119. අනන්තරාපයුත්ත කථා
දැන් අනන්තරාපයුත්ත කථා නම් වේ. එහි අනන්තරාපයුත්ත නම් යමකින් ස්කන්ධ භේදයෙන් අනතුරුව විපාක දෙන මාතු ඝාතක ආදි ආනන්තරික කර්ම අණ කරන ලදී. එහි යමෙකුගේ නියත අණ කිරිමෙන් අණකරන ලද ඒ කර්මය කරන්නේය. හේ අර්ථසාධක චේතනාවෙන් උපදින ලද බැවින් මච්ඡත්තනියත වේ. සම්මත්ත නියාමයට බැසගැනීමට නො සුදුසු වේ. යමෙකුගේ අනියත ආණත්තියෙන් අණ කරන ලද ඒ කර්මය කරන්නේය. හේ අර්ථසාධක චේතනාවෙන් නූපදන ලද බැවින් මිච්ඡතෙ නියත නොවේ. සම්මත්ත නියාමයට බැසගැනීමට සුදුසු වේ. මෙය ස්ව සමයෙහි නිශ්චයයි. අනියත ආණත්තියෙන් ද සම්මත්ත නියාමයට බැසගැනීමට නුසුදුසු වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන්ගේ ලබ්ධිය බිඳීමට සකවාදියා පූර්ව පක්‍ෂය දී අනන්තරා පයුත්තො යයි පරවාදියා විසින් තමාගෙන් විචාරවයි. එයින් මෙහි පළමු විචාරීම පරවාදියාටය. අර්ථසාධක චේතනාවේ අභාවය සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. ඉන්පසු පරවාදියා මාතුඝාත ආදි කර්මයේ අණ ලද බැවින් හේ මිච්ඡත්ත නියත යයි සිතයි. එහෙයින් මිච්ඡත්ත නියාමං යන ප්‍රශ්නය විචාරයි. සකවාදියා එක් පුද්ගලයෙකුගේ නියාම දෙකක් බැස නො ගැනීම සඳහා න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
නනු තං කම්මං යනු මාතුඝාතාදි කර්මය. එහි අනියත ඇණවීම සඳහා ආමන්තා යයි ප්‍රතිඥාව සකවාදියාගේය. අනියත වූද ඇණවීම යොදවා සිටියහුට මා විසින් නුසුදුසු දෙයක් කරන ලදැයි කුකුස් ඉපදී විපිළිසර බවට පත්වේ. හඤ්චි යනාදිය කුකුස් ඉපදීම පමණක් ගෙන පරවාදියා විසින් ලබ්ධිය පිහිටුවීමට කියන ලදී.
දැන් යමෙකුගේ අනියත ආණත්තිකයකුගේ අනන්තර පුථුක්ත පරාදීනව සම්මත්ත නියමයට බැසගැනීම වන්නේය. ඒ පුද්ගලයා ගෙන අනන්තර, පයුත්තො පුග්ගලො අභබ්බො යයි විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සකවාදියා මාතුඝාතාදි කර්ම කරන්නා නුසුදුසු වේ. කිම ඔබගේ එයින් ඒ කර්ම කළවුන් යයි චෝදනා කිරීමට මාතා ජීවිතා වොරොපිතා යනාදිය කීය. අනෙකා ඒ වස්තූන්ගේ අරෝගය පිණිස එබඳු ක්‍රියාවක් නොදක්නේ න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
තං කම්මං පටිසංහරිත්‍වා යයි අනියත ආණත්ති කර්මය සඳහා කියන ලදී. එය මා විසින් කළ අණ නිවාරණයෝ හැකිළීම වේ. හකුලන ලද හෙයින්ම මෙහි කුකුස දුරුවිය. එනිසා විපිළිසර බව දුරුවීම වේ. මෙසේ ඇති කල්හිද පෙර ඇණවීමෙන්ම නියතභාවය සිතන්නේ පරවාදියා ආමන්තා යයි පිළිගනී. ඉක්බිති ඔහුට සකවාදියා ඒ කර්මයේ හකුලන ලද බව පිළිගන්වා තමාගේ ලබ්ධිය පිහිටුවා හඤ්චි යනාදිය කීය.
නැවත අනන්තරා පයුත්තො යයි අවසාන ප්‍රශ්නයෙහි පළමු ප්‍රශ්නයෙහි මෙන් විචාරීම පරවාදියාටය. ප්‍රතිඥාව සකවාදියාටය. ප්‍රයුක්ත පූර්වතා පමණක් ගෙන අනියත ආණත්ති වශයෙන් හඤ්චි යයි ලබ්ධිය පිහිටුවීම පරවාදියාගේය. මේ ලබ්ධිය වනාහි නුනුවණින් පිහිටුවන ලද හෙයින් නොපිහිටුවන ලද්දේම වේ.
120. නියාම කථා
දැන් නිපාතයේ නියාම කථා නම් වේ. එහි මිච්ඡත්ත නියාම ආනන්තරිය කර්මය සහ සම්මත්ත නියාම ආර්ය මාර්ගය යයි නියාම දෙකකි. මේ නියාම දෙක හැර අනිත් නියාමයක් නැත. සෙසු සියළු ත්‍රෛභූමික ධර්ම අනියත නම් වේ. ඒවායින් යුක්ත වූ ඒවාද අනියත වේමය. බුදුවරුන් විසින් වනාහි ස්වකීය ඤාණ බලයෙන් මේ සත්ත්වයා අනාගතයෙහි බෝධියට පැමිණෙන්නේ යයි ප්‍රකාශ කරන බෝධිසත්ත්වයා පින් පිරුණ බැවින් නියත යයි කියනු ලැබේ. මෙසේ මේ ව්‍යවහාර මාත්‍රය ගෙන බෝධිසත්ත්වයා පශ්චිම භවිකය. ඒ සමයේ ධර්මය අවබෝධ කිරීමට සුදුසුය යන අදහසින් නියත වූ නියාමයට බැසගන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලී අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මිච්ඡත්ත නියතො යනාදි අනිත් නියාමයෙන් නියත වූ අන්‍ය නියාමභාව දැක්වීම සඳහා කියන ලදී. පුබ්බෙ මග්ගං භාවෙත්‍වා යනාදිය නියාම ප්‍රභේද දැක්වීමට කියන ලදී. භබ්බො බොධිසත්තො යන වචනය හුදෙක් බෝසතුන්ගේ සුදුසු බව දක්වයි. නියතයාගේ නියාමයට බැසගැනීම ඒ නිසා අසාධ වේ. හේ වනාහි පෙර එක් නියත ධර්මයකින් අනියතය. බෝමැඩදී සත්‍ය දර්ශනයෙන් නියාමයට බැස ගන්නේය.
121. නිවුත කථා
දැන් නිවුත කතා නම් වේ. එහි පිරිසිදු පුද්ගලයාට පිරිසිදු කෘත්‍ය නැති බැවින් නීවරණයන්ගේ යටකරන ලද පැතිර ඇති ගැවසීගත් පුද්ගලයාට නීවරණ දුරුකිරීම වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා නිවුතො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. රත්තො රාගං යනාදිය නිවුතයාගේ (වටකළහුගේ) නීවරණ දුරුකිරිමෙහි දොස් දැක්වීමට කියන ලදී. පරිසුද්ධෙ පරියොදාතෙ යනාදිය විෂ්කම්භන විසුද්ධියෙන් පිරිසිදු වූවහුගේ සමුච්ඡෙද විසුද්ධිය දැක්වීමට කියන ලදී. තස්ස එවං ජානතො යනාදිය දැනීමෙන් දැකීමෙන් නිවන දක්වයි. නිවුත්තයාගේ නීවරණ දුරකිරීම නොවේ. එහෙයින් අසාධක වේ.