එකවිධරූපසඞ්ගහො
දැන් එය විස්තර වශයෙන් දක්වන්නට ඒකවිධ ආදී වූ එකොළොස් සංග්රහයන්ගෙන් මාතෘකාව තබමින් සබ්බං රූපං න හෙතු ආදිය කීය.
එහි සබ්බං රූපං යන මේ පදය සබ්බං රූපං න හෙතු සබ්බං රූපං අහෙතුකං යැයි මෙසේ සියලු පදයන් සමග යෙදිය යුතුයි. න හෙතු ආදී මේ සියලුම තෙතාළිස් පද දක්වන ලදී. පිළිවෙළින් ඔවුනතුරෙන් පද සතළිසක් මාතෘකා වශයෙන් ගෙන තබන ලදී. අවසාන තුන මාතෘකා මුක්තය. මෙසේ වනාහි ප්රථම සංග්රහයෙහි පාළි ව්යවස්ථාපනයම දතයුතුයි. ද්විතීය සංග්රහ ආදීන්හි ද එසේය.
දුවිධරූපසඞ්ගහො
මේ එහි නයයි. ද්විතීය සංග්රහයෙහි වනාහි දුක එකසිය හතරකි. එහි අත්ථි රූපං උපාදා අත්ථිරූපං නො පාදා යන ආදී මුලින් වූ තුදුස් දුක අන්යෝන්ය සම්බන්ධයෙන් තොර හෙයින් ප්රකීර්ණක දුක නමි. ඉක්බිති අත්ථි රූපං චක්ඛුසම්ඵස්ස වත්ථු යන ආදී පස්විසි දුක වස්තු අවස්තු විමසා බැලීම් වශයෙන් පැවති හෙයින් වස්තු දුක නමි. ඉක්බිති අත්ථි රූපං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං යන ආදී පස්විස්ස ආරම්මණ අනාරම්මණ විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් ආරම්මණ දුක නමි. ඉක්බිති අත්ථිරූපං චක්ඛායතනං යනාදී දහය ආයතන ආයතන විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් ආයතන දුක නමි. ඉක්බිති අත්ථිරූපං චක්ඛුධාතු යන ආදී දහය ධාතු අධාතු විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් ධාතු දුක නමි. ඉක්බිති අත්ථි රූපං චක්ඛුන්ද්රියං යන ආදී අට ඉන්ද්රිය අනින්ද්රියයන් විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් ඉන්ද්රිය දුක නමි. ඉක්බිති අත්ථි රූපං කාය විඤ්ඤත්ති යන ආදි දොළොස (සුඛුම) අසුඛුම රූප විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් සුඛුම රූප දුක නමැයි යන මෙය ද්විතීය සංග්රහයෙහි පාළි ව්යවස්ථාපනයයි.
තිවිධරූපසඞ්ගහො
තෘතීය සංග්රහයෙහි තික එකසිය තුනකි. එහි ද්විතීය සංග්රහයෙහි කියන ලද තුදුස් ප්රකීර්ණක දුකයන් අතුරෙන් එකක් අජ්ඣත්තික දුකයයි. සෙසු තෙළෙස සමග යොදා යං තං රූපං අජ්ඣත්තිකං තං උපාදා, යං තං රූපං බාහිරං තං අත්ථි උපාදා අත්ථි නො පාදා යනාදී නයින් තබන ලද තෙළෙස ප්රකීර්ණක තික නමි. ඉක්බිති ඒ දුකයම සෙසු දුකයන් සමග යොදා යං තං රූපං බාහිරං තං චක්ඛු සම්ඵස්සස්ස න වත්ථු, යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛු සම්ඵස්සස්ස වත්ථු, අත්ථි චක්ඛු සම්ඵස්සස්ස න වත්ථු යන ආදී නයින් සෙසු තිකය තබන ලද ද ඒ පිළිබඳ නම් ද ගණන ද ඒ වස්තු දුකාදීන්ගේ වශයෙන්ම දතයුතුයි යනු තෘතීය සංග්රහ වාරයෙහි පාළි ව්යවස්ථානයයි.
චතුබ්බිධාදිරූපසඞ්ගහා
චතුෂ්ක සංග්රහයෙහි චතුෂ්ක දෙවිස්සකි. එහි සර්ව පශ්චිම චතුෂ්කය අත්ථි රූපං උපාදා අත්ථිරූපං නො පාදා යැයි මෙසේ මෙහි කියන ලද මාතෘකාව ස්පර්ශ නො කොට තබන ලදී. අන් ඒවා ස්පර්ශකොට තබන ලදී. කෙසේ ද යත්, (මෙහි) දෙවදෑරුම් සංග්රහයෙහි ප්රකීර්ණකයන්හි ආදියෙහි යම් දුක තුනක් වීද, ඔවුනතුරෙන් එක එක ගෙන යං තං රූපං උපාදා තං අත්ථි උපාදින්නං අත්ථි අනුපාදින්නං යන ආදී නයින් දුක පහක් පහක් සමග යොදා ද්විකත්රය මූලක වූ චතුෂ්ක පසළොස ආදියෙහි තබන ලදී.
දැන් සතරවන සනිදර්ශන ද්වික යයි. එය යම්හෙයකින් යං තං රූපං සනිදස්සනං තං අත්ථි සප්පටිඝං අත්ථි අප්පටිඝං යනාදී නයින් ප්රථම ද්විකයන් සමග හෝ අසත්යභාවයෙන් (ඇත යන්නක් නැති බැවිනි) ක්රමාභාවයෙන් විශේෂා භාවයෙන් ද යෝගයකට නො පැමිණේ. සනිදර්ශනය වනාහි අප්රතිඝ නම් නොපාදා නම් හෝ වෙයි නැත යයි අසත්යභාවයෙන් යෝගයකට නොපැමිණේ. සියලුම ද්විකයෝ වනාහි පශ්චිම පශ්චිමයන් සමගම යොදන ලදහ. මේ මෙහි ක්රමයයි. පළමු ද්විකයන් සමග ක්රමාභාවය වේ යනුයි. ඇත යන අර්ථයෙහි ක්රමාභාවය කාරණයක් නොවේ. එහෙයින් (උපාදින්න ආදී පදයන් සමග යෙදිය යුතුයි. එය සමග විශේෂයක් නොමැති හෙයින්) උපාදින්න ආදී පද වනාහි මේ සමග යොදන ලදී. එහි උපාදින්න යනුත් සනිදර්ශනය සනිදර්ශන යනුත් උපාදින්න යැයි කී කල්හි විශේෂයක් නැතැයි විශේෂාභාවයෙන් ද යෝගයට (නො) පැමිණේ. එහෙයින් ඒ චතුෂ්ක ද්විකය. ආමර්ශනය නොකොට ඉන් පර ද්විකයන් සමග අත්ථි රූපං සප්පටිඝං යන ආදී ද්විතත්රය සමග යං තං රූපං සප්පටිඝං තං අත්ථි ඉන්ද්රියං (අත්ථි න ඉන්ද්රියං යං තං රූපං අප්පටිඝං තම්පත්ථි ඉන්ද්රියං) අත්ථි න ඉන්ද්රියං යන ආදී නයින් යොදන කල්හි ද්වික දෙක දෙක බැගින් යොදා චතුෂ්ක සයක් තබන ලදී.