අහෙතුකකුසලවිපාකො
දැන් අඛ්‍යාකත යන පදය බෙදා දක්වන්නට කතමෙ ධම්මා අඛ්‍යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි විපාක කිරිය රූප නිබ්බාණ යැයි අව්‍යාකෘතය චතුර්විධය. ඔවුනතුරෙන් විපාඛ්‍යාකතය විපාකාඛ්‍යා කතයෙහි ද කුසල විපාකය, එහි ද පරිත්ත විපාකය (එහි ද අහේතුකය, අහේතුකයෙහි ද පංච විඤ්ඤාණය) එහි ද ද්වාර පටිපාටියෙන් චක්‍ඛු විඤ්ඤාණය, එහි ද ද්වාරා රම්මණාදි සාධාරණ ප්‍රත්‍යය හැර අසාධාරණ කර්මප්‍රත්‍ය වශයෙන්ම උත්පත්තිය දක්වන්නට කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා යන ආදිය කියන ලදී. එහි කකත්තා යනු කළ කාරණයෙන්, උපචිතත්තා යනු රැස්කරන ලද හෙයින් වර්ධනය කරන ලද හෙයින්, චක්‍ඛු විඤ්ඤාණං යනු හේතුභූත චක්‍ෂුස පිළිබඳ විඥානය, චක්‍ෂු සිත් පැවති හෝ චක්‍ෂුසෙහි ආශ්‍රිත වූ හෝ විඥානය යනු චක්‍ඛු විඤ්ඤාණයයි. අන්‍ය වූ ශ්‍රෝත විඥානාදියෙහි ද මේ නයමය.
එහි චක්‍ෂුස නිශ්‍රිත රූප දැනගැනීම ලක්‍ෂණකොට ඇත්තේ චක්‍ඛු විඤ්ඤාණයයි. රූපමාත්‍ර අරමුණම රසයකොට ඇත්තේ ය. රූපයට අභිමුඛ වීම එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. රූපාරම්මණාකිරිය මනෝ ධාතුවෙන් පහව යෑම ආසන්න කාරණය කොට ඇත්තේ ය. පිටතින් පැමිණි ශ්‍රෝතාදිය ඇසුරු කළ ශබ්දාදිය දැනගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ ශ්‍රෝත ඝාණ ජිව්හාකාය විඥානයෝ ය. ශබ්දාදී වස්තු අරමුණු කරගැනීම රසයකොට ඇත්තාහ. ශබ්දාදියට අභිමුඛ වීම එළඹසිටි කාරණය කොට ගත්තෝ ය. ශබ්දාදිය අරමුණු කොටගත් කිරිය මනෝධාතූන්ගෙන් පහවීම ආසන්න කාරණය කොට ඇත්තාහ.
මෙහි වනාහි (පද) පිළිවෙළින් පද දසයක් වෙයි. අගෘහීත ග්‍රහණයෙන් සතකි. ඔවුනතුරෙන් පසක් අවිභක්තිකය දෙකක් සවිභක්තිකය. ඔවුනතුරෙන් සිත ඵස්සපඤ්චමක වශයෙනුත් ඉන්‍ද්‍රිය වශයෙනුත් දෙතැනක බෙදීමට යෙයි. වේදනාව ඵස්ස පඤ්චමක ඣානඞ්ග ඉන්‍ද්‍රිය වශයෙන් ස්ථාන තුනෙකමය. මේ තුනම රාසි ද වෙයි. එකම මනසිකාරය යේවාපනකය.
නිර්දේශ වාරයෙහි වක්‍ෂුර් විඥානය පණ්ඩර යැයි වස්තු වශයෙන් කියන ලදී. කුසලය වනාහි තමාගේ පරිශුද්ධතාවෙන් පණ්ඩර නම් වෙයි. වස්තු පණ්ඩරත්වය නිසා භවාංග නිර්දේශයෙහි අකුසලය අවිපාකය,
චිත්තෙකාග්‍රතා නිර්දේශයෙහි චිත්තසස ඨිති යන එකම පදය කියන ලදී. මේ දුර්වල සිත ද මෙහිදී ප්‍රවෘත්ති ස්ථිති මාත්‍රයම ලබයි. සංස්ථිති අවස්ථිති භාවයට පැමිණීමට නො හැකි වෙයි. සංග්‍රහ වාරයෙහි ධ්‍යානාංග මාර්ගාංගයෝ මතුකොට නො දක්වන ලදහ. කවර හෙයින්? ධ්‍යානය වනාහි විතර්ක පශ්චිමක නමි. මාර්ගය නම් හේතුපශ්චිමකය. ප්‍රකෘතියෙන් විතර්ක රහිත සිතෙහි ධ්‍යානාංගය නොලැබෙයි. අහේතුක සිතෙහි ද මාර්ගාංග නො ලැබෙයි. එහෙයින් මෙහි දෙකම මතුකර නො දක්වන ලදී. මෙහිදී සංස්කාර ස්කන්‍ධය ද චතුරංගිකවම බෙදන ලදී. ශුන්‍යතා වාරය ප්‍රකෘතිකමය. ශ්‍රෝත විඥානාදී නිර්දේශ ද මේ නයින්ම දතයුතුයි.
චක්‍ෂුර් විඥානාදියෙහි උපේක්‍ෂාව හුදෙකලාවම බෙදන ලදී. කාය විඥානයෙහි සුඛං යන මෙහි විශේෂයයි. එය ද ඝර්ෂණ (වශයෙන්) වේයැයි දතයුතුයි. චක්‍ෂුර් ද්වාරාදී සතරෙහි වනාහි උපාදා රූපයම උපාදා රූපයෙහි ගැටෙයි. උපාදා රූපයෙහිම උපදා රූපය ගැටෙනවිට ප්‍රතිඝර්ෂණය උරාගැනීම බලවත් නොවේ. කිණිහිරි සතරක් මත කපු පුලුන්පිඩු සතරක් තබා පුලුන් පිඩුවලින්ම පහර දුන් කල මෙන් ස්පර්ශ මාත්‍රයම වෙයි. වේදනාව මධ්‍යස්ථ ස්ථානයෙහි සිටී. කාය ද්වාරයෙහි වනාහි බාහිර මහා භූතාරම්මණ ආධ්‍යාත්මික කාය ප්‍රසාදය ගටා ප්‍රසාදප්‍රත්‍යය වූ මහාභූතයන්හි ගැටෙයි ද, (එය) යම්සේ කිණිහිර මත කපුපුලුන් පිඩක් තබා කුළෙකින් පහරදෙනවිට (කපු) පුලුන්පිඩ බිඳගෙන කළ කිණිහිර ගනීද මෙසේ ගැටීම බලවත් වේ. මෙසේම ප්‍රතිඝර්ෂණා උරාගැනීම බලවත් වේ. ඉෂ්ටාරම්මණයෙහි සුඛ සහගත කාය විඥානය උපදී. අනිෂ්ටාරම්මණයෙහි දුඃඛසහගත කායවිඥානය උපදී.
මේ සිත්පස පිළිබඳ වස්තුද්වාර ආරම්මණයෝ බැඳුණාහුම වෙත්. මෙහි වස්තු ආදීන්ගේ සංක්‍රමණයක් නම් නැත. කුශල විපාක චක්‍ෂුර් විඥානය වනාහි චක්‍ෂු ප්‍රසාදය වස්තුකොට ඉෂ්ට වූද ඉෂ්ට මධ්‍යස්ථ වූ ද චතුසමුට්ඨානික රූපාරම්මණයෙහි දර්ශන කෘත්‍යය සිදුකරමින් චක්‍ෂුර් ද්වාරයෙහි සිට විපාක දෙයි. ශ්‍රෝත විඥානාදිය ශ්‍රෝත ප්‍රාසාදාදිය වස්තුකොට ඉෂ්ටානිෂ්ට මධ්‍යස්ථ ශබ්දාදීන්හි ශ්‍රාවණඝ්‍රායන සායන ස්පර්ශන කෘත්‍යයන් සිදු කෙරෙමින් ශ්‍රෝත ද්වාරාදීන්හි සිට විපාක දෙයි. මෙහි ශබ්දය වනාහි ද්වි සමුට්ඨානිකම වෙයි.
මනෝධාතු නිර්දේශයෙහි ස්වභාව ශුන්‍යත නිඃසත්‍වාර්ථයෙන් මනසම ධාතුව වූයේ = මනොධාතු ය, එය චක්‍ෂුර් විඥානාදීන්ට අනතුරුව රූපාදීන් හඳුනාගැනීම ලක්‍ෂණකොට ඇත්තේ ය. රූපාදීන් පිළිගැනීම රසය කොට ඇත්තේ ය. එසේ බව එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. චක්‍ෂුර් විඥානාදි අපගමය ආසන්න කාරණය කොට ඇත්තේ ය. මෙහි ධර්මෝද්දේශයෙහි පද දොළොසක් වෙයි. අගෘහීත ග්‍රහණයෙන් නවයෙකි. ඔවුනතුරෙන් අවිභක්තික සතකි. සවිභක්තික දෙකකි. අධිමොක්‍ඛ මනසිකාර යන දෙක යේවාපනකය. විතර්ක නිර්දේශය අභිනිරෝපණයට පමුණුවා තබන ලදී. යම්හෙයකින් මේ සිත කුසල් ද නො වේද අකුසල් ද නො වේද, එහෙයින් සම්මා සංකප්ප යැයි හෝ මිච්ඡා සංකප්ප යැයි හෝ නො කියන ලදී. සංග්‍රහවාරයෙහි ලැබෙන්නා වූ ද ධ්‍යානාංගය පංචවිඥාන ශ්‍රෝතසට වැටී ගියේ යැයි (උපුටා නො දක්වන ලදී) මාර්ගාංගය වනාහි ලැබෙන්නේම යැයි උපුටා නො දක්වන ලදී. ශුන්‍යතවාරය ප්‍රකෘතිකමය. මේ සිතට නිබද්ධ වස්තුව හෘදය වස්තුවම වෙයි. ද්වාරාරම්මණයෝ අනිබද්ධයහ. එහිදී ඇතැම්විට ද්වාරාරම්මණයෝ සංක්‍රමණය වෙත්. ස්ථානය වනාහි එකකි. මෙය වනාහි සම්පටිච්ඡන කිසම වෙයි. මෙය වනාහි පංචද්වාරයෙහි පංචාරම්මණයන්හි සම්පටිච්ඡනය වී විපාක දෙයි. කුශල විපාක චක්‍ෂුර් විඥානාදීන් නිරුද්ධ වූ කල්හි එයට අනතුරුව ඒ ස්ථානයන්ටම පැමිණි රූපාරම්මණාදීන් සම්පටිච්ඡනය (පිළිගැනීම) කරයි.