පටිපදාචතුක්කං
දැන් යම්හෙයකින් මේ ධ්යානය නම් ප්රතිපදා ක්රමයෙන් සිද්ධ වේද, එහෙයින් එහි ප්රතිපදා භේදය දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි සුඛ ප්රතිපදාව මොහුට නුයි = දුක්ඛා පටිපදාය දන්ධ අභිඥාව මොහුටනුයි = දන්ධාභිඥය, මෙසේ දුක්ඛාපටිපදං යනු හෝ දන්ධාභිඤ්ඤං යනු හෝ පඨවිකසිණං යනු හෝ මේ තුනම ධ්යානයට නම්ය. දුක්ඛා පටිපදං ඛිප්පාභිඤ්ඤං යන ආදින්හිද මේ නයමය.
එහි පළමු සිත එකඟ කරගැනීමේ පටන් යම්තාක් ඒ ඒ ධ්යානයාගේ උපචාර සමාධිය උපදීද, එතෙක් පැවති ධ්යාන භාවනාව පටිපදාව යැයි කියනු ලැබේ. උපචාරයෙහි පටන් අර්පණා සමාධිය තෙක් පැවති ප්රඥාව වනාහි අභිඥාව යැයි කියනු ලැබේ. ඒ මේ ප්රතිපදාව වනාහි ඇතමෙකුට දුක් වෙයි. නීවරණාදී විරුද්ධ ධර්මයන්ගේ හැසිරීම් ගහණ බැවින් දුක්ය. අසුඛ සේවනා යනු අර්ථයි. ඇතමෙකුට එය නැති බැවින් සුඛය. ඇතමෙකුට අභිඥාව ද දන්ධය. මන්දය ශීඝ්රව නොපවත්නේ ය. ඇතමෙකුට වහා සිදුවෙයි. අමන්දය, ශීඝ්රව පවත්නේ ය. එහෙයින් යමෙක් ආදියෙහි පටන් ක්ලේශයන් විෂ්කම්භනය කරමින් දුකින් සසංස්කාරිකව සප්රයෝගීව වෙහෙසෙමින් විෂ්කම්භනය කරයි ද, ඔහුගේ ප්රතිපදාව දුක්ඛා පටිපදා (නම්) වෙයි. යමෙක් වනාහි විෂ්කම්භනය කරන ලද කෙලෙස් ඇත්තේ අර්පණා පරිවාසයෙහි යෙදෙන්නේ බොහෝ කලක් ගතකිරීමෙන් අංග පහළ කරගනීද, ඔහුගේ අභිඥාව දන්ධාභිඤ්ඤා නම් වෙයි. යමෙක් වහා අංග පහළකර ගනීද, ඔහුගේ අභිඥාව ඛිප්පාභිඤ්ඤා නම් වෙයි. යමෙක් ක්ලේශ විෂ්කම්භනය කරනුයේ සුවසේ නො වෙහෙසෙමින් විෂ්කම්භනය කෙරේ ද ඔහුගේ ප්රතිපදාව සුඛාපටිපදා නම් වෙයි.
එහි යම් සත්ප්රාය අසත්ප්රායයෝ ද පළිබෝධ සිඳීහ් ආදී පූර්වකෘත්යයෝ ද අර්පණා කුශලතාවෝ වෙත් ද ඔවුහු විශුද්ධි මාර්ගයෙහි චිත්ත භාවනා නිර්දේශයෙහි දක්වන ලදහ. ඔවුනතුරෙන් යමෙක් (දශ) අසත්ප්රායසේවී වේද ඔහුට දුඃඛ ප්රතිපදා ද දන්ධාභිඥා ද වෙයි. සත්ප්රායසේවියාට සුඛප්රතිපදා ද ශිප්රාභිඥා ද වෙයි. යමෙක් වනාහි පූර්වභාගයෙහි හෝ අසත්ප්රාය සේවනය කොට අපරභාගයෙහි සත්ප්රායයේවී වෙයිද, පූර්වභාගයෙහි හෝ සත්ප්රාය සේවනය කොට අපරභාගයෙහි අසත්ප්රායේවී වෙයිද ඔහුගේ මිශ්රබව දතයුතුයි. යම්සේ පළිබෝධ නැසීම් ආදී පූර්ව කෘත්යය නොසපයා භාවනාවේ යෙදුණහුට දුඃඛප්රතිපදා වෙයි. විපරීත වශයෙන් සුඛප්රතිපදා ද වේ. අර්පණ කුශලතාවන් සම්පාදනය නො කරන්නාට වනාහි දන්ධාභිඥා වෙයි. සම්පදනය කරන්නාට ශිප්රාභිඥා වෙයි.
තවද තෘෂ්ණා අවිද්යා වශයෙන් ද සමථ විදර්ශනා (කෘත්ය) ධිකාර වශයෙන්දැයි මොවුන්ගේ ප්රභේද දතයුතුයි. තෘෂ්ණාවෙන් මඩනා ලද්දහුට වනාහි දුක්ඛා ප්රතිපදා වෙයි. නොමඩනා ලද්දහු සුඛා ප්රතිපදාය, අවිද්යාවෙන් මඩනා ලද්දහුට ද දන්ධාභිඥා වෙයි. (නොමඩනා ලද්දහුට ඛිප්පා භිඤ්ඤාය) යමෙක් වනාහි සමථයෙහි නොකරන ලද ප්රාර්ථනා ඇත්තේ ද ඔහුට දුක්ඛා පටිපදා වෙයි. කරන ලද ප්රාර්ථනා ඇත්තහුට සුඛ පටිපදාය, යමෙක් වනාහි විදර්ශනාවෙහි නො කරන ලද ප්රාර්ථනා ඇත්තේ වේද, ඔහුට දන්ධාභිඥා වෙයි. කෘතාධිකාරී පුද්ගලයාට ශිප්රාභිඥාය.
ක්ලේශ ඉන්ද්රිය වශයෙන් ද මොවුන්ගේ ප්රභේදය දතයුතුයි. තීව්ර ක්ලේශී මෘදු ඉන්ද්රිය ඇත්තහුට වනාහි දුක්ඛා පටිපදා වෙයි. දන්ධාභිඥා ද වෙයි. තියුණු ඉන්ද්රිය ඇත්තාට වනාහි ශිප්රාභිඥාය, මද කෙලෙස් ඇති මෘදු ඉන්ද්රිය ඇත්තාට ද සුඛා පටිපදා ද දන්ධාභිඥා ද වෙයි. තියුණු ඉන්ද්රිය ඇත්තහුට වනාහි ශිප්රාභිඥා යැයි
මෙසේ මේ ප්රතිපදා අභිඥාවන්හි යම් පුද්ගලයෙක් දුක්ඛ ප්රතිපදාවෙන් දන්ධ අභිඥාවෙන් ධ්යානයට පැමිණේද ඔහුගේ ඒ ධ්යානය දුක්ඛා පටිපදා දන්ධාභිඥා යැයි කියනු ලැබේ. සෙසු තැන්හි ද මේ නයමය.
එහිදී ප්රතිපත්තියක් වශයෙන් සතිය පිහිටයි. ප්රඥාව ද ඨිතිභාගී වෙයි. (පිහිටයි.) යැයි මෙසේ කියන ලද සතියෙන් ඒ ඒ ධ්යානයන්හි තෘෂ්ණාව විෂ්කම්භනය කළ කල්හි ප්රතිපදාව ද ඒ ඒ ධ්යානූපචාරයට පැමිණි අර්පණා පරිවාසයෙහිදී අභිඥාව ද දතයුතුයි. ආගමන වශයෙන් ද ප්රතිපදා අභිඥාවෝ වෙත්මය. දුක්ඛා පටිපදාව වනාහි දන්ධාභිඥා ප්රථම ධ්යානයට පැමිණ පැවතියේය. ද්විතීය ධ්යානය එබඳුම වෙයි. තෘතීය චතුත්ථි ධ්යානයන්හි ද මේ නයමය. චතුෂ්ක නයෙහි යම්සේ ද පංචක නයෙහි ද මෙසේ ප්රතිපදා වශයෙන් සතර ආකාර භේදය දතයුතුයි. මෙසේ ප්රතිපදා වශයෙන් ද නවක සතරක් කියන ලද්දේ වෙයි. එහි පාඨ වශයෙන් සිත් සතිසෙකි. අත්ථි වශයෙන් වනාහි චතුෂ්කනය පංචක නයෙහි පිවිසි හෙයින් විස්සක්ම වෙයි යනුයි.