පටිවෙධානුයොගාදිවණ්ණනා
භවය නිසා ප්රශ්නයෙහි භවං යනු උත්පත්ති භවයයි.
වේදනාව විඳිමින් යන ප්රශ්නයෙහි වේදනාව විඳින්නේ වේදනාව විමසන යෝගාවචරයාම දැනගනී. බාල පෘථග්ජනයා නො දනී.
කායානුපස්සනා ප්රශ්න පැහැදිලිය.
පාරායන ගාථාවෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු යන සත්ත්ව ශුන්යතා වශයෙන් ස්කන්ධ ලෝකය බලන්න යන අර්ථය වේ.
පුග්ගලො අවෙක්ඛති යනු සකවාදී ප්රශ්න වේ. පරවාදියා හට වනාහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු යන ගාථාවෙහි යමෙක් බලා ද හේ පුද්ගලයාය යන ලබ්ධිය වේ. එහෙයින් ඔහුගෙන් මෙසේ විචාරයි. සහ රූපෙන රූපකාය සමග එයින් ඉවත් නොකළ යන අර්ථය වේ. මෙය පංච ස්කන්ධ වශයෙන් අනුදැන නැවත තං ජීවං යයි විචාරණ ලද්දේ සූත්ර විරෝධ බියෙන් ප්රතික්ෂේප කරයි. විනාරූපෙන යන මෙය සතර ස්කන්ධ වශයෙන් අනුදැන නැවත අඤ්ඤං ජීවං යයි විචාරණ ලද්දේ සූත්ර විරෝධ බියෙන් ප්රතික්ෂේප කරයි. අබ්භන්තර ගතොති ච බහිද්ධා නික්ඛමිත්වාතිච මෙය සහ රූපෙන විනාරූපෙන යයි යට කියන ලද්දේ වචන ලක්ෂණ වේ. එහි අබ්භන්තර ගතො යනු රූපයේ ඇතුළට ගිය. මෙයින් හෝ එයින් නො නික්මී රූප වෙන් කිරීම් වශයෙන් සිටියේ යන අර්ථය වේ. නික්ඛමිත්වා යනු රූප වෙන්කිරීම ඉක්මවා රූපය අනිශ්රිතව යන අර්ථයයි.
අනත්තා තමා ජීවයෙන් පුද්ගලයාගෙන් විරහිතය එක් ධර්මයක ද පුද්ගලයෙක් නැත යන අර්ථයයි. සියළු සූත්රවල ආගම අර්ථ කතාවල කියන ලද නයින්ම අර්ථය දතයුතුය. මෙහි වනාහි කියන්නන් සඳහා කියමු.
වුත්තං භගවතා සප්පිකුම්භො යනාදි සියළු දේශනා යථාර්ථ වශයෙන්ම අර්ථ වශයෙන් නොගතයුතු යයි දැක්වීම සඳහා ගෙනෙන ලදී. යම්සේ රත්තරං ගෙන කරන ලද ස්වරණ විකාර කලය රන් කලය යයි කියනු ලැබේ. මෙසේ ගිතෙල් ගෙන කළ ගිතෙල් විකාරය සප්පිකුම්භ ගිතෙල් කළය යන නම නොවේ. යම් කළයක ගිතෙල් බහාලන ලද්දේ එය ගිතෙල් කළය යන අර්ථයයි. තෙල් කළ යනාදියෙහි ද මෙම නයම වේ. යම්සේ ද නිවණ නිත්යය, ස්ථිරය. මෙසේ බත් හෝ කැඳ නැත. කාලය වෙන් නොකොට දවස් දකිමු යයි පැණවීම් වශයෙන් නිත්ය බත් ස්ථිර කැඳ යයි කියනු ලැබේ යන අර්ථයයි.
අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො යනාදියෙහි ද රූපාදි ධර්ම තමාට ආවේණික ලක්ෂණ / පච්චත්ත ලක්ඛණ) සහ සමාන ලක්ෂණ වශයෙන් පවතී. මෙසේ පුද්ගලයා නොවේ. රූපාදිය ඇති කල්හි මෙසේ නාමය, මෙසේ ගෝත්රය (කුලය) යයි ව්යවහාර වේ. මෙසේ මෙයින් ලෝක ව්යවහාරයෙන් ලෝක සම්මුතියෙන් ලෝක නිරුක්තියෙන් පුද්ගලයා ඇත යන මෙය මෙහි අර්ථය වේ. භාග්යවතුන් වහන්සේ විසින් ද මෙය කියන ලදි. චිත්ත, මෙය ලෝක ව්යවහාරය, ලෝක නිරුක්තිය, ලෝක පැණවීමයි. රූපාදි ධර්ම නැතිවද ලෝක සම්මුතිය වෙන් වෙන් හා සමාන ලක්ෂණ වශයෙන් පැණවීමක් ඇත. මෙය මෙහි අර්ථයයි.
බුදුවරුන්ගේ වනාහි සම්මුති පරමාර්ථ වශයෙන් කථා දෙකකි. එහි සත්ත්වයා, දෙවියා, පුද්ගලයා, බ්රහ්මයා යනු සම්මුති කථා නම් වේ. අනිත්ය, දුක්ඛ, අනත්ත, ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන, සම්මප්පධාන යනාදිය පරමාර්ථ කථා නම් වේ.
එහි යමෙක් සම්මුති දේශනාවෙන් සත්ත්වයා යයි....... බ්රහ්මයා යයි කී කල්හි දැනගැනීමට අවබෝධ කිරීමට පැමිණවීමට රහත් ජය ගැනීමට හැකි වේ. එනිසා භාග්යවතුන් වහන්සේ මුලින් සත්ත්වයා යයි හෝ පුද්ගලයා යයි හෝ දෙවියා යයි හෝ බ්රහ්මයා යයි හෝ කියති. යමෙක් පරමාර්ථ දේශනාවෙන් අනිත්ය යයි හෝ දුකයයි හෝ ආදියෙහි එක්තරා දෙයක් අසාම දැනගැනීමට, අවබෝධයට පැමිණවීමට, රහත්ජය ලැබීමට හැකිවේද ඔහුට අනිත්ය ආදියෙහි එක්තරා කොටසක් දේශනා කරති. එසේ සම්මුති කථාවෙන් අවබෝධය ලබන සත්ත්වයන්ට පළමුව පරමාර්ථ කථා දේශනා නොකරති. සම්මුති කථාවෙන් අවබෝධ කොට පසුව පරමාර්ථ කථා දේශනා කරති. පරමාර්ථ කථාවෙන් අවබෝධ කරන සත්ත්වයින්ට පළමුව සම්මුති කථා දේශනා නොකරති. පරමාර්ථ කථාවෙන් අවබෝධ කරවා පසුව සම්මුති කථා දේශනා කරති. ප්රකෘතියෙන් පළමුවම පරමාර්ථ කථා කියන්නහුට දේශනාව රළු ආකාර වේ. එහෙයින් බුදුවරු පළමුව සම්මුති කථා දේශනා කර පසුව පරමාර්ථ කථා දේශනා කරති. උන්වහන්සේලා සම්මුති කථා දේශනා කරන්නේ ද ස්වභාවයම, සත්යයම දේශනා කරති. පරමාර්ථ කථා දේශනා කරන්නේ ද සත්යයම දේශනා කරති. පරමාර්ථ කථා දේශනා කරන්නේ ද සත්යයම ස්වභාවයම දේශනා කරති. මෙය වනාහි