103. ඤාණ කථා
දැන් ඤාණ කථා නම් වේ. එහි මාර්ග ඤාණයෙන් අඥානය ඉවත්වූ කල්හි ද නැවත චක්ඛු විඤ්ඤාණාදි වශයෙන් ඤාණ විප්රයුක්ත සිත පවතිනවිට ඒ මාර්ග සිත නොපවතී. එහෙයින් ඤාණය ඇතැයි නොකිවයුතු යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට අඥානය ඉවත්වූ කල්හි ඤාණ යයි පැණවීමක් නොවන්නේය. රාගාදිය ඉවත්වූ කල්හි වීතරාගාදි පැණවීමක් ද නොවන්නේ යයි පුද්ගල පැණවීමෙහි අදක්ෂයයි චෝදනා කිරීමට රාගෙ විගතෙ යනාදිය කීය. පරවාදියා ඒවා ඉවත්වූ කල්හි සරාගාදි භාවයෙහි යුක්තිය නොදක්නේ ප්රතික්ෂේප කරයි. අවසානයෙහි යම්සේ ඤාණලාභයෙන් එය ඤාණය යයි කිවයුතු බව සුදුසු වේ. එහෙයින් න හෙවං ප්රතික්ෂේපය සකවාදියාටය.
104. ඤාණ චිත්තවිප්පයුත්ත යයි කථා
දැන් ඤාණය චිත්ත විප්රයුක්ත යයි කථා නම් වේ. යම්සේ රහතන් වහන්සේ චක්ඛු විඤ්ඤාණාදියෙන් යුත් ලැබූ මාර්ග ඤාණය නිසා ඤාණී යයි කියනු ලැබේ. උන්වහන්සේ ඒ සිතෙන් සම්ප්රයුක්ත නැත. එහෙයින් ඤාණය චිත්ත විප්රයුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබේ ඤාණය චිත්ත විප්රයුක්ත වේනම් චිත්ත විප්රයුක්ත රූපාදියෙහි එකක් වන්නේ යයි චෝදනා කිරීමට රූපං යනාදිය කීය. අනෙකා ප්රතික්ෂේප කරයි. සෙස්ස යට කියන ලද නය අනුවමය. අවසානයෙහි වනාහි පඤ්ඤවා යයි විචාරණ ලද්දේ ප්රතිලාභ වශයෙන් ඒ පැවැත්ම කැමති වේ. එනිසා පිළිගනී.
105. ඉදං දුක්ඛන්ති කථා
දැන් මේ දුක් සහ කථා නම් වේ. එහි යමෙකුගේ ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි යෝගාවචරයා මෙසේ දුක් යයි කියයි. මෙසේ ඔහුගේ මේ දුකයයි වචන කීමද මේ දුකයයි ඤාණය පවතී යයි ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. මාර්ග ක්ෂණයෙහි එසේ වචන කීම ඤාණය පැවතීම ද සඳහා ප්රතිඥාව අනෙකාටය. යම්සේ හේ සෙසු සත්ය පටිසංයුක්ත වචන පෘථග්ජනව කියයි ද, ඔහුගේ එබඳු ඤාණ පැවතුම් කැමති නොවේ. එනිසා සමුදයාදි ප්රනවල ප්රතික්ෂේප කරයි. රූපං අනිච්චං ආදි දුකට ඇතුළත් දැකීම් වශයෙන් කියන ලදී. අනිකා වනාහි ස්ව සමයෙහි එබඳු ව්යවහාර නොදක්නේ ප්රතික්ෂේප කරයි. ඉති වදන්ති යනාදිය ඉදින් ඔහුගේ දුකෙහි ඤාණය පවතී. ඉදං දුක්ඛං යන පිළිවෙළින් සතර ඤාණයෙහි පැවතිය යුතුයයි දැක්වීමට කියන ලදී. අනෙකා එසේ කැමති නොවේ. එහෙයින් ප්රතික්ෂේප කරයි.
106. ඉද්ධි බල කථා
දැන් ඉද්ධිබල කථා නම් වේ. එහි ඉද්ධිපාද භාවනා ආනිසංස අනුවණින් ගෙන ඉද්ධි බලයෙන් යුක්ත කල්පයක් ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහිංසාසකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්ය යයි විචාරීම සකවාදියාටය. එහි කල්ප නම් මහා කල්ප, කල්ප ඒක දේස, ආයුෂ කල්ප යයි ත්රිවිධය. ‘මහණෙනි, මේ කල්පයේ අසංඛ්ය සතරකි’ යන තැන මහා කල්පය කල්පයයි කියන ලදී. ‘බ්රහ්ම කායික දෙවියන්ගේ ආයු ප්රමාණය කල්පය’යි මෙතැන කල්යෙක දෝෂයයි. ‘නිරයෙහි කල්පයක් පැසේ.’ මෙතැන ආයු කල්පයයි. ආයු කල්පය, ආයු විධානයයි. කර්ම විපාක වශයෙන් හෝ වර්ෂ ගණනින් හෝ ආයු පිරිසිඳීම යන අර්ථය වේ. ඒවායින් මහා කල්පය සඳහා විචාරයි. අනෙකා පිළිගනී.
ඉක්බිති ඔහුට සකවාදියා ඉදින් ඔබගේ ඉද්ධි බලයෙන් යුක්ත වූයේ ‘යමෙක් අවුරුදු සීයක් හෝ ඊට අඩුවෙන් හෝ වැඩියෙන් හෝ මෙසේ සීමාවන ආයු කල්පය, වැඩියෙන් මහා කල්පයක් හෝ මහා කල්යෙක දේශයක් හෝ ජීවත් වන්නේ ද ඉද්ධියෙන් ඔහුගේ ආයුෂය වේදැයි චෝදනා කිරීමට ඉද්ධිමයී කො සො ආයු යනාදිය කීය. අනෙකා ඍද්ධිමය ජීවිතේන්ද්රියක් නැත. කර්මයෙන්ම හටගන්නා ලදැයි කියන ලද හෙයින් ප්රතික්ෂේප කරයි. මෙහි ඍද්ධිමතාගේ විශේෂය කුමක්ද? ඍද්ධිය නැතිවද ආයු කල්පය සිටින්නේ නොවේද? විශේෂය මෙයයි. ඍද්ධිමතාට ආයු ඇති තෙක් ජීවිතය පවත්වන්නේ අන්තරායකර කරුණු සෘද්ධි බලයෙන් බැහැර කර අනතුරු අකාල මරණ වැලැක්වීමට හැකි වේ. ඍද්ධි නැත්තාට මෙබඳු බලයක් නැත.