තිකනික්ඛෙපකථා
මෙතෙකින් සියලු කුශලාදී ධර්මයන්ගේ පදභාජන නයින් කුශලත්‍රිකය විස්තර කරන ලද්දේ වෙයි. යම් හෙයකින් වනාහි කුශලත්‍රිකය පිළිබඳ යම් ඒ විභාජනනයක් කියන ලද ද, අවශේෂ ත්‍රික ද්විකයන්ගේ ද මේ විභාජනයම වෙයි. යම්සේ වනාහි මෙහි මෙසේ ‘කතමෙ ධම්මා සුඛාය වෙදනාය සම්පයුත්තා යස්මිං සමයෙ කාමාවචරං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණ සම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- යෙවාපන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්‍ථි පටිච්ච සමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්‍වා වෙදනාක්‍ඛන්‍ධං, ඉමෙ ධම්මා සුඛාය වෙදනාය සම්පයුත්තා’ යනාදී වශයෙන් අනුක්‍රමයෙන් සියලු ත්‍රික ද්විකයන්හි පණ්ඩිතයන් විසින් විභාජනනය සලකන්නට හැකිය. එහෙයින් විස්තර දේශනාව බැහැරකොට ඉතා සංක්‍ෂේප ද විස්තර ද නොවූ අන්‍ය නයකින් සියලු ත්‍රික ද්වික ධර්ම විභාගය දක්වන්නට කතමෙ ධම්මා කුසලා යැයි නික්‍ෂේප කාණ්ඩය පටන්ගන්නා ලදී. චිත්තෝත්පාද කාණ්ඩය වනාහි විස්තර දේශනාවකි. අර්ථකථාව සංක්‍ෂේප දේශනාවකි. මේ නික්‍ෂේප කාණ්ඩය වනාහි චිත්තෝත්පාද කාණ්ඩය සලකා සංක්‍ෂේප යැයි ද අර්ථකථා කාණ්ඩය සලකා විස්තර යැයි ද සංක්‍ෂේප විස්තරභාවය ඇත්තේ වෙයි. ඒ මේ විස්තර දේශනාව තබා දේශනා කළ හෙයින් ද යට කියන ලද කාරණ වශයෙන් ද නික්‍ෂේප කාණ්ඩය නමැයි දතයුතුයි. මෙයද කියන ලද්දේය.
මූලතො ඛන්‍ධතො චාපි ද්වාරතො චාපි භූමිතො
අත්‍ථතො ධම්මතො චාපි නාමතො චාපි ලිංගතො
නික්‍ඛිපිත්‍වා දෙසිතත්තා නික්‍ඛෙපොති පවුච්චතී ති
මූල වශයෙන් ද ස්කන්ධ වශයෙන් ද ද්වාර වශයෙන් ද භූමි වශයෙන් ද අර්ථ වශයෙන් ද ධර්ම වශයෙන් ද නාම වශයෙන් ද ලිංග වශයෙන් ද නික්‍ෂේප කොට දේශනා කළ හෙයින් නික්‍ෂේප යැයි කියනු ලැබේ.
මෙය වනාහි තීණි කුසලමූලානි යන ආදීනයින් මූල වශයෙන් නික්‍ෂේප කොට දේශනා කරන ලදී. තංසම්පයුත්තං වෙදනාක්‍ඛන්‍ධො යැයි ස්කන්‍ධ වශයෙන් ද, තං සමුට්ඨානං කායකම්මං යැයි ද්වාර වශයෙන් ද, කායද්වාර පවත්තං හා කම්මං කාය කම්මන්ති වුච්චති, සුඛභූමියං කාමාවචරෙ යනාදී නයින් භූමි වශයෙන් ද නික්‍ෂේප කොට දේශනා කරන ලදී. ඒ ඒ තැන්හිදී වනාහි අර්ථ ධර්ම ලිංග නාමයන්ගේ වශයෙන් දේශනා කරන ලද හෙයින් අර්ථාදිය නික්‍ෂේප කොට දෙසන ලද නමැයි දතයුතුයි.
එහි කුශලපද නිර්දේශයෙහි වනාහි තීණි යනු ගණන පරිච්ඡේදයයි. කුශල වූයේත් ඒවාය. මූල වූයේත් ඒවාය. කුශල ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය ප්‍රභව ජනක සමුත්‍ථාන නිවෘත්ති කර්මාර්ථයෙන් මූල යනු = කුසල මූලානිය. මෙසේ අර්ථ වශයෙන් දක්වා දැන් නම් වශයෙන් දක්වන්නට අලොභො අදොසො අමොහො යැයි කීය. මෙතෙකින් මූලයෙන් තොර කුශලයක් නැතිහෙයින් ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ චතුර්භූමක කුශලය මූලත්‍රය සමග සම්පූර්ණයෙන් ගෙන දැක්වූ සේක. තංසම්පයුත්තො යනු ඒ අලෝභාදිය සමග සම්ප්‍රයුක්ත වූ, එහි අලෝභය සමග සම්ප්‍රයුක්ත සංස්කාර ස්කන්‍ධයෙහි අදෝෂ අමෝහයෝ ද අලෝභය සමග සම්ප්‍රයුක්ත සංස්කාරස්කන්‍ධ ග්‍රහණයටම යති. අවශේෂ ද්වය වශයෙන් සම්ප්‍රයෝගයෙහි ද මේ නයමය. ධර්මරාජන් වූ බුදුරජාණන් වහන්සේ මෙසේ චාතුර්භූමක කුශලය නැවත සම්ප්‍රයුක්තක චතුස්කන්‍ධ වශයෙන් හාත්පසින් ගෙන දැක්වූ සේක. තංසමුට්ඨානං යනු එකී අලෝභාදියෙන් හටගත්, මේ නයින් ද බුදුරජාණන් වහන්සේ එම චාතුර්භූමක කුශලයම ත්‍රිවිධ කර්මද්වාරයන්ගේ වශයෙන් හාත්පසින් ගෙන දැක්වූ සේක. මෙසේ ද වනාහි කුශලය ස්ථාන තුනක හාත්පසින් ගෙන දක්වන ලදී.
අකුශලයෙහි ද මේ නයමය. බුදුරජාණන් වහන්සේ දොළොස් අකුසල සිත්වලින් එකක්වත් මූලයෙන් මිදුණේ නම් නැතැයි මූලය සමග හාත්පසින් ගෙන දැක්වූ සේක. භාග්‍යවතුන් වහන්සේ සම්ප්‍රයුක්ත චතුෂ්ක ස්කන්‍ධයෙන් උඩ අකුසලයෙක් නම් නැතැයි ඒ දොළොස් අකුසල සිත්ම චතුෂ්ක ස්කන්‍ධ වශයෙන් හාත්පසින් ගෙන දැක්වූ සේක. භාග්‍යවතුන් වහන්සේ කායකර්මාදී වශයෙන් වනාහි ඔවුන්ගේ ප්‍රවෘත්ති ස්වභාවයෙන් කර්මද්වාර වශයෙන් හාත්පසින් ගෙන දැක්වූ සේක. මෙහි වනාහි තදෙකට්ඨා කිලෙසා යන ආදිය කියන ලද ද, එහි එක් සිතෙක හෝ පුද්ගලයෙකු කෙරෙහි සිටියේ යනු ඒකට්ඨය. එහි එක් සිතෙක සිටියේ සහජෙකට්ඨ නම් වෙයි. එක් පුද්ගලයෙකු කෙරෙහි සිටියේ පහාණෙකට්ඨ නමි. ඒ ලෝභාදිය සමග හෝ අනෙකෙක සමග හෝ ඒ ඒ තැන දක්වන ලද්ද සමග එක්තැනෙක සිටියේ යනු තෙදෙකට්ඨං ය. එහි ‘කතමෙ ධම්මා සංකිලිට්ඨ සංකිලෙසිකා, තීණි අකුසල මූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා’ යැයි සංකිලිෂ්ට ත්‍රිකයෙහි ද, ‘කතමෙ ධම්මා හීනා තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලොස’ යැයි හීනත්‍රිකයෙහි ද, ‘කතමෙ ධම්මා අකුසලා, තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා’ කිලෙසා යැයි මේ කුශලත්‍රිකයෙහි ද, ‘කතමෙ ධම්මා සංකිලිට්ඨා, තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලෙසා’ යැයි සංකිලෙස ගොච්ඡකයෙහි ද, ‘කතමෙ ධම්මා සරණා, තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලෙසා’ යැයි සංකිලෙස ගොච්‍ඡකයෙහි ද, ‘කතමෙ ධම්මා සරණා, තීණි අකුසල මූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලෙසා’ යැයි සරණා ද්විකයෙහි මෙකී මෙතෙක් තැන්වල සහජේකට්ඨය ආවේය.
දස්සනෙන පහාතබ්බත්තිකයෙහි වනාහි ‘ඉමානි තීණි සංයොජනානි තදෙකට්ඨා ච කිලෙසා’ යැයි ද (දස්සනෙන පහාතබ්බ හෙතුකකත්තිකයෙහි ද ‘ඉමානි තීණි සංයොජනානිතදෙකට්ඨා ච කිලෙසා’ යැයි ද) නැවත එහිම ‘තීණි සංයොජනානි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා, තදෙකට්ඨා ච කිලෙසා ලොභො දොසො මොහො ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතු, (තදෙකට්ඨා ච කිලෙසා තං සම්පයුත්තො වෙදක්‍ඛන්‍ධො -පෙ- විඤ්ඤාණක්‍ඛන්‍ධො තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා) යැයි සම්‍යක් ප්‍රධාන විභංගයෙහි ‘තත්‍ථ කතමෙ ධම්මා පාපකා අකුසලා ධම්මා තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලෙසා’ යැයි මෙකී මෙතෙක් තැන්වල පහාණෙකට්ඨය ආවේයැයි දතයුතුයි.