චතුමග්ගනයසහස්සං
සියලු මාර්ගයන්හි පද පිළිවෙළින් වූ සමසැටක් පද අපණ්ණකාංග සතරක් සමග සූසැටක් වෙයි. අසම්භින්න වශයෙන් වනාහි තිස්තුනකි. කොට්ඨාසවාර සුඤ්ඤත වාරයෝ ප්රකෘතියෙන් යුක්තයහ. ධර්මරාජන් වූ බුදුරජාණන් වහන්සේ ප්රථම මාර්ගයෙහි මෙන්ම ද්විතීයාදීන්හි ද මෙසේ නය දහසක්මයැයි සතර මාර්ගයන් නය සාරදහසකින් බෙදා දැක්වූ සේක.
සච්ච විභංගයෙහි වනාහි ලෝකෝත්තර නය සැටදහසක් මොවුන්ගේ වශයෙන්ම බහාලන ලදී. සතිපට්ඨාන විභංගයෙහි ලෝකෝත්තර නය විසිදහසක්, සම්යක්ප්රධාන විභංගයෙහි විස්සක් ඍද්ධිපාද විභංගයෙහි දෙතිසක් - බෝධ්යාංග විභංගයෙහි දෙතිසක් - මාර්ග විභංගයෙහි ලෝකෝත්තර නය විසිඅටදහසක් ද මොවුන්ගේ වශයෙන්ම බහාලන ලදී.
මෙහි මාර්ග සතරෙහි වනාහි නය සාරදහසක්මය. ඔවුනතුරෙන් ප්රථමධ්යානික ප්රථම මාර්ගයෙහි අෂ්ටාංග බෙදන ලදී. ද්විතීයාදීන්හි ද එසේමය. එහි ප්රථම මාර්ගයෙහි සම්යක් දෘෂ්ටිය දුරු කෙරේ යනු = සම්මා දිට්ඨි යයි. සම්යක් සංකල්ප ආදිය ද මිථ්යා සංකල්පාදීන් දුරුකිරීම් අර්ථයෙන්ම දතයුතුයි. මෙසේ ඇති කල්හි ප්රථම මාර්ගයෙන්ම දෙසැටක් දෘෂ්ටි සහගතයන් ප්රහීණ හෙයින් මතු මාර්ග තුනෙන් ප්රහීණ කළයුතු දෘෂ්ටි නම් නැත. එහි සම්මා දිට්ඨි යන නාමය කෙසේ වේ ද යත්, යම්සේ විසක් ඇතත් නැතත් බෙහෙත බෙහෙතම යැයි කියනු ලැබේ. මෙසේ මිථ්යා දෘෂ්ටිය ඇතත් නැතත් මෙය සම්යක් දෘෂ්ටියම නමි.
එසේ නම් මෙය නාම මාත්රයක්ම වේද, මතු මාර්ග තුනේදී සම්යක් දෘෂ්ටිය කෘත්ය රහිත බවට පැමිණෙයි. මාර්ගාංග සම්පූර්ණ නොවෙයි. එහෙයින් සම්යක් දෘෂ්ටිය කෘත්ය සහිත කළයුතුයි. මාර්ගාංග සම්පූර්ණ කළ යුතුයි. මෙහිදී සම්යක් දෘෂ්ටියේ කෘත්ය සහිත බව යථාලාභ නියමයෙන් (ලැබෙන පරිදි) දැක්විය යුතුයි. මතු මාර්ග තුනෙන් නැසිය යුතු එක් මානයක් ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී. ඒ සම්යක් දෘෂ්ටිය ඒ මානය දුරු කෙරේනුයි = සම්මා දිට්ඨිය, ශ්රෝතාපත්ති මාර්ගයේදී වනාහි සම්යක් දෘෂ්ටිය මිථ්යා දෘෂ්ටිය දුරු කරයි. ශ්රෝතාපන්නයාගේ වනාහි සකෘදාගාමී මාර්ගයෙන් නැසිය යුතු මානයක් ඇත. (එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී එය) ඒ මානය දුරුකෙරේ යනු = සම්මා දිට්ඨිය. එයටම අකුසල චිත්ත සහජාත සංකල්ප සතක් ඇත. එහෙයින්ම සිත්වලින් වාචාංග චලනය කිරීමක් ඇත. කායාංග චලනය කිරීමක් ඇත. ප්රත්යය පරිභෝගයක් ඇත. සහජාත ව්යායාමයක් ඇත. සිහි නැති බවක් ඇත. සහජාත චිත්තේකග්ගතාවක් ඇත. මොව්හු මිත්යා සංකල්පාදීහු නම් වෙත්, සකෘදාගාමී මාර්ගයේ සම්මා සංකල්පාදීහු ඔවුන්ගේ ප්රහාණයෙන් සම්මා සංකල්පාදීහු යැයි දතයුත්තාහ. මෙසේ සකෘදාගාමි මාර්ගයේ අෂ්ටාංගයෝ කෘත්ය සහිත කොට ආවාහුය. අනාගාමි මාර්ගයේදී ඇසිය යුතු මානයක් සකෘදාගාමී මාර්ගයට ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී. එයටම සිත් සත සමග සහජාත සංකල්පාදීහු වෙත්ද අනාගාමී මාර්ගයේදී ඔවුන්ගේ ප්රහාණයෙන් අෂ්ටාංගයන්ගේ කෘත්ය සහිත බව දතයුතුයි. අනාගාමි මාර්ගයට අර්හත් මාර්ගයෙන් නැසිය යුතු මානයක් ඇත. එය දෘෂ්ටි ස්ථානයේ සිටී. එයට යම් අකුසල් සිත් පහක් ඔවුන් සමග සහජාත සංකල්පාදීහු වෙත් ද ඔවුන්ගේ ප්රහාණයෙන් අර්හත් මාර්ගයේ අෂ්ටාංගයන්ගේ කෘත්ය සහිත බව දතයුතුයි.
මේ මාර්ගයන් අතුරෙන් ද ප්රථම මාර්ගයෙන් සතර සත්යයෝ දක්නා ලදහ. මතු මාර්ග තුන දක්නා ලද්දම දකී ද නො දක්නා ලද්දක් දකී ද යත්, දක්නා ලද්දම දකී. මෙය ආචාර්යවරුන්ගේ සමානාර්ථ කථාවයි. විතණ්ඩවාදීහු වනාහි මෙසේ කීහ. ‘නුදුටු දෙයක් දකී’ යනුයි. ප්රථම මාර්ගයේදී කවර ඉන්ද්රියක් බෙදන්නෙහි දැයි ඔහුගෙන් ඇසිය යුතුය. දන්නේ නම් අඤ්ඤාතඤ්ඤාස්සාමිතින්ද්රිය යැයි කියයි. මතු මාර්ගයන්හි කවරේදැයි කී කල්හි ද අඤ්ඤින්ද්රිය යැයි කියයි. නොදුටු සත්ය දර්ශනය ඇති කල්හි මතු මාර්ගයන්හි ද අඤ්ඤතඤ්ඤස්සාමිතින්ද්රිය යම බෙදන්නෙහිය. මෙසේ ඔබගේ ප්රශ්නය සමනය වේද අවබෝධ කරගත් පුද්ගලයා අවබෝධ කරගත් ක්ලේශයන් ප්රහීණ කරයි ද ප්රහීණ වූ කෙලෙස්ම දුරුකරයිදැයි ඔහු විමසයි යුතුයි. අන්යයෙක් අන්ය වූ කෙලෙස් ප්රහීණ කරයි යනුයි. අවබෝධ කළ පුද්ගලයා අවබෝධ වූ අප්රහීණ කෙලෙස් දුරුකරයි නම්, නො දක්නා ලද සත්යයනුත් දකීයැයි යන වාද ඇති පුද්ගලයාගෙන් (මෙය) ඇසිය යුතුයි. සත්යයෝ (නම්) කෙතෙක් ද කියායි. දන්නේ නම් සතරකැයි කියයි. ඔහුට මෙසේ කිවයුතුයි. ඔබගේ වාදයෙහි සත්යයෝ සොළසක් පැමිණෙත්. බුදුන් විසිනුදු නොදක්නා ලද්දක් දක්නෙහිය. ඔබ බහුසච්චක නම් වෙයි. (මෙසේ) නොගනුව, සත්ය දර්ශනය නම් අපූර්වයක් නැත. අප්රහීණ ක්ලේශයන්ම දුරුකරයි.