කාලසච්චිකට්ඨො
දෙවන නයෙහි සබ්බදා යයි පෙර පසු ජාති කාලය ද ජීවමාන හා පිරිනිවන්පෑ කාලය ද සඳහා අනුයෝගය සකවාදියාටය. ස්වෙව ඛත්තියො සො බ්රාහ්මණො යනාදියේ පැමිණි දෝසයද ධරමාන පිරිනිවන්පෑමේ විසේසභව දෝසයද දැක ප්රතික්ෂේපය පරවාදියාටය. සෙස්ස පළමු නයෙහි කියන ලද්ද හා සමාන වේ.
අවයවසච්චිකට්ඨො
තෙවන නයෙහි සබ්බෙසු යයි ස්කන්ධ ආයතනාදිය සඳහා අනුයෝගය සකවාදියාටය. රූපයෙහි ආත්මයයි ඇසෙහි ආත්මයයි ආදි දෝස බියෙන් ප්රතික්ෂේපය පරවාදියාටය. සෙස්ස එබඳුමය.
ඔකාසදිසච්චිකට්ඨාදි
මෙසේ මේ අනුලෝම ප්රත්යනීක පංචක තුනෙහි අනුලෝම වශයෙන්ම පමණක් පිළිවෙළින් බෙදා නැවත ප්රත්යනීක අනුලෝම පංචකයෙහි ප්රත්යනීක වශයෙන් පමණක්ම බෙදීමට පුග්ගලො නූපලබ්භති යනාදිය ආරම්භ කරන ලදී. එහි අනුලෝම පංචකයේ පෙළ හකුළුවා පැමිණි ප්රත්යනීකයෙහි කියන ලද නයින්ම ප්රත්යනීකයෙහි පෙළ හකුළුවා පැමිණි කල්හි අනුලෝමයෙහි කියන ලද නයින්ම අර්ථය දතයුතුය. මෙපමණකින් සුද්ධිතයේ මෙන්ම මේවායෙහිද තුණේ සහ සහ සතරේ සත්අරුත්වල එක එකෙහි සත් අරුතෙහි අනුලෝම ප්රත්යනීකයේ ප්රත්යනීක අනුලෝමයයි ප්රත්යනීක දෙකක් දෙකක් වශයෙන් මේ අෂ්ටමුඛ තමා වාද යුක්තිය දක්වන ලද්දේ වේයයි දතයුතුය. යම් එක එක මුඛයෙහි එක එක නිග්රහය වශයෙන් නිග්රහ අටකැයි පෙළෙහි ලියනු ලැබේ. එහි මෙය කියනු ලැබේ.
මෙසේ සිව්වේ පැනෙහි - දෙපංචකයෙහි බේදයෙන්
මෙය අවමුවය නම් - කියැවිණි වාද යුත්තිය
මෙය අවමුවය නම් - කියැවිණි වාද යුත්තිය
එහි නිගහ අටමය - දැහැමි වූ එයින් සතරකි
අදහමද සතරෙකි - සියළු තැන සකවාදිය
පරාජය මෙන් ජය - සියළු තැන පරවාදිය
අදහමද සතරෙකි - සියළු තැන සකවාදිය
පරාජය මෙන් ජය - සියළු තැන පරවාදිය
සච්චිකට්ඨ වර්ණනා නිමි.
සුද්ධික සංසන්දන වර්ණනාව
දැන් රූපාදිය සමග සච්චිකට්ඨ සංසන්දනය වේ. එහි රූපඤ්ච රූපය පරමාර්ථ වශයෙන් ලැබේ. කිම? ඔබේ පුද්ගලයා ද එසේ ලැබේද? යන්න සඳහා විචාරීම සකවාදියාගේය. පුද්ගලයෙක් ඇතැයි වචන මාත්රය පමණක් ගෙන ප්රතිඥාව පරවාදියාගේය. ඉදින් පරමාර්ථ වශයෙන් ඔබේ පුද්ගලික ඇත්නම්, රූපයෙන් වේදනාදිය මෙන් පුද්ගලයාගේ ද වෙනසකට පැමිණේ යයි අනුයෝගය සකවාදියාගේය. ආගම සූත්ර විරෝධය දැක ප්රතික්ෂේපය පරවාදියාගේය. සෙසු අර්ථ ප්රකටය. මෙහි ධර්ම වශයෙන් වනාහි සත්පනස් භේදයේ සත්යාර්ථ පරමාර්ථ වශයෙන් සකවාදී පක්ෂ මූලයේ අනුලෝම ප්රත්යනීකයේ සත්පනස් අනුලෝම පංචක දක්වන ලදී. ප්රතිකර්ම චතුක්කාදිය සංක්ෂේප කරන ලදී. පරවාදී පක්ෂ මූලයේ ද ප්රත්යනීක අනුලෝමයේ සත් පනස් පටිලෝම පංචක දක්වන ලදී. ප්රතිකර්ම චතුක්කාදිය සංක්ෂේප කරන ලදී. එය භගවත්හු කියන ලදැයි වචන මාත්රයෙන් පුද්ගලයාගේ ද රූපයේ ද ඇති බව සත්යය පරමාර්ථ වශයෙන් ලැබෙන බව දක්වා වෙනස් බව දැනවීම සඳහා වුත්තං භගවතා යන අනුයෝගය පරවාදියාගේය. සම්මුති පරමාර්ථවල ඒකත නානත්ත ප්රශ්නයේ තබන බව ප්රතික්ෂේපය සකවාදියාගේය. මෙහිද සෙස්ස අර්ථ වශයෙන් ප්රකටය.
සුද්ධික සංසන්දනය නිමි.
ඔපම්මසංසන්දනවණ්ණනා
දැන් රූපාදියම සමග උපමා වශයෙන් සච්චිකට්ඨ සංසන්දනය වේ. එහි රූප වේදනාවල ලැබූ සමාන බවෙන් වෙනස් බව විචාරීම ද පුද්ගල රූපවල ලැබූ සමාන විචාරීමදැයි විචාරීම් දෙකම සකවාදියාගේය. ප්රතිඥා දෙකම පරවාදියාගේය. පරවාදියා විසින් අනුදත් හෙයින් ලැබූ සමානබවෙන් රූප වේදනාවල මෙන් රූප පුද්ගලයන්ගේ වෙනස්වන බව අනුයෝගය සකවාදියාගේය. ප්රතික්ෂේප අනිකාය. මෙහි සෙස්ස ද අරුත් විසින් ප්රකටය. ධර්ම වශයෙන් වනාහි රූප මූලකාදියේ චක්කවල ද වශයෙන් සකවාදි පක්ෂයේ නට නිග්රහ පන්සිය විස්සක් දක්වන ලදී. කෙසේද? ස්කන්ධයන්හි රූප මූලක චක්කයෙහි සතරය, එසේ වේදනාදී මූලකවල විස්සකි. ආයතනවල චක්ඛායතන මූලක චක්කයෙහි එකොළොසකි. එසේ සෙස්සෙහි එකසිය තිස්දෙකකි. ධාතුවල චක්ඛුධාතු මූලක චක්කයෙහි දාහතකි. එසේ සෙස්සෙහි තුන්සිය හයකි. ඉන්ද්රියවල චක්ඛු ඉන්ද්රිය මූලක චක්කයෙහි විසිඑකකි. එසේ සෙස්සෙහි හාරසිය හැටදෙකකි. මෙසේ නවග්රහ සියල්ල පන්සිය විස්සක් වේ.