99. හේතු සමාදාන හෙතු කථා
දැන් සමාදාන හෙතු කථා නම් වේ. එහි ‘ආරාමරොපා’ යන ගාථාවේ අර්ථය අනුවණින් ගෙන ‘සදා පුඤ්ඤං පවඩ්ඪති’ යයි ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. චිත්ත විප්රයුක්ත සීලොපචය සඳහා ප්රතිඥාව පරවාදියාටය. සෙස්ස පෙර කථා හා සමාන වේ.
100. විඤ්ඤත්ති සීලත්ති කථා
දැන් විඤ්ඤත්තිය සීලය යයි කථා නම් වේ. එහි කාය විඤ්ඤත්ති කාය කර්ම වේ. වචී විඤ්ඤත්ති වාක් කර්ම වේයයි ගන්නා ලද බැවින් විඤ්ඤත්තිය සීලය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විඤ්ඤත්ති යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්සේ සීලය නම් විරතියකි. රූප ධර්මයක් නොවේ. එහෙයින් මෙයින් චෝදනා කිරිමට පාණාතිපාතා වෙරමණී යනාදිය කීය. අභිවාදනං සීලං යනාදි යථාරූප වූ විඤ්ඤත්ති සීලය යයි හඟී. එය උපුටා දැක්වීමට කියන ලදී. යම්හෙයකින් එය විරති නොවේ නම් එහෙයින් නැවත පාණාතිපාතා යනාදිය කීය. ලබ්ධිය වනාහි ජලයෙන් පිහිටුවන ලද බැවින් නො පිහිටියේමය.
101. අවිඤ්ඤත්ති දුස්සීල්යන්ති කථා
දැන් අවිඤ්ඤත්ති දුස්සීල කථා නම් වේ. එහි චිත්ත විප්රයුක්ත අකුසල් රැස්කිරීම ද පාණාතිපාතාදියෙහි අංග සම්පූර්ණවීම සඳහා ඇණවීමද අවිඤ්ඤත්ති දුස්සීලබව යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහාසංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඒ දුසිල්බව පාණාතිපාතාදියෙහි එක්තරා එකක වන්නේ යයි චෝදනා කිරීමට පාණාතිපාතො යනාදිය කීය. පාපකම්මං සමාදියිත්වා මෙසේ පාප සමාදානය වී උභො වඩ්ඪන්ති යයි විචාරණ ලද්දේ දෙන ක්ෂණයෙහි පාපයේ නො ඉපදීම සඳහා ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ චිත්ත විප්රයුක්ත පව් රැස්කිරීම සඳහා පිළිගනී. මෙහි සෙස්ස පරිභොගමය කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. ඔහුගේ ලබ්ධි පිහිටුවීම පාප සමාදාන පූර්ව භාගයෙහි සාධනය වේ. අවිඤ්ඤත්ති දුසිල්බවේ නොවේ.
දසවෙනි වර්ගයයි.
දෙවැනි පණ්ණාසකය සමාප්තයි.
11. එකොළොස්වෙනි වර්ගය
102. තිස්සො අනුසය කථා
දැන් අනුසය අඛ්යාකතා, අහෙතුකා, චිත්ත විප්පයුත්තා යයි අනුසය කථා තුනෙක් වේ. එහි යම්සේ පෘථග්ජනයා කුසල අඛ්යාකත සිත පවත්නා කල අනුසය සහිත යයි කිවයුතුය. ඒ ක්ෂණයෙහි යම් හේතුවක් ඔහුගේ ඒ හේතුවෙන් අනුසය සහේතුක නොවේ. එය සිත සමග සම්ප්රයුක්ත නොවේ. එහෙයින් එය අබ්යාකත, අහේතුක, චිත්ත විප්රයුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා කථා තුනේම විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස යට කියන ලද නය අනුව පෙළ මගින්ම දැනගැනීමට හැකි නිසා විස්තර නොකරන ලදී.
103. ඤාණ කථා
දැන් ඤාණ කථා නම් වේ. එහි මාර්ග ඤාණයෙන් අඥානය ඉවත්වූ කල්හි ද නැවත චක්ඛු විඤ්ඤාණාදි වශයෙන් ඤාණ විප්රයුක්ත සිත පවතිනවිට ඒ මාර්ග සිත නොපවතී. එහෙයින් ඤාණය ඇතැයි නොකිවයුතු යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට අඥානය ඉවත්වූ කල්හි ඤාණ යයි පැණවීමක් නොවන්නේය. රාගාදිය ඉවත්වූ කල්හි වීතරාගාදි පැණවීමක් ද නොවන්නේ යයි පුද්ගල පැණවීමෙහි අදක්ෂයයි චෝදනා කිරීමට රාගෙ විගතෙ යනාදිය කීය. පරවාදියා ඒවා ඉවත්වූ කල්හි සරාගාදි භාවයෙහි යුක්තිය නොදක්නේ ප්රතික්ෂේප කරයි. අවසානයෙහි යම්සේ ඤාණලාභයෙන් එය ඤාණය යයි කිවයුතු බව සුදුසු වේ. එහෙයින් න හෙවං ප්රතික්ෂේපය සකවාදියාටය.
104. ඤාණ චිත්තවිප්පයුත්ත යයි කථා
දැන් ඤාණය චිත්ත විප්රයුක්ත යයි කථා නම් වේ. යම්සේ රහතන් වහන්සේ චක්ඛු විඤ්ඤාණාදියෙන් යුත් ලැබූ මාර්ග ඤාණය නිසා ඤාණී යයි කියනු ලැබේ. උන්වහන්සේ ඒ සිතෙන් සම්ප්රයුක්ත නැත. එහෙයින් ඤාණය චිත්ත විප්රයුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබේ ඤාණය චිත්ත විප්රයුක්ත වේනම් චිත්ත විප්රයුක්ත රූපාදියෙහි එකක් වන්නේ යයි චෝදනා කිරීමට රූපං යනාදිය කීය. අනෙකා ප්රතික්ෂේප කරයි. සෙස්ස යට කියන ලද නය අනුවමය. අවසානයෙහි වනාහි පඤ්ඤවා යයි විචාරණ ලද්දේ ප්රතිලාභ වශයෙන් ඒ පැවැත්ම කැමති වේ. එනිසා පිළිගනී.