය. උපාදාන පච්චාපි තණ්හා යන මෙහි කාම උපාදානය හැර සෙසු උපාදාන තුන අවිද්යාවට සංස්කාර මෙන් තණ්හාවට ප්රත්ය වේයි දතයුතුය. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතු. ජරාමරණ පච්චයා විචාරීම පරවාදියාටය. නාමරූපං විඤ්ඤාණ පච්චයා යයි විචාරීම සකවාදියාටය.
138. අද්ධා කථා
දැන් අද්ධා කථා නම් වේ. එහි ‘තීණිමානි භික්ඛවෙ කථාවත්ථූනි’ යන සුත්රය නිසා කාල සංඛ්යාත පරිනිෂ්පන්න (හේතුවෙන් හටගත්) අද්ධා නම් ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. කාලය යයි පැණවීම් මාත්රය හැර අද්ධ යයි පරිනිෂ්පන්න කිසිවක් ඒවායේ නැත. රූපාදිය වනාහි ස්කන්ධම පරිනිෂ්පන්න යයි විභාග දැක්වීමට අද්ධා පරිනිප්ඵන්නො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එය පරිනිෂ්පන්න රූපාදියෙන් එක්තරා එකක් විය යුතු යයි චෝදනාවට රූපං යනාදිය කීය. අනෙකා ප්රතික්ෂේප කරයි. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය.
139. ඛණ ලය මුහුත්ත කථා
ඛණ - ලය - මුහුත්ත කථාවල ද මෙම නයම වේ. මේ ඛණ ආදි සියල්ලම අද්ධ පරියාය වේ.
140. ආසව කථා
දැන් ආසව කථා නම් වේ. එහි යම්හෙයකින් ආශ්රවවලින් මත්තෙහි අනිත් ආශ්රවයක් නම් නැත. යමකින් ආශ්රව සතර සාසව වන්නේය. එහෙයින් සතර ආසව අනාසව වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ ආසව අනාසව වේ. මෙසේ ඇති කල්හි ඒවා මාර්ගාදි ලක්ෂණයට පැමිණියා සෙයින් විය යුතුයයි චෝදනා කිරීමට මග්ගො යනාදිය කීය. මෙහි සෙස්ස පැහැදිලිය.
141. ජරාමරණ කථා
දැන් ජරාමරණ කථා නම් නම් වේ. එහි ජරාමරණ අපරිනිෂ්පන්න බැවින් ලෞකික යයි හෝ ලෝකෝත්තර යයි හෝ නොකිව යුතුය. ‘ලොකියා ධම්මා ලොකුත්තරා ධම්මා’ යන දුකයෙහි ජරාමරණ ලෞකික පදයෙහිවත් ලෝකෝත්තර පදයෙහිවත් දක්වා නැත. එහි යමෙකුගේ මේ ලක්ෂණය නොගෙන ලෝකෝත්තර ධර්මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි ලබ්ධි වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පමුණුවයි.
142. සඤ්ඤා වෙදයිත කථා
දැන් සඤ්ඤාවෙදයිත කථා නම් වේ. එහි සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්ති නම් කිසියම් ධර්මයක් නැත. සතර ස්කන්ධයන්ගේ නිරෝධයයි. මෙසේ එය ලෞකික නොවේ. ලෝකෝත්තර නොවේ. යම්හෙයකින් වනාහි ලෞකික නොවේ නම් එහෙයින් ලෝකෝත්තර වේ යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම් හේතූවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස පෙර කථා හා සමාන වේ.