5. ජහති කථා
නසුත්තාහරණකථාවණ්ණනා
දැන් ඡහති කථා නම් වේ. එය යම් වචනලාභි පෘථග්ජනයා සත්යාවබෝධ අනාගාමි නම් වේ. ඔහුගේ පෘථග්ජන කාලයේම කාමරාග ව්යාපාද ප්රහීන වූයේ යයි ලබ්ධිය දැන් මේ සම්මිතියාගේ ලබ්ධිය මෙනි. ඔවුන්ගේ ඒ ලබ්ධිය බිඳීමට ජගති පුථුජ්ජනො යයි විචාරීම සකවාදියාගේය. ධ්යානයෙන් විෂ්කම්භනය ඒවායේ නැගිටීම නොදක්නවුන්ගේ ප්රතිඥාව පරවාදියාටය. ධ්යානයෙන් විෂ්කම්භනය වූද අනාගාමි මාර්ගයෙන්ම අත්යන්ත ප්රශ්නය වේ. එහෙයින් නැවත අච්චන්තං යනාදි අනුයෝගය සකවාදියාටය. එබඳු වූ ප්රහානයක අභාවයෙන් ප්රතික්ෂේපය අනිකාටය. වික්ඛම්භෙති යනු අත්යන්ත විෂ්කම්භනය සඳහා විචාරීම සකවාදියාටය. ඉන්පසු අනාගාමි මාර්ගස්ථයා සමග පෘථග්ජනයා සැසඳීම වේ. එය පැහැදිලිය.
ඉන්පසු අනාගාමිඵලෙ සණ්ඨාති යයි විචාරණ ලද්දේ ධ්යාන අනුගාමියා සඳහා පිළිගනී. අරහත්තෙ සණ්ඨාති විචාරණ ලද්දේ දර්ශන මාර්ගයෙන් උද්ධංභාගියන් හේ ප්රහාන අභාවයෙන් ප්රතික්ෂේප කරයි.
අපුබ්බං අචරිමං තයො මග්ගෙ යයි විචාරණ ලද්දේ එබඳු වූ භාවනාවක අභාවයෙන් ප්රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ මාර්ග තුනේ කෘත්ය ස්වභාවය සඳහා පිළිගනී. ශ්රමණඵල විචාරීම්වලද මෙම නයම වේ. කතමෙන මග්ගෙන යයි විචාරණ ලද්දේ අනාගාමි මග්ගෙන යයි ධ්යාන අනාගාමින් සඳහා කියයි. නැවත සංයෝජන ප්රහානය විචාරණ ලද්දේ අනාගාමි ආදි මාර්ග තුනෙන් ඒ කෙලෙස් ප්රහීන නොකළ හෙයින් ප්රතික්ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ පළමුවන මාර්ගයම ධ්යාන අනාගාමි මාර්ග භවය සඳහා පිළිගනී. මෙහි සෙස්ස පැහැදිලිය.
ජහති කථා වර්ණනා නිමි.
6. සබ්බමත්ථිති කථා
වාදයුත්තිවණ්ණනා
දැන් සියල්ල ඇත යන වාදකථා නම් වේ. එහි ‘යමෙකුගේ යම්කිසි රූපයක් අතීත අනාගත වර්තමාන........මෙය රූපස්කන්ධ යයි කියනු ලැබේ’ ආදි වචනයෙන් අතීතාදී සියළු භේද ස්කන්ධ ස්වභාවය අත්නොහරියි. එනිසා සියල්ල ඇත යන ලබ්ධිය වේ. ඔවුන්ගේ ඒ ලබ්ධි ශෝධනය සඳහා සබ්බමත්ථි යන විචාරීම සකවාදියාගේය. කියන ලද ආකාරයේ ලබ්ධියේ සිට පිළිගැනීම පරවාදියාගේය. සබ්බත්ථ යනු සියළු ශරීරයෙහි සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බදා යනු සියළු කාලයෙහි සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බෙන සබ්බං යනු සියළු ආකාරයෙන් සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බෙසු යනු සියළු ධර්මවල සියල්ල ඇත්දැයි විචාරයි. අයොගං අයුත්ත. නොයෙක් ස්වභාවවල යෝග වේ. එක ස්වභාවයක් නොවේ. මෙසේ මේ ප්රශ්නයෙහි රූපය වේදනාවෙන්, වේදනාව හෝ රූපයෙන් අනන්ය වූ ඒක ලක්ෂණය කොට සබ්බමත්ථි යයි විචාරයි. යම්පි නත්ථි තම්පත්ථි යම් සවැනි ස්කන්ධාදියක් සා අඟක් මෙන් කිසිවක් නැතැයි සිද්ධ වේ. එයද ඔවුන්ට ඇත්දැයි විචාරයි. සබ්බමත්ථිති යා දිට්ඨි සා දිට්ඨි මිච්ඡාදිට්ඨිති යා දිට්ඨි සා දිට්ඨි මෙයින් මෙය අසයි. ඔබගේ යම් මේ සියල්ල ඇත යන දෘෂ්ටිය, ඒ දෘෂ්ටිය යථාවත් නොකළ හැකි බැවින් මිථ්යා දෘෂ්ටියයි මෙසේ ඔබගේ සමයේ ඇත්දැයි විචාරයි. අනිත් තැනැත්තා මේ සියළු නයෙහි කියන ලද ආකාරයෙන් ඇති බව නැති හෙයින් ප්රතික්ෂේප කරයි. මේ සියළු නයෙහි වනාහි ආජානාහි නිග්ගහං යනාදිය කොට මාර්ගභේද සියළු කථා විස්තර වශයෙන් දතයුතුය.
කාල සංසන්දනය
දැන් අතීතං අත්ථිති කාල සංසන්දනය වේ. එහි අතීතං අත්ථි යනාදිය සුද්ධික සංසන්දනය. අතීතං රූපං අත්ථි ආදිය ස්කන්ධාදි වශයෙන් කාල සංසන්දනයයි.
පච්චුප්පන්නං රූපං අප්පියං කරිත්වා අතීත අනාගත හැර වර්තමාන රූපයම අප්රිය වූ භජනය නොකළ යුත්තේ කොට. රූපභාවං ජහති යන ප්රශ්නයෙහි නිරුද්ධ වූ රූපයේ ද රූපස්කන්ධයෙහි ඇතුළත් බැවින් ප්රතික්ෂේප කරයි. රූපභාවං න ජහති යන ප්රතිලෝම ප්රශ්නයෙහි ද රූපස්කන්ධෙහි සංගෘහීත හෙයින්ම පිළිගනී. ඔදාතං වත්ථං අප්පියං කරිත්වා යන මෙහි කිසිවක් නොව සියළු වස්ත්රය සුදුය. මෙයින් වස්ත්ර යයි නොකියා සුදු වස්ත්රය අප්රිය කොට යයි කී කල්හි සකවාදියා විසින් ඒකත්ත බැවින් අනුදනී. ඔදාතභාවං ජහති ප්රශ්නයෙහි වර්ණය ඉවත්වීම සඳහා ප්රතිඥාව සකවාදියාගේය. වත්ථහාවං ජහති මෙහි වනාහි පැණවීම පහ නොවූ හෙයින් ප්රතික්ෂේපය ඔහුටමය. ප්රතිලෝමයෙහි ද මෙම නයයි.