93. පංච විඤ්ඤාණ සමංගිස්ස මග්ග කථා
දැන් පංච විඤ්ඤාණ සමංගි වූ මග්ග කථා නම් වේ. එහි යමෙකුගේ ‘භිකඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති’ යන සූත්රය නිසා පංච විඤ්ඤාණ යුක්ත වූ පුද්ගලයාගේ මාර්ග භාවනා ඇතැයි ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔහුට මාර්ග භාවනා ඇත්නම් පංචවිඤ්ඤාණ ගතිකයෙන් මාර්ගය හෝ මාර්ග ගතිකයෙන් පංච විඤ්ඤාණයන් හෝ විය යුතුය. ඒවා මාර්ග ගතික නොවේ. නිවන අරමුණු නොවන බවද ලෝකෝත්තරය නොවන බව ද පංච විඤ්ඤාණ ගතික මාර්ගය නොවේ. ඒවායේ ලක්ෂණයෙන් සංගිත නොවේ යයි චෝදනා කිරීමට නනු පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්ථුකා යනාදිය කීය. එහි අදහස මෙසේය. ඉදින් පංච විඤ්ඤාණ සමංගියාව මාර්ග භාවනා වන්නේ නම් යම් මනෝවිඤ්ඤාණයකින් මාර්ගය සම්ප්රයුක්ත වේ නම් එයද පංච විඤ්ඤාණ යුක්ත වූවහුට වන්නේය. මෙසේ ඇති කල්හි යම් මේ පංච විඤ්ඤාණ උපන් වස්තු යයි ආදි ලක්ෂණය කියන ලදී. මෙසේ නොකියා විඤ්ඤාණ හයකැයි කිවයුතු වන්නේය. එසේ නොකියා පඤ්ච විඤ්ඤාණයම කියන ලදී. එනිසා පංච විඤ්ඤාණ සමංගියාට මාර්ග භාවනා ඇතැයි නොකිව යුතුය. යම්සේ මෙහි අදහස මෙසේය. එහෙයින් සකවාදියා ඒ ලක්ෂණය පරවාදියාට පිළිගන්නවා නො වත රෙ වත්තබ්බෙ පඤ්ච විඤ්ඤාණ සමංගිස්ස අත්ථි මග්ගභාවනා යයි කීය. (පංච විඤ්ඤාණ සමංගියාව මාර්ග භාවනා ඇතැයි නොකිවයුතුය යන අදහස වේ.)
වෙනත් න්යායක්:- පංච විඤ්ඤාණ උපන් වස්තු මාර්ග අවස්තු ද වේ. ඒවාද උපන් අරමුණු වේ. මාර්ගය කිවයුතු අරමුණක් නොවේ. එය පෙර හටගත් වස්තුවකි. මාර්ගය අවස්තුක ද වේ. ඒවා පෙර හටගත් අරමුණුය. මාර්ගය පෙර හටගත් අරමුණක් නොවේ. ඒවා ආධ්යාත්මක වස්තු වේ. මාර්ගය අවස්තුක ද වේ. ඒවාද රූපාදි වශයෙන් බාහිර අරමුණුය. මාර්ගය නිවන් අරමුණුය. ඒවා නානා වස්තුක වේ. මාර්ගය අවසකු හෝ ඒක වස්තුක හෝ වේ. ඒවා නා නා අරමුණු වේ. මාර්ගය එක් අරමුණ වේ. ඒවා තම තමාගේම රූපාදි ගෝචරයෙහි පැවැත්වීමෙන් අන්යෝන්ය ගෝචර විසයෙහි නොහැසිරෙයි. මාර්ගය රූපාදියෙහි එකම හැසිරීමෙන් නොකරයි. කිරියමනෝධාතුව පෙර හැසිර එක්තැන් කිරීමෙන් මෙනෙහි කිරීමෙන් උපදියි. මාර්ගය ආවර්ජනා රහිත වේ. ඒවා පිළිගැනීම් ආදියෙන් ගැවසීගෙන උපදී. මාර්ගයට ඒවා සමග පෙරපසු බව නැත. ඒවා නූපන් කාලයෙහි තීක්ෂණ විදර්ශනා සමයෙහි ඒවායේ අනුප්පත්තිදේස වූ ආරුප්පයෙහි ද ඉපදීමෙන් ඒවා පිළිගැනීම් ආදියෙන් අතර බැවින් අන්යෝන්ය සමනන්තරව නූපදී. මාර්ගයට පිළිගැනීම් ආදියෙන් අන්තරිත භවයක් ද නැත. ඔවුන්ගේ අන්තැන්හි අභිමුඛව වැටෙන අභෝග මාත්ර කිසකුදු නැත. මාර්ගයේ කෙසේ උදුරා දමන කෘත්ය ඇත. යම්හෙයකින් මෙහි ද අභිප්රාය මෙසේය. සකවාදියා මේ ආකාරයෙන් මාර්ගයේ අපංචවිඤ්ඤාණ ගතිකභාවය පරවාදියාට පිළිගන්වා ‘නො වත රෙ වත්තබ්බෙ පඤ්ච විඤ්ඤාණ සමංගිස්ස අත්ථි මග්ග භාවනා’ යයි කීය.
සුඤ්ඤතං ආරම්හ යයි යම්සේ ලෝකෝත්තර මාර්ගය ශුන්ය වූ නිර්වානය අරබයා ද ලෞකිකය. සුද්ධ සංස්කාර පුංජය අරබයා ද උපදී. කිම ඔබ මෙසේ චක්ඛු විඤ්ඤාණය විචාරන්නෙහිද? අනිකා ‘චක්ඛඤ්ච පටිච්ච රූපෙ ච’ වචනයෙන් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ ‘න නිමිත්තග්ගාහි’ යන වචනයෙන් එහි යම් අනිමිත්තක් වේ යයි එයම ශූන්ය යයි පිළිගනී. චක්ඛුඤ්ච පටිච්චාති ප්රශ්න දෙකෙහිම මෙම නය වේ.
චක්ඛු විඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ යයි මෙහි අදහස මෙසේය. මනෝ විඤ්ඤාණයෙන් යුක්ත වූ තැනැත්තාට මාර්ග භාවනා ඇත. මනෝ විඤ්ඤාණය ද අතීත අනාගත ද අරබයා උපදී. කිම ඔබගේ චක්ඛු විඤ්ඤාණය මෙසේද? ඵස්සං ආරබ්භ යනාදියෙහි ද මෙම නය වේ. චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී යන මෙහි ජවන ක්ෂණයෙන් නිමිති ගන්නා ලද්ද කියන ලදී. චක්ඛු විඤ්ඤාණං ක්ෂණයෙහි නොවේ. එහෙයින් ලෞකික මාර්ගය සඳහා ද මෙය සාධක නොවේ.