105. ඉදං දුක්ඛන්ති කථා
දැන් මේ දුක් සහ කථා නම් වේ. එහි යමෙකුගේ ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි යෝගාවචරයා මෙසේ දුක් යයි කියයි. මෙසේ ඔහුගේ මේ දුකයයි වචන කීමද මේ දුකයයි ඤාණය පවතී යයි ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. මාර්ග ක්ෂණයෙහි එසේ වචන කීම ඤාණය පැවතීම ද සඳහා ප්රතිඥාව අනෙකාටය. යම්සේ හේ සෙසු සත්ය පටිසංයුක්ත වචන පෘථග්ජනව කියයි ද, ඔහුගේ එබඳු ඤාණ පැවතුම් කැමති නොවේ. එනිසා සමුදයාදි ප්රනවල ප්රතික්ෂේප කරයි. රූපං අනිච්චං ආදි දුකට ඇතුළත් දැකීම් වශයෙන් කියන ලදී. අනිකා වනාහි ස්ව සමයෙහි එබඳු ව්යවහාර නොදක්නේ ප්රතික්ෂේප කරයි. ඉති වදන්ති යනාදිය ඉදින් ඔහුගේ දුකෙහි ඤාණය පවතී. ඉදං දුක්ඛං යන පිළිවෙළින් සතර ඤාණයෙහි පැවතිය යුතුයයි දැක්වීමට කියන ලදී. අනෙකා එසේ කැමති නොවේ. එහෙයින් ප්රතික්ෂේප කරයි.
106. ඉද්ධි බල කථා
දැන් ඉද්ධිබල කථා නම් වේ. එහි ඉද්ධිපාද භාවනා ආනිසංස අනුවණින් ගෙන ඉද්ධි බලයෙන් යුක්ත කල්පයක් ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහිංසාසකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්ය යයි විචාරීම සකවාදියාටය. එහි කල්ප නම් මහා කල්ප, කල්ප ඒක දේස, ආයුෂ කල්ප යයි ත්රිවිධය. ‘මහණෙනි, මේ කල්පයේ අසංඛ්ය සතරකි’ යන තැන මහා කල්පය කල්පයයි කියන ලදී. ‘බ්රහ්ම කායික දෙවියන්ගේ ආයු ප්රමාණය කල්පය’යි මෙතැන කල්යෙක දෝෂයයි. ‘නිරයෙහි කල්පයක් පැසේ.’ මෙතැන ආයු කල්පයයි. ආයු කල්පය, ආයු විධානයයි. කර්ම විපාක වශයෙන් හෝ වර්ෂ ගණනින් හෝ ආයු පිරිසිඳීම යන අර්ථය වේ. ඒවායින් මහා කල්පය සඳහා විචාරයි. අනෙකා පිළිගනී.
ඉක්බිති ඔහුට සකවාදියා ඉදින් ඔබගේ ඉද්ධි බලයෙන් යුක්ත වූයේ ‘යමෙක් අවුරුදු සීයක් හෝ ඊට අඩුවෙන් හෝ වැඩියෙන් හෝ මෙසේ සීමාවන ආයු කල්පය, වැඩියෙන් මහා කල්පයක් හෝ මහා කල්යෙක දේශයක් හෝ ජීවත් වන්නේ ද ඉද්ධියෙන් ඔහුගේ ආයුෂය වේදැයි චෝදනා කිරීමට ඉද්ධිමයී කො සො ආයු යනාදිය කීය. අනෙකා ඍද්ධිමය ජීවිතේන්ද්රියක් නැත. කර්මයෙන්ම හටගන්නා ලදැයි කියන ලද හෙයින් ප්රතික්ෂේප කරයි. මෙහි ඍද්ධිමතාගේ විශේෂය කුමක්ද? ඍද්ධිය නැතිවද ආයු කල්පය සිටින්නේ නොවේද? විශේෂය මෙයයි. ඍද්ධිමතාට ආයු ඇති තෙක් ජීවිතය පවත්වන්නේ අන්තරායකර කරුණු සෘද්ධි බලයෙන් බැහැර කර අනතුරු අකාල මරණ වැලැක්වීමට හැකි වේ. ඍද්ධි නැත්තාට මෙබඳු බලයක් නැත.
අතීතං අනාගතං යයි මෙය අවිශේෂයෙන් කල්පය සිටී යයි ප්රතිඥාත හෙයින් චෝදනා කරයි. ද්වෙ කප්පෙ ආදිය ඉදින් ඍද්ධිවන්තයා ජීවිත කාලය ඉක්මවීමට සමත් වේ. එකක් නොව අනෙක් කල්ප සිටී යයි චෝදනාව පිණිස කියන ලදී. උප්පන්නො ඵස්සො ආදි සියල්ල ඍද්ධියෙන් නොලබයි. ඍද්ධියට අවිෂයද ඇතැයි දැක්වීමට කියන ලදී. මෙහි සෙස්ස පැහැදිලිය.
106. සමාධි කථා
දැන් සමාධි කථා නම් වේ. එහි යමෙකුගේ ඒක චිත්තක්ෂණයෙහි ඉපදුනද ඒකග්ගතාව සමාධාන අර්ථයෙන් සමාධියයි නොගෙන ‘සත්ත රත්තින්ධිවාති එකත්ත සුඛ පටිසංවෙදි විහරිතුං’ ආදි වචන නිසා චිත්ත සන්තතිය සමාධියයි ලබ්ධි වේ. යම්සේ සර්වාස්තිවාදීන්ගේ ද උත්තරා පථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා චිත්ත සන්තති යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් චිත්ත සන්තතිය සමාධි චිත්ත සන්තති නමි. අතීතය ද ඇත. අනාගතය ද ඇත. වර්තමාන සිත පමණක් චිත්ත සන්තති නොවේ. කිම ඔබගේ ඒ සියළු සමාධියයි චෝදනා කිරීමට අතීත යනාදිය කීය. අනෙකා එසේ අකැමැත්තේ ප්රතික්ෂේප කරයි.
නනු අතීතං නිරුද්ධං යනාදි චිත්ත සන්තතියේ වර්තමාන සිතම කෘත්ය කරයි. අතීත අනාගත නිරුද්ධ බැවින් නූපන්නේ ද නැත. කෙසේ නම් එය සමාධි නම් වේදැයි දැක්වීමට කියන ලදී. එක චිත්තක්ඛණිකො යයි විචාරීම පරවාදියාටය. එයින් ස්ව සමයෙහි ‘සමාධිං භික්ඛවෙ භාවෙථ’ යනාදියෙහි වර්තමාන කුසල සිතින් යුත් ඒකග්ගතාව සමාධිය යයි කියන ලදී. ඒ සඳහා ප්රතිඥාව සකවාදියාටය. චක්ඛු විඤ්ඤාණ සමංගී යනාදි ‘ඒක චිත්ත ක්ෂණික’ යයි වචනය පමණක් ගෙන ජලයෙන් කියන ලදී. එයින් සකවාදියා විසින් ප්රතික්ෂේප කරන ලදී. නනු වුත්තං භගවතා යන සූත්රය පෙරපසු වශයෙන් පවතින සමාධිය අමිශ්රව සිදුකරයි. සන්තතියෙන් සමාධිභාවය නැත. එහෙයින් සාධක නොවේ.
108. ධම්මට්ඨිතතා කථා
දැන් ධම්මට්ඨිතතා කථා නම් වේ. එහි ‘ඨිතාව සා ධාතු’ යන වචනය නිසා පටිච්ච සමුප්පාද සංඛ්යාත ධම්මට්ඨිතතා නම් එකක් ඇත. එයද පරිනිෂ්පත්තය යනු යමෙකුගේ ලබ්ධියයි. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් පරිනිෂ්පන්න වූ අවිජ්ජාදීන්ගේ අන්ය වූ ධම්මට්ඨිත්තා නම් පරිනිෂ්පන්නයක් ඇත්ද? ඔබගේ ඒ ධම්මට්ඨිතායෙන් අන්ය වූ ස්ථිතියක් පරිනිෂ්පන්න වේදැයි චෝදනා කිරීමට තාය ඨිතාය යනාදිය කීය. පරවාදියා මෙබඳු වූ ලබ්ධියක් නැති බැවින් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ අනන්තර ප්රත්යය ද අඤ්ඤමඤ්ඤ ප්රත්යය ද සඳහා පිළිගනී. සෙස්ස යට කියන ලද නය අනුව පැහැදිලිය.