පකිණ්ණකකථා
මේ (රූපයන්හි) වනාහි අසම්මෝහය පිණිස ‘සමොධානං සමුට්ඨානං පරිනිප්ඵන්නඤ්ච සංඛතං’ යන මේ ප්රකීර්ණකය දතයුතුයි.
එහි සමෝධානය යනු මේ සියලුම රූපය සමෝධාන වශයෙන් චක්ෂුරායතනය -පෙ- කබළිකාර ආහාරය පොට්ඨබ්බායතනය ආපෝධාතුව යන පස්විසි ගණනක් වෙයි. එය වස්තු රූපයත් සමග ගණනින් විසිහයක් දතයුතුයි. මෙයින් අන්ය වූ රූපයක් නම් නැත. ඇතැම් කෙනෙක් වනාහි මිද්ධරූපය නම් රූපයක් ඇතැයි කියති. ඔව්හු ‘අද්ධා මුනිසි සම්බුද්ධො නත්ථි නීවරණා තවා’ යනාදිය කියා මිද්ධරූපය නම් රූපයක් නැතැයි ප්රතිෂේධ කළයුත්තාහ. ඇතමෙක් වනාහි බලරූපය සමග සත්විස්සක් ද සම්භව රූපය සමග අටවිස්සක් ද ජාතිරූපය සමග විසිනවයක් ද රෝග රූපය සමග රූප සමතිසක්දැයි කියති. ඔව්හු ද එහි අභාවය වෙන් වශයෙන් දක්වා ප්රතික්ෂේප කළ යුත්තාහ. වායෝධාතුව ගත් කල්හි (බලරූපය ගන්නා ලද්දේමය. අන්ය වූ) බලරූපයක් නම් නැත. ආපෝ ධාතුවෙන් යම් භව රූපයත් උපචය සන්තතීන්ගෙන් ජාතිරූපයත් ජරතා අනිච්චතා වලින් රෝග රූපයක් ගන්නා ලද්දේමය. අන්ය වූ රෝග රූපයක් නම් නැත. කර්ණරෝගාදී යම් ආබාධයක් වේ නම්, එයද විෂම ප්රත්යයෙන් හටගත් ධාතු මාත්රයක්මය. එහි අන්ය වූ රෝගයක් නම් නැත. එය සමෝධානයෙන් රූප සවිස්සක්මය.
සමුට්ඨාන රූප යනු කෙතෙක්ද, ඒකසමුට්ඨාන දසයකි. ද්විසමුට්ඨාන එකකි. තිසමුට්ඨාන තුනකි. චතුසමුට්ඨාන නවයකි. කිසිවකිනුත් දෙකක් නොහටගැනේ.
එහි චක්ෂුප්රසාදය -පෙ- ජීවිතේන්ද්රිය යන මේ අට ඒකාන්තයෙන් කර්මයෙන් හටගනී. කායවිඤ්ඤත්ති වචී විඤ්ඤත්ති යන දෙක ඒකාන්තයෙන් සිතින් හටගනීයැයි මේ දහය ඒකසමුට්ඨාන නමි. ශබ්දය ඍතුවෙනුත් සිතිනුත් හටගනීයැයි එකක් ද්විසමුට්ඨාන නම් වෙයි. එහි අවිඥානක ශබ්දය ඍතුවෙන් හටගනී. සවිඥානක ශබ්දය සිතින් ද, ලහුතාදී තුන වනාහි ඍතු චිත්ත ආහාරයන්ගෙන් හටගනීයැයි මේ තුන තිසමුට්ඨාන නම් වේ. අවශේෂ නවරූප ඔවුන්ගෙනුත් කර්මයෙනුත් දැයි සතරකින් හටගනීයැයි (මේ) නවය චතුසමුට්ඨාන නමි. ජරතා අනිච්චතා දෙක වනාහි මේ එකකින්වත් නූපදී. මේ දෙක කිසිවකිනුත් නො හටගනී නම්, කවර හෙයින් ද? නො හටගන්නා හෙයිනි. මේවා නොහට ගනී. කවර හෙයින් ද? පාකභේදය නිසාය. උපන්නා වූ රූපය හෝ අරූපය බිඳේ යන මෙය වනාහි අවශ්යයෙන් පිළිගත යුතුය. උපන්නා වූ රූපයේ හෝ අරූපයේ ක්ෂය වීමක් පෙනේ. යම්තාක් නො බිඳිදේ ද එතෙක් එහි පාරිපාකය වේ යන මෙය සිදුවෙයි. හටගත්තහුගේ පාකභේදත්වයෙන් යනුයි. ඉදින් ඒවා උපදී නම් ඒවායේ පාකභේදය වන්නේය. පැසුණේ නො පැසෙයි. බිඳුණේ හෝ නො බිඳෙයි යන හටගත්තහුගේ පාකභේදයෙන් මේ දෙක හට නො ගනී.
එහි මෙසේ වන්නේ ය. යම් සේ කම්මස්ස කතත්තා යන ආදි නිර්දේශයන්හි රූපස්ස උපචයො රූපස්ස සන්තති යන වචනයෙන් ජාතිය හටගනී. පිළිගන්නා ලද්දේ වෙයි. මෙසේ පාකය ද පැසේවා. භේදය බිඳේවා යි එහි ජාතිය හටගනී යැයි නො පිළිගන්නා ලදී. යම් (ධර්මයෝ) වනාහි කර්මාදියෙන් උපදිත් ද, ඒවා හටගැනීමෙන් ජාතියට එය ප්රත්යය යන ව්යවහාරය අනුමතය. පරමාර්ථ වශයෙන් වනාහි උපදින්නහුට අභිනිෂ්පත්තිමාත්රය ජාති වේ.
එහිදී මෙසේ වන්නේ ය. යම්සේ වනාහි ඉපදීම යම් ධර්මයක අභිනිෂ්පත්ති යැයි ද, එහි හේතුව නැති වීම ද අභිනිෂ්පත්ති ව්යවහාරය ද ලබයි. පාක භේදය ද එසේය. යම් දහමක පාකභේදය ද එහි හේතුව නැසීමෙන් අභිනිෂ්පත්ති ව්යවහාරය ලබයි. මෙසේ මේ කරුණු දෙක කර්ම ආදියෙන් හටගන්නේ යැයි කී බැවින් පාක භේදයෝ ඒ නම නොලබති. කවර හෙයින් ද? ඒවා පහළවීමට හේතුවන කර්ම ආදි ප්රත්ය ඇති බැවිනි. ජනක ප්රත්යයන්ගෙන් උපන් විටම ඒවාට ආනුභාවය වෙයි. එයින් පසුව එම හේතු නිසා මතුවට උපදින දෙයට අභිනිෂ්පත්ති ව්යවහාරය නොලබයි. ඒ මොහොතේ ලබන ස්වභාවය එයට ලැබෙන බැවිනි. ඉතිරි ධර්ම දෙක නැතැයි සිතා හට නොගනී යයි නොකිය යුතුය. ‘ජරාමරණං භික්ඛවෙ අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං’ යයි කී හෙයින් මේ දෙකෙහි ඉපදීම (ජරා මරණ) නොවේ. පර්යාය වශයෙන් දේශනා කරන ලද හෙයින් එහි ප්රත්යයන් නිසා හටගත් ජරා මරණ හටගත්තේ යැයි කියන ලදි.
එසේ නම් මේ තුනත් නූපන් බැවින් අගක් මෙන් මුලින් නො පෙනේද? නිවන මෙන් හෝ නිත්ය ද නැත. මන්ද, ඒවාට සම්බන්ධ පැවැතුම් ඇති බැවිනි. ඉපදීමට හේතු ද ඇති බැවිනි. පෘථුවි ආදින්ගේ ඉපදීමට ජාති ආදි හේතු තුනක් පෙනෙයි. යම්හෙයකින් ඒවා නැතිනම් ඔවුන්ගේ අභාවයෙන් නොපෙනීමද, නිත්ය නොවීමද වේ. මෙයද අභිනිවේෂය ප්රතිශේධ කිරීමට කියන ලද්දකි. ‘ජරාමරණං භික්ඛවෙ, අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං’ යන මේ කියමනට අනුව ඒ (ජරා-මරණ) රූප දෙක හට නොගනී යයි දතයුතුය.
තවද සමුට්ඨානං යන මෙහි මේ අන්ය වූ ද අර්ථයෙකි. මේ එහි මාතෘකාවයි. කර්මජය කර්ම ප්රත්යය කර්මප්රත්යය ඍතු සමුත්ථානය, සෘතු සමුත්ථාන සෘතු ප්රත්යය ඍතු ප්රත්යය ඍතු ප්රත්යය ඍතු සමුත්ථානය යනුයි. සමුත්ථාන චිත්ත ප්රත්යය චිත්ත ප්රත්යය චිත්ත ප්රත්යය ඍතු සමුත්ථානය යනුයි.