රසායතන නිර්දේශයෙහි මූලරසො යනු යම්කිසි මූලයක් නිසා උපන් රසයයි. ඛන්ධරස ආදියෙහි ද මේ නයමය. අම්බිලං යනු කිරිමෝරු ඇඹුල් ආදියයි. මධුරං යනු ඒකාන්ත වශයෙන් ගිතෙල් ආදියයි. කසට රසෙන් යුත් මී වනාහි බොහෝ කලක් බහා තබන ලද්දේ කසට රස වෙයි. කර රසින් යුත් පැණි බොහෝකලක් බහාතබන ලද්දේ වර්ණගන්ධ අත්හරනේ නමුදු රසය අත නොහරීය. එයම ඒකාන්ත මධුරය. කිත්තක යනු කොසඹ කොළ ආදියයි. කටුක යනු ඉඟුරු මිරිස් ආදියයි. ලොණික යනු මුහුදුලුණු ආදියයි. ඛාරික යනු වම්බටුකරටි ආදියයි. ලපිකං යනු ඩෙබර නෙල්ලි දිවුල් සාලව ආදියයි. කසාවං යනු අරළු ආදියයි. මේ සියලුම රස වස්තු වශයෙන් කියන ලදී. මෙහිදී වනා ඒ ඒ රසය වස්තු වශයෙන් අම්බිලාදී නාමයන්ගෙන් රසයම කියන ලදැයි දතයුතුයි. සාදු යනු ඉෂ්ට රසයයි. අසාදු යනු අනිෂ්ට රසයයි. මේ පද දෙකින් සියලුම රසය හාත්පසින් ගන්නා ලදී. මෙසේ ඇති කල ද සාළියෙහි නො ආ ලෙඩ්ඩු රස භිත්තිරස පිලෝතිකරස ආදී සියලුම රසයෝ යේවාපනක ස්ථානයට ඇතුළත් වූහයි දතයුතුයි.
මෙසේ මේ රසය මූලරසාදී භේදයෙන් වෙන්වූයේ ද ලක්ෂණාදියෙන් වෙන්නොවූයේමය. මේ සියලුම රසය දිවෙහි ගැටීම ලක්ෂණ කොට ඇත්තේ ය. ජිව්හා විඥානයට විෂයවීම රසය කොට ඇත්තේ ය. එයටම ගෝචරවීම එළඹසිටි කාරණයකොට ඇත්තේ ය. ශේෂය චක්ෂුරායතන නිර්දේශයෙහි කී නයින්ම දතයුතුයි. මෙහිද වනාහි එසේම දෙපනස් නයකින් ප්රතිමණ්ඩිත වාර තෙළෙසක් කියන ලදී.
ස්ත්රී ඉන්ද්රිය නිර්දේශයෙහි යං යනු කාරණ වචනයි. යම් කාරණයකින් ස්ත්රියගේ ස්ත්රී ලිංගාදිය වේද යන මෙය අර්ථයයි. එහි ලිංගං යනු සටහනයි. ස්ත්රියගේ වනාහි අත්පා ග්රීවය උදරාදියෙහි සටහන පුරුෂයාගේ මෙන් නොවේ. ස්ත්රීන්ගේ වනාහි යටිකය ප්රකට වෙයි. උඩුකය අප්රකට වෙයි. අත්පා කුඩාය. මුව කුඩාය. නිමිත්තං යනු හැඳිනගැනීමයි. ස්ත්රීන්ගේ වනාහි උරමාංශය අප්රකට වෙයි. මුහුණ දැළිරැවුලු රහිතය. කෙස්බැඳීම හා වස්ත්ර හැඳීම ද පුරුෂයන්ගේ මෙන් නොවේ. කුන්තං යනු ක්රියාවයි. ස්ත්රීහු වනාහි ළදරු කාලයෙහි කුලුමෝල් ආදියෙන් ක්රීඩා කරති. බෝනික්කන් සමග ක්රීඩා කරති. මැටි වැහැරිවලින් නූල් කටිති. ආකප්පො යනු ගමන් ආදී ආකාරයි. ස්ත්රීහු වනාහි ඇවිදින්නෝ අවිසදව යෙති. සිටින්නෝ ද වැදහෝනේ ද හිඳින්නෝ ද කන්නෝ ද බුදින්නෝ ද අප්රකටව බුදිත්. අවිසද පුරුෂයා දැක මාගමක් මෙන් යයි සිටී. වැදහෝයි හිඳී. කයි. බුදී යැයි කියත්.
ඉත්ථත්තං ඉත්ථිභාවො යන දෙකම ඒකාර්ථය. ස්ත්රී ස්වභාවය යනු අර්ථයි. මෙය කර්මය ප්රතිසන්ධියෙන් හටගත්තේය. ස්ත්රී ලිංගාදිය වනාහි (ස්ත්රී ඉන්ද්රිය නොවේ) ස්ත්රී ඉන්ද්රිය නිසා පැවැත්මේදී හටගත්තේය. යම්සේ වනාහි බීජය ඇති කල්හි බීජය නිසා බීජ ප්රත්යයෙන් වෘක්ෂය වැඩී ශාඛා විටප සම්පන්නව අහස පුරා සිටී ද, මෙපරිද්දෙන්ම ස්ත්රීභාව සංඛ්යාත ඉන්ද්රියය ඇති කල්හි ස්ත්රී ලිංගාදිය වෙයි. ස්ත්රී ඉන්ද්රිය වනාහි බීජය මෙනි. බීජය නිසා වැඩී අහස පුරා සිටි රුක මෙන් ස්ත්රී ඉන්ද්රිය නිසා ස්ත්රී ලිංගාදිය පැවති කල්හි හටගනී. එහි ඉන්ද්රිය චක්ෂුර්විඥෙය්ය නොවේ. මනෝවිඥෙය්යමය. ස්ත්රී ලිංගාදිය චක්ෂුර් විඥෙය්ය ද මනෝ විඥෙය්යෙ ද වෙයි.
ඉදං තං රූපං ඉත්ථින්ද්රියං යනු මේ ඒ රූපයයි. චක්ෂුරේන්ද්රියාදිය පුරුෂයාට ද ඇත. එසේ නොවේ. නියම වශයෙන් වනාහි ස්ත්රියගේම ඉන්ද්රියය = ඉත්ථින්ද්රිය යි.