129. අනන්තර පච්චය කථා
දැන් අනන්තර පච්චය කථා නම් වේ. එහි නෘත්ය ගීතාදියේ රූප දැකීම ශබ්ද ඇසීම ආදියේ වහා සිදුවන පෙරලීම් දැක මේ විඤ්ඤාණ ඔවුනොවුනට අනතුරුව උපදී යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චක්ඛු විඤ්ඤාණස්ස යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සොත විඤ්ඤාණං රූපාරම්මණඤ්ච යනාදිය චක්ඛු විඤ්ඤාණයට අනතුරුව උපදී. විපාක මනෝධාතු මෙන් රූපාරම්මණය වන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති සොත විඤ්ඤාණං යන ප්රශ්නවල සූත්ර අභාවය නිසා ප්රතික්ෂේප කොට අනතුරුව පවත්නා බව සලකන්නේ ලබ්ධි වශයෙන් පිළිගනී. තඤ්ඤෙව චක්ඛු විඤ්ඤාණං තං සොත විඤ්ඤාණං යයි යම්සේ පළමු ජවනයට අනතුරුව දෙවන ජවනය මනෝ විඤ්ඤාණභාවයෙන් එයම වේ. කිම ඔබගේ මේ දෙකම එකදැයි විචාරයි. මෙම නයින් සියළු වාරවල අර්ථය දතයුතුය. නච්චති ගායති යනාදි වචන අරමුණු එක්කිරීමෙහි වහා පරිවර්තනය වීමෙන් සංකීර්ණ බවක් දක්වයි. අතන්තර ප්රත්ය නිසා නොවේ. එනිසා සාධක නොවේ.
130. අරියරූප කථා
දැන් අරියරූප කථා නම් වේ. සම්මා වාචා, සම්මා කම්මන්ත රූපය ‘තඤ්ච ඛො සබ්බං රූපං චත්තාරි ච මහා භූතානි චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූප’ යන වචනයෙන් උපාදාය රූප වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අරිය රූපං මහාභූතානං උපාදාය යයි විචාරීම සකවාදියාටය. එහි ආර්යයන් හෝ රූපය, ආර්ය වූ හෝ රූපය අරිය රූප වේ. ආමන්තා යයි ලබ්ධියේ සිට ප්රතිඥාව පරවාදියාටය. කුසලං යයි විචාරණ ලද්දේ ලබ්ධි වශයෙන්ම පිළිගනී. අනාසව විචාරීම්වල ද මෙම නයම වේ. යං කිඤ්චි රූපං යන සූත්රය හැර සෙසු රූප භූත උපාදාය බව දක්වයි. සම්මා වාචා කම්මන්තවල ඒවායේ රූප මාත්රයම සිදු නොවේ. උපාදාය රූප කොහේද? එනිසා අසාධක වේ.
131. අඤ්ඤො අනුසයො කථා
දැන් අඤ්ඤො අතිසංයොති කථා නම් වේ. මෙහි පෘථග්ජනයා කුසල අව්යකෘත සිත පවතින කල අනුසය සහිත යයි කිවයුතුය. නැගිටින අවස්ථාවේ නොවේ. එනිසා අනුසය අනිකකි, නැගිටීම අනිකක් යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අඤ්ඤො කාමරාගානුසයො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස යට අනුසය කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. සානුසයො යනාදි ඒ අවස්ථාවේ අනුසයේ අප්රහීන බව අනුසය සහිත යයි කිවයුතු හා නූපන්නා වූ ද පරියුට්ඨිත ද නොකිව යුතු යයි දක්වයි. අනුසය පරියුට්ඨානයෙන් අන්ය තත්ත්වයක් නොවේ. එහෙයින් සාධක නොවේ.
132. පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා
දැන් පරියුත්ථානය චිත්ත විප්රයුක්ත යයි කථා නම් වේ. එහි අනිත්යාදි වශයෙන් මෙනෙහි කරන්නාට ද රාගාදිය උපදී. මෙය කියන ලදී. ‘භාරද්වාජය, එක් දිනක අසුභ වශයෙන් මෙනෙහි කරන්නෙමියි සුභ වශයෙන්ම මෙනෙහි කරයි’. එහෙයින් පරියුට්ඨානය චිත්ත විප්රයුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේමය.
133. පරියාපන්න කථා
දැන් පරියාපන්න කථා නම් වේ. එහි යම්හෙයකින් කාමරාගය කාමධාතුවේ නිද්රා අවස්ථා වේ. කාමධාතුවේ ඇතුළත් යයි ද කියනු ලැබේ. එහෙයින් රූප අරූප රාගය ද රූප ධාතු අරූප ධාතුවල නිද්රාවේ සිටී. රූප ධාතු අරූප ධාතු පරියාපන්න වේ යයි ද යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ ද සමමිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූප රාගො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. එහි අනුසෙති යයි යම්සේ කාමරාගය කාම විතර්ක සංඛ්යාත කාමධාතුව සහජාත වශයෙන් නිදයි. කිම ඔබගේ රූප රාගය රූප ධාතුදැයි විචාරයි. පරියාපන්න යයි යම්සේ ඒ ත්රිවිධ වූ කාමධාතුවේ ක්ලේශකාම වශයෙන් ඇතුළත් වූ බැවින් කාමධාතු පරියාපන්න වේ. කිම ඔබගේ මෙසේ රූප රාගය ද රූපධාතු පරියාපන්නදැයි විචාරයි. අනිකා වනාහි අදහස නො සලකන්නේ හුදෙක් ලබ්ධි වශයෙන් ආමත්තා යයි පිළිගනී. ඉක්බිති ඔහුට එම අර්ථය සලසාලන්නට කුසල විපාක කිරිය සංඛ්යාත සමාපත්ති ආදියෙන් සසඳා විචාරීමට සමාපත්තෙසියො යනාදිය කීය. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවෙයි. නනු කාමරාගො යනාදි වචනය ද කාමරාගයේම කාමධාතුවේ අනුසය බවද ඇතුළත් බවද දක්වයි. ඉතිරිවා ඉතිරි ධාතුවල නොවේ.