තිවිධරූපසඞ්ගහො
තෘතීය සංග්‍රහයෙහි තික එකසිය තුනකි. එහි ද්විතීය සංග්‍රහයෙහි කියන ලද තුදුස් ප්‍රකීර්ණක දුකයන් අතුරෙන් එකක් අජ්ඣත්තික දුකයයි. සෙසු තෙළෙස සමග යොදා යං තං රූපං අජ්ඣත්තිකං තං උපාදා, යං තං රූපං බාහිරං තං අත්‍ථි උපාදා අත්‍ථි නො පාදා යනාදී නයින් තබන ලද තෙළෙස ප්‍රකීර්ණක තික නමි. ඉක්බිති ඒ දුකයම සෙසු දුකයන් සමග යොදා යං තං රූපං බාහිරං තං චක්‍ඛු සම්ඵස්සස්ස න වත්‍ථු, යං තං රූපං අජ්ඣත්තිකං තං අත්‍ථි චක්‍ඛු සම්ඵස්සස්ස වත්‍ථු, අත්‍ථි චක්‍ඛු සම්ඵස්සස්ස න වත්‍ථු යන ආදී නයින් සෙසු තිකය තබන ලද ද ඒ පිළිබඳ නම් ද ගණන ද ඒ වස්තු දුකාදීන්ගේ වශයෙන්ම දතයුතුයි යනු තෘතීය සංග්‍රහ වාරයෙහි පාළි ව්‍යවස්ථානයයි.
චතුබ්බිධාදිරූපසඞ්ගහා
චතුෂ්ක සංග්‍රහයෙහි චතුෂ්ක දෙවිස්සකි. එහි සර්ව පශ්චිම චතුෂ්කය අත්‍ථි රූපං උපාදා අත්‍ථිරූපං නො පාදා යැයි මෙසේ මෙහි කියන ලද මාතෘකාව ස්පර්ශ නො කොට තබන ලදී. අන් ඒවා ස්පර්ශකොට තබන ලදී. කෙසේ ද යත්, (මෙහි) දෙවදෑරුම් සංග්‍රහයෙහි ප්‍රකීර්ණකයන්හි ආදියෙහි යම් දුක තුනක් වීද, ඔවුනතුරෙන් එක එක ගෙන යං තං රූපං උපාදා තං අත්‍ථි උපාදින්නං අත්‍ථි අනුපාදින්නං යන ආදී නයින් දුක පහක් පහක් සමග යොදා ද්විකත්‍රය මූලක වූ චතුෂ්ක පසළොස ආදියෙහි තබන ලදී.
දැන් සතරවන සනිදර්ශන ද්වික යයි. එය යම්හෙයකින් යං තං රූපං සනිදස්සනං තං අත්‍ථි සප්පටිඝං අත්‍ථි අප්පටිඝං යනාදී නයින් ප්‍රථම ද්විකයන් සමග හෝ අසත්‍යභාවයෙන් (ඇත යන්නක් නැති බැවිනි) ක්‍රමාභාවයෙන් විශේෂා භාවයෙන් ද යෝගයකට නො පැමිණේ. සනිදර්ශනය වනාහි අප්‍රතිඝ නම් නොපාදා නම් හෝ වෙයි නැත යයි අසත්‍යභාවයෙන් යෝගයකට නොපැමිණේ. සියලුම ද්විකයෝ වනාහි පශ්චිම පශ්චිමයන් සමගම යොදන ලදහ. මේ මෙහි ක්‍රමයයි. පළමු ද්විකයන් සමග ක්‍රමාභාවය වේ යනුයි. ඇත යන අර්ථයෙහි ක්‍රමාභාවය කාරණයක් නොවේ. එහෙයින් (උපාදින්න ආදී පදයන් සමග යෙදිය යුතුයි. එය සමග විශේෂයක් නොමැති හෙයින්) උපාදින්න ආදී පද වනාහි මේ සමග යොදන ලදී. එහි උපාදින්න යනුත් සනිදර්ශනය සනිදර්ශන යනුත් උපාදින්න යැයි කී කල්හි විශේෂයක් නැතැයි විශේෂාභාවයෙන් ද යෝගයට (නො) පැමිණේ. එහෙයින් ඒ චතුෂ්ක ද්විකය. ආමර්ශනය නොකොට ඉන් පර ද්විකයන් සමග අත්‍ථි රූපං සප්පටිඝං යන ආදී ද්විතත්‍රය සමග යං තං රූපං සප්පටිඝං තං අත්‍ථි ඉන්‍ද්‍රියං (අත්‍ථි න ඉන්‍ද්‍රියං යං තං රූපං අප්පටිඝං තම්පත්‍ථි ඉන්‍ද්‍රියං) අත්‍ථි න ඉන්‍ද්‍රියං යන ආදී නයින් යොදන කල්හි ද්වික දෙක දෙක බැගින් යොදා චතුෂ්ක සයක් තබන ලදී.
යම්සේ මේ චතුෂ්ක ද්විකය යෝගයකට නොයයි ද එසේම ආදි ද්විකය ද එය සමග නොයෙදේ. කවරහෙයින්ද යත්, අනුපාදින්න රූපය ඒකාන්තයෙන් අනිදර්ශන හෙයින්, එය වනාහි යං තං රූපං නොපාදා තං අත්‍ථි සනිදස්සනං (අත්ති අනිදස්සනං) යැයි මෙසේ චතුර්ථිද්විකය සමග යොදනු ලබනුයේ යෝගයට නොපැමිණේ. එහෙයින් එය ඉක්මවා පංචමය සමග යොදන ලදී. මෙසේ යමක් යමක සමග යෝගයට පැමිණේ ද යමක් නො පැමිණේ ද එය දතයුතුයි යනුයි. මේ සතරවන සංග්‍රහයෙහි පාළි ව්‍යවස්ථානයයි. මෙයින් අන්‍ය වූ පංචවිධ සංග්‍රහ ආදී වූ සංග්‍රහ සත අමිශ්‍රමය. මෙසේ මෙසේ සියලුම මාතෘකාවන්ගේ පාළි ව්‍යවස්ථානය දතයුතුයි.
රූපවිභත්තිඑකකනිද්දෙසවණ්ණනා
දැන් එහි අර්ථය බෙදා දක්වන්නට සබ්බං රූපං නහෙතු මෙවාති ආදිය පටන්ගන්නා ලදී. මෙහිදී වනාහි කවරහෙයකින් කතමං තං සබ්බං රූපං න හෙතු යැයි විචාරීම නොකරන ලද ද යත්, භේදයක් නැති හෙයිනි. යම්සේ වනාහි දුකාදීන්හි උපාදාරූපත් ඇත. නොඋපාදාරූපත් ඇත. මෙසේ මෙහි න හේතුන් සහේතුත් යන භේදය නැත. එහෙයින් විචාරීමක් නොකොටම බෙදන ලදී. එහි සබ්බං යනු සියල්ලය. නිරවශේෂමය. රූපං යන මෙහි ශීතාදියෙන් වෙනස් වන බව දැක්වීම සමාන ලක්‍ෂණ දැක්වීමයි. න හෙතුමෙව යනු සාධාරණ හේතු ප්‍රතික්‍ෂේපණ නිර්දේශයයි.
එහි හේතුහේතු පච්චය හේතු උත්තමහේතු සාධාරණ හේතු යැයි හේතුව චතුර්විධය. ඔවුනතුරෙන් ‘තයො කුසලහෙතු තයො අකුසල හෙතු තයො අබ්‍යාකතහෙතු’ යන මෙය හේතුහේතු නමි. ‘චත්තාරො ඛො මෙ භික්‍ඛු! මහාභූතා හෙතු චත්තාරො මහාභූතා පච්චයා රූපක්‍ඛන්‍ධස්ස පඤ්ඤාපනාය’ යන මෙය පච්චයහේතු නමි’ ‘කුසලා කුසලං අත්තනො විපාකදානෙ උත්තමං ඉට්ඨාරම්මණං කුසලවිපාකට්ඨානෙ උත්තමං අනිට්ඨාරම්මණං අකුසලවිපාකට්ඨානෙ’ යන මෙය උත්තමහේතු නමි. මෙසේ කියන ලදී. ‘අතීතානාගතපච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති’ යනු ද ‘එසෙව හෙතු එස පච්චයො සංඛාරානං යදිදං අවිජ්ජා’ යනු ද ‘අවිජ්ජා සංඛාරානං සාධාරණහෙතු හුත්‍වා පච්චයට්ඨං එරති’ යන මෙය සාධාරණ හේතු නමි. යම්සේ පෘථිවි රසයත් ආපෝ රසයත් මිහිරි වූත් අමිහිරි වූත් (රසයන්ට) ප්‍රත්‍යය වේ ද මෙසේ අවිද්‍යාව කුශල සංස්කාරයන්ටත් අකුශල සංස්කාරයන්ටත් සාධාරණ ප්‍රත්‍ය වේ. මේ අර්ථයෙහි වනාහි හේතු හේතුව අභිප්‍රේතයි. මෙසේ හේතුධම්ම න හෙතුධම්ම යන මාතෘකාවේ ආ හේතුභාවය රූපයට නියම කොට ප්‍රතික්‍ෂේප කරමින් න හෙතුමෙව යැයි කීය. මේ නයින් සියලුම පදයන්හි ප්‍රතික්‍ෂේප නිර්දේශයත් අප්‍රතික්‍ෂේප නිර්දේශයත් දතයුතුයි. සියලු පදයන්ගේ වචනාර්ථය වනාහි මාතෘකා වර්ණනාවෙහි කියන ලදමය.