117. කප්පට්ඨ කථා
දැන් කල්පස්ථ කථා නම් වේ. එහි යමෙකුගේ ‘සංඝ සමග්ගං භෙත්වාන කප්පං නිරම්හි පච්චති’ (සමගි සංඝයා භේද කොට කල්පයක් නිරයෙහි පැසේ) යයි සංඝ භේදකයා කල්පයම නිරයේ සිටී යයි ලබ්ධි වේ. යම්සේ රාජගිරිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා කප්පට්ඨො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. බුද්ධො ච ලොකෙ යන මෙය හැර බුද්ධෝත්පාදයෙන් සංඝභේදයේ අභාවය දැක්වීමට කියන ලදී. කප්පො ච සණ්ඨාති සංඝො ච භිජ්ජති යනාදිය ඉදින් හේ මුළු කල්පයම සිටීද, නැවත හටගැනීමේ සිට ඒ කර්මය කොට එහි ඉපදී සිටින්නේ යයි දැක්වීමට කියන ලදී. අතීතං යනාදිය යට කියන ලද අදහසය. කප්පට්ඨො ඉද්ධිමා යන ප්රශ්නයෙහි භාවනාමය සඳහා ප්රතික්ෂේප කරයි. පරසමයෙහි ජාතිමය ඍද්ධිය කැමති වේ. ඒ සඳහා පිළිගනී. ඡන්දිද්ධිපාදො යනාදිය ජාතිය හැර ඉද්ධියෙන් ඉද්ධි ඇතැයි මෙය ලබ්ධිය පමණකි. කිම එයින් ඍද්ධිය ඇත්ද? මෙම නයින් ඉද්ධිපාද භාවිතය වන්නේ යයි චෝදනා පිණිස කියන ලදී. අපායිකො නෙරයිකො යන සූත්රය හේ එක කපක් අසූවට බෙදා එයින් එක් කොටසක කාලයක් පමණක් සිටින්නේය. ඒ ආයු කල්පය සඳහා කියන ලදී. එහෙයින් දුසාධක වේ.
118. කුසල චිත්ත පටිලාභ කථා
දැන් කුසල සිත් ප්රතිලාභ කථා නම් වේ. එහි කල්පයමය ස්ව සමයෙහි කාමාවචර කුසලයම ලබයි. එහි උපත යමකින් වලක්වන්නේ නම් එය මහග්ගත හෝ ලෝකෝත්තර හෝ නොලබයි. මෙම විභාගය නොකොට අවිශේෂයෙන් ඒ කුසල සිත නොලැබේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. විභාග දැක්වීමෙන් ඔවුන්ගේ ඒ ලබ්ධිය බිඳීමට විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.
119. අනන්තරාපයුත්ත කථා
දැන් අනන්තරාපයුත්ත කථා නම් වේ. එහි අනන්තරාපයුත්ත නම් යමකින් ස්කන්ධ භේදයෙන් අනතුරුව විපාක දෙන මාතු ඝාතක ආදි ආනන්තරික කර්ම අණ කරන ලදී. එහි යමෙකුගේ නියත අණ කිරිමෙන් අණකරන ලද ඒ කර්මය කරන්නේය. හේ අර්ථසාධක චේතනාවෙන් උපදින ලද බැවින් මච්ඡත්තනියත වේ. සම්මත්ත නියාමයට බැසගැනීමට නො සුදුසු වේ. යමෙකුගේ අනියත ආණත්තියෙන් අණ කරන ලද ඒ කර්මය කරන්නේය. හේ අර්ථසාධක චේතනාවෙන් නූපදන ලද බැවින් මිච්ඡතෙ නියත නොවේ. සම්මත්ත නියාමයට බැසගැනීමට සුදුසු වේ. මෙය ස්ව සමයෙහි නිශ්චයයි. අනියත ආණත්තියෙන් ද සම්මත්ත නියාමයට බැසගැනීමට නුසුදුසු වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන්ගේ ලබ්ධිය බිඳීමට සකවාදියා පූර්ව පක්ෂය දී අනන්තරා පයුත්තො යයි පරවාදියා විසින් තමාගෙන් විචාරවයි. එයින් මෙහි පළමු විචාරීම පරවාදියාටය. අර්ථසාධක චේතනාවේ අභාවය සඳහා ප්රතිඥාව සකවාදියාටය. ඉන්පසු පරවාදියා මාතුඝාත ආදි කර්මයේ අණ ලද බැවින් හේ මිච්ඡත්ත නියත යයි සිතයි. එහෙයින් මිච්ඡත්ත නියාමං යන ප්රශ්නය විචාරයි. සකවාදියා එක් පුද්ගලයෙකුගේ නියාම දෙකක් බැස නො ගැනීම සඳහා න හෙවං යයි ප්රතික්ෂේප කරයි.
නනු තං කම්මං යනු මාතුඝාතාදි කර්මය. එහි අනියත ඇණවීම සඳහා ආමන්තා යයි ප්රතිඥාව සකවාදියාගේය. අනියත වූද ඇණවීම යොදවා සිටියහුට මා විසින් නුසුදුසු දෙයක් කරන ලදැයි කුකුස් ඉපදී විපිළිසර බවට පත්වේ. හඤ්චි යනාදිය කුකුස් ඉපදීම පමණක් ගෙන පරවාදියා විසින් ලබ්ධිය පිහිටුවීමට කියන ලදී.
දැන් යමෙකුගේ අනියත ආණත්තිකයකුගේ අනන්තර පුථුක්ත පරාදීනව සම්මත්ත නියමයට බැසගැනීම වන්නේය. ඒ පුද්ගලයා ගෙන අනන්තර, පයුත්තො පුග්ගලො අභබ්බො යයි විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සකවාදියා මාතුඝාතාදි කර්ම කරන්නා නුසුදුසු වේ. කිම ඔබගේ එයින් ඒ කර්ම කළවුන් යයි චෝදනා කිරීමට මාතා ජීවිතා වොරොපිතා යනාදිය කීය. අනෙකා ඒ වස්තූන්ගේ අරෝගය පිණිස එබඳු ක්රියාවක් නොදක්නේ න හෙවං යයි ප්රතික්ෂේප කරයි.
තං කම්මං පටිසංහරිත්වා යයි අනියත ආණත්ති කර්මය සඳහා කියන ලදී. එය මා විසින් කළ අණ නිවාරණයෝ හැකිළීම වේ. හකුලන ලද හෙයින්ම මෙහි කුකුස දුරුවිය. එනිසා විපිළිසර බව දුරුවීම වේ. මෙසේ ඇති කල්හිද පෙර ඇණවීමෙන්ම නියතභාවය සිතන්නේ පරවාදියා ආමන්තා යයි පිළිගනී. ඉක්බිති ඔහුට සකවාදියා ඒ කර්මයේ හකුලන ලද බව පිළිගන්වා තමාගේ ලබ්ධිය පිහිටුවා හඤ්චි යනාදිය කීය.