රූපාවචරාරූපාවචරකිරියං
රූපාවචර අරූපාවචර ක්‍රියා නිර්දේශයන්හි (දක්වන ලදී.) දිට්ඨධම්ම සුඛවිහාරං යනු දිට්ඨධම්මයෙහි මේ ආත්මභාවයෙහිම සුඛවිහාර මාත්‍රයයි. එහි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ පෘථග්ජන කාලයෙහි උපදවන ලද සමාපත්තිය එයට සම නොවදනා තෙක් කුශලමය. සමවන් කල්හි ක්‍රියා වෙයි. උන්වහන්සේ ක්‍ෂීණාශ්‍රව කාලයෙහි උපදවන ලද සමාපත්තිය ක්‍රියාම වෙයි. සෙසු සියල්ල ඒ හා සමාන හෙයින් කුශල නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
අත්‍ථසාලිනි ධම්මසංගණී අට්ඨකථාවේ චිත්තුපාද කථාව නිමි.
අඛ්‍යාකත පදය වනාහි තවමත් නො නිමියේය.
චිත්තෝත්පාදකණ්ඩ වර්ණනාව සමාප්තයි.