125. ධම්ම තණ්හා අබ්යාකතා කථා
දැන් ධම්ම තණ්හා අඛ්යාකතා කථා නම් වේ. එහි රූප තෘෂ්ණාව -පෙ- ධර්ම තෘණා යයි මේ තෘෂ්ණා සයේ යම්සේ සියල්ලටම පසු තෘෂ්ණාව ධර්ම තෘෂ්ණා යයි කියන ලදී. එහෙයින් එය අව්යාකෘත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම් පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙසු ප්රශ්නවල පෙළෙන් අර්ථය පමුණුවයි. කාම තෘෂ්ණාදි කොටස් තුනෙන් තෘෂ්ණා සය හකුළුවා දක්වන ලදී. රූපාදි අරමුණු සයෙහි කාමාශ්වාද වශයෙන් පවතිනා තෘෂ්ණාව කාම තෘෂ්ණා වේ. ආත්මය ද ලෝකය ද යයි ශාස්වත දෘෂ්ටි සහගත තෘෂ්ණාව භව තෘෂ්ණා වේ. නොවන්නේ යයි උච්ඡේද දෘෂ්ටි සහගත තෘෂ්ණාව විභව තෘෂ්ණා වේ. නනු සා ධම්ම තණ්හා යන පද තෘෂ්ණාවෙන් ධර්ම අරමුණු අරබයා පැවතීම දක්වයි. අව්යාකෘතභාවය නොවේ. එහෙයින් සාධක නොවේ.
126. ධම්ම තණ්හා න දුක්ඛ සමුදයොති කථා
දැන් ධර්ම තෘෂ්ණාව දුක්ඛ සමුදය නොවේය කථා නම් වේ. එහිද යම්හෙයකින් එය ධර්ම තෘෂ්ණාව යයි කියන ලදී. එහෙයින් දුක්ඛ සමුදය නොවේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස පෙරකථාව හා සමාන වේ.
තෙළෙස්වැනි වර්ගය නිමයි.
14. තුදුස්වන වර්ගය
127. කුසලාකුසල පටිසන්ධාන කථා
දැන් කුසල අකුසල ප්රතිසන්ධි කථා නම් වේ. එහි අකුසලයේ කුසල හෝ කුසලයේ අකුසල හෝ අනතුරුව ඉපදීමක් නම් නැතැයි ඒවායේ අන්යොන්ය ප්රතිසන්ධානය නො යෙදේ. යම්හෙයකින් යමෙක් වනාහි එක් වස්තුවකම ඇලීම ද නො ඇලීම ද වේ. එහෙයින් එය අන්යෝන්යව නැවත ගලපයි යන ලබ්ධිය ගෙන සිටී. මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. අවාට්ටනා පණිධි යයි ආවජ්ජන දෙකටම නමකි. ඒ භවංගය පෙරලේය ආවට්ටනා වේ. භවංග අරමුණකින් වෙනත් අරමුණක සිත පිහිටයි තබයි යනු පණිධි වේ. කුසලං ආවට්ටන්තස්ස යයි යම් ඒ අකුසලයට අනතුරුව නැවත ගලපන කුසලය උපදී. එය නොපෙරලී උපදීදැයි අසයි. අනිකා ආවර්ජනය හැර කුසලයේ ඉපදීම නො දක්නේ ප්රතික්ෂේප කරයි. කුසලං අයොනිසො මනසිකරොති යන මෙය අකුසලයට අනතුරුව කුසලය උපදින්නේ නම් අකුසලයම ආවර්ජනයෙන් නුනුවණින් මෙනෙහි කරන්නාට උපදින්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. සෙස්ස පෙළ අනුව පමුණුවා ගන්න. නනු යස්මිඤ්ඤෙව වත්ථුස්මිං යන වචනය එක අරමුණෙහි සරාගය සහ විරාගය දක්වයි. කුසල අකුසල අන්තරභවය ඒ නිසා අසාධක වේ.
128. සළායතන උත්පත්ති කථා
දැන් සළායතන උත්පත්ති කථා නම් වේ. උප්පත්තේයි ප්රතිසන්ධි සිත සමග ඕපපාතිකයන්ගේ සළායතන පහළ වේ. ගබ්භසෙය්යයකයන්ට අජ්ඣත්තික ආයතනවල මනායතන කායායතන ප්රතිසන්ධි ක්ෂණයෙහි උපදී. ඉතිරි ආයතන සතර සත් සැත්තෑ රැයෙහි උපදී. ඒවාද ප්රතිසන්ධි කර්මය හෝ වෙනත් කර්මයක් කළ හෙයින්දැයි ස්ව සමයෙහි වාදය වේ. එසේ වුවද එක් කර්මයක් හටගැනීමෙන් අතු වෙලෙප් යුත් ගස්වල අංකුර මෙන් බීජමාත්ර සළායතන මව්කුස පිළිසිඳ ගැනීමේදීම උපදී යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා සළායතනං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සබ්බංග පච්චංගං යනාදි සළායතන ඇති කල්හි මෙබඳු වී බැසගනී යයි චෝදනා කිරීමට කියන ලදී. මාතුකුච්ඡි ගතස්ස යයි විචාරීම පරවාදියාටය. පසුව මාතුකුච්ඡිගතස්ස පච්ඡා කෙසා යයි විචාරීම සකවාදියාටය. මෙහි සෙස්ස පැහැදිලිය.
129. අනන්තර පච්චය කථා
දැන් අනන්තර පච්චය කථා නම් වේ. එහි නෘත්ය ගීතාදියේ රූප දැකීම ශබ්ද ඇසීම ආදියේ වහා සිදුවන පෙරලීම් දැක මේ විඤ්ඤාණ ඔවුනොවුනට අනතුරුව උපදී යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චක්ඛු විඤ්ඤාණස්ස යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සොත විඤ්ඤාණං රූපාරම්මණඤ්ච යනාදිය චක්ඛු විඤ්ඤාණයට අනතුරුව උපදී. විපාක මනෝධාතු මෙන් රූපාරම්මණය වන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති සොත විඤ්ඤාණං යන ප්රශ්නවල සූත්ර අභාවය නිසා ප්රතික්ෂේප කොට අනතුරුව පවත්නා බව සලකන්නේ ලබ්ධි වශයෙන් පිළිගනී. තඤ්ඤෙව චක්ඛු විඤ්ඤාණං තං සොත විඤ්ඤාණං යයි යම්සේ පළමු ජවනයට අනතුරුව දෙවන ජවනය මනෝ විඤ්ඤාණභාවයෙන් එයම වේ. කිම ඔබගේ මේ දෙකම එකදැයි විචාරයි. මෙම නයින් සියළු වාරවල අර්ථය දතයුතුය. නච්චති ගායති යනාදි වචන අරමුණු එක්කිරීමෙහි වහා පරිවර්තනය වීමෙන් සංකීර්ණ බවක් දක්වයි. අතන්තර ප්රත්ය නිසා නොවේ. එනිසා සාධක නොවේ.
130. අරියරූප කථා
දැන් අරියරූප කථා නම් වේ. සම්මා වාචා, සම්මා කම්මන්ත රූපය ‘තඤ්ච ඛො සබ්බං රූපං චත්තාරි ච මහා භූතානි චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූප’ යන වචනයෙන් උපාදාය රූප වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අරිය රූපං මහාභූතානං උපාදාය යයි විචාරීම සකවාදියාටය. එහි ආර්යයන් හෝ රූපය, ආර්ය වූ හෝ රූපය අරිය රූප වේ. ආමන්තා යයි ලබ්ධියේ සිට ප්රතිඥාව පරවාදියාටය. කුසලං යයි විචාරණ ලද්දේ ලබ්ධි වශයෙන්ම පිළිගනී. අනාසව විචාරීම්වල ද මෙම නයම වේ. යං කිඤ්චි රූපං යන සූත්රය හැර සෙසු රූප භූත උපාදාය බව දක්වයි. සම්මා වාචා කම්මන්තවල ඒවායේ රූප මාත්රයම සිදු නොවේ. උපාදාය රූප කොහේද? එනිසා අසාධක වේ.