සුද්ධසච්චිකට්ඨො
අනුලොමපච්චනීකවණ්ණනා
එහි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන යන මෙය විචාරීමය. ආමන්තා යනු පිළිගැනීමය. මේ විචාරීම කාගේද? පිළිගැනීම කාගේද? අසවලාගේ යයි නොකිවයුතුය. භාග්යවතුන් වහන්සේ විසින් මේ ප්රකරණයෙහි නානාප්රකාර ලබ්ධීන් පිරිසිදු කිරීම පිණිස පෙළ වශයෙන් මාතෘකා තබන ලදී. ශාස්තෲන් වහන්සේ විසින් දෙන ලද නයෙහි සිට තෙරුන් විසින් එය පෙළ වශයෙන් ලදී. එහි යම් පමණ වාද මාර්ග දක්වන ලදද එපමණ වාදීන් සමග වාදයෙන් විග්රහ කථා කීමේ ස්ථවිරයන් වහන්සේ නොවේ. මෙසේ පවතින කල්හි ද ඒ ඒ කථාවල අර්ථය පහසුවෙන් දැරීම පිණිස සකවාදී විචාරීම්, පරවාදී විචාරීම්, සකවාදී පිළිගැනීම් යයි මෙසේ විභාග දක්වාම අර්ථ වර්ණනා කරන්නෙමි.
පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන යන මෙය සකවාදී විචාරීමය. එයින් පුද්ගලයා ඇතැයි මෙසේ ලබ්ධි ඇත්තේ පුද්ගලවාදීහු වෙති. ඔව්හු මෙසේ විචාරය යුතුයයි දක්වයි. පුද්ගලවාදීහු කවරහුද? සාසනයෙහි වජ්ජිපුත්තකයෝ ද සම්මිතියෝ ද සාසනෙන් බැහැර බොහෝ අන්ය තීර්ථකයෝ වෙති. එහි පුග්ගලො යනු ආත්මය, සත්ත්වයා, ජීවය වේ. උපලබ්භති යනු ප්රඥාවෙන් පැමිණ ලබයි. දැනගනී යන අර්ථයයි. සච්චකට්ඨ පරමත්ථෙන මෙහි සච්චිකට්ඨො යනු මායාව මිරිඟුව ආදිය මෙන් අවිද්යමාන ආකාරයෙන් නොගතයුතු විද්යමාන අර්ථයයි. පරමත්ථො යනු පරම්පරාදි වශයෙන් නොගතයුතු උතුම් අර්ථය. දෙකින්ම යමෙක් අන්යයාගෙන්. පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරත්ථෙන රූපඤ්ච උපලබ්භති යනාදියෙන් ස්කන්ධ ආයතන, ඉන්ද්රිය වශයෙන් පනස් හත් ආකාර වූ ධර්ම ප්රභේදය දක්වන ලදී. යම්සේ එය භෞතික වශයෙන් ස්වභාව අර්ථයෙන් ලැබේ. කිම? මෙසේ ඔබගේ පුද්ගලයා ලැබුනේදැයි විචාරයි. පරවාදියා ආමත්තාති එසේ යයි පිළිගනියි. පිළිගැනීමේ දී කිසිවෙක් ආමභන්තෙ යයි එති. කිසිවෙක් ආමො යයි පිළිගැනීමට එති. මෙහි වනාහි ආමත්තා යයි එන ලදී. එහි අදහස මෙසේය. එය අනුන්ගෙන් වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො සුත්රයේ එන ලදී. එය ගෙන යම්හෙයකින් වනාහි භාග්යවතුන් වහන්සේ සත්යවාදී, විසංවාදය පෙරටුව වචන නොකියති. අනුස්සව වශයෙන් ධර්මදේශනා නො කරති. තමා අවබෝධ කොට සදේවක ලෝකයන් ප්රකාශ කරති. එනිසා එයින් කියන ලදී. අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, එය සත්ය වශයෙන් පරමාර්ථ වශයෙන් ඇතැයි යන ලබ්ධිය ගෙන ආමත්තා යයි පිළිගනියි.
ඉක්බිති එබඳු වූ ලෙස වචනයට ඡලවාදයට අවකාස නොදෙමින් සකවාදියා යො සච්චිකට්ඨො යනාදිය කීය. එහි අදහස මෙසේය. යම් අයෙකු විසින් අනුන්ගෙන් සප්පච්චයො අප්පච්චයො සංඛතො අසංඛතො සස්සතො අසස්සතො සනිමිත්තො අනිමිත්තො යයි මෙසේ දක්වන ලදී. රූපාදි පනස්හත් ආකාර ධර්ම ප්රභේදය එන ලදී. සම්මුති වශයෙන් නොවේ. පරම්පරා වශයෙන් නොගත යුතුය. තමාගේ විද්යාමාන බැවින් මෙසේ සත්යාර්ථය ආත්ම ප්රත්යක්ෂතාවෙන් ද පරමාර්ථ වේ. ඒ සඳහා කීය. යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන
තතො යන මෙය කරණ වචනයකි. එහෙයින් සත්ය පරමාර්ථ වශයෙන් ඒ පුද්ගලයා ලැබේ. මෙහි අර්ථය මෙයයි. මෙය කියන ලද්දේ වේ. වෙනස්වීම් ප්රභේදයෙන් හෝ සප්රත්ය භේදයෙන් හෝ ආකාරයෙන් යමි. සත්යර්ථ පරමාර්ථය ලැබේ. කිම ඔබගේ පුද්ගලයා? ඒ ආකාරයෙන් ලැබේද? නහෙවං චත්තබ්බො යනු පරවාදියාගේ නොපිළිගැනීමය. මෙහි මේ පද ඡේදය, මෙසේ නොකිව යුතුය යන්නයි. නහ එවං යනු ද වටී. දෙකම මෙසේ නොකිව යුතුය යන අර්ථයයි.
ආජානාහි නිග්ගහං යනු සකවාදි වචනයයි. ඔබගේ මුලින් කියයුතු පිළිගැනීම පසුව කිවයුතු පිළිගැනීම නොවේ. පසුව කී දෙයින් පෙර කී දේ නොගැලපෙයි. එනිසා නිග්රහයට පැමිණියේය. ඒ නිග්රහය, දෝසය, අපරාධය පිළිගනුවයි යන අර්ථයයි. මෙසේ නිග්රහය ඉක්මවා, දැන එය තැබීමට ද අනුලොම් පිළිලොම් වශයෙන් සාසනාරෝපයට ද වශයෙන් ප්රකට කරන්නේ හඤ්චි පුග්ගලො යනාදිය කීහ. එහි හඤ්චි පුග්ගලො උපලබ්භති යන ඉදින් පුද්ගලයා ලැබේ ඒකාන්තයෙන් ඒ පුද්ගලයා සත්ය පරමාර්ථ වශයෙන් ලැබේ යන අර්ථයයි. මෙය පළමුව පරවාදි පක්ෂයේ තැබීමෙන් නිග්රහ පැමිණිවීම ආරෝපනයේ ලක්ෂණය වූ අනුලෝම තැබීම නම් වේ. තෙන වත රෙ යනාදි අනුලෝම පක්ෂයෙහි නිග්රහයට පමුණුවන ලද අනුලෝම පැමිණවීම නම් වේ. එහි තෙන කාරණ වචනයයි. වත විශ්වාස වචනයයි. රෙ ආමන්ත්රණ වචනයයි. මෙය කියන ලද්දේ වේ. තෙන රෙ, කිවයුතු කල්හි වත, රෙ භම්භො, භද්රමුඛ තෙන කාරණෙන භද්රමුබය, ඒ කාරණයෙන් කිව යුතුමය. යං තත්ථ වදෙසි ආදිය අනුලෝම පක්ෂයෙහි නිග්රහයට ආරෝපනය කරන ලද බැවින් අනුලෝම ආරෝපනා නම් වේ. යමක් ඒ අවසානයෙහි මිච්ඡා පදය එයට පෙරටුවෙන්, ඉදන්තෙ යයි ගෙන ආ යුතුය. මෙය ඔබගේ වැරැද්ද යයි මෙය මෙහි අර්ථයයි. පසුවද පෙළෙහි මෙය එන ලද්දේමය.