දුකමාතෘකා වර්ණනාව
දුක මාතිකාවෙහි වනාහි ත්රිකයන්හි ආ පදවර්ණනාවම කරන්නෙමු. හේතු ගොච්ඡකයෙහි වනාහි හේතුධම්මා යනු මූලාර්ථයෙන් හේතුයැයි කියන ලද ධර්මයෝය. ‘හේතුධම්මා’ යනු ද පාඨයෙකි. ‘නහෙතු’ යනු ඔවුන්ගේම ප්‍රතික්ෂේප වචනයයි. සම්ප්‍රයෝග වශයෙන් පැවැත්මෙන් හේතුව සමග නුයි = සහේතුකයෝය. එසේම මොවුන්ට හේතු පැවැත්මෙක් නැත්තේ නුයි = අහේතුකයෝ ය. එක්ව උපදනා බැවින් හේතුව සමග එක්ව යෙදුණේ නුයි = හේතු සම්ප්‍රයුක්තයෝය. හේතුවෙන් වෙන් වූවෝ නුයි = හේතු විප්‍රයුක්තයෝය. මේ දුක දෙකේම අර්ථ වශයෙන් කිසිදු නානත්වයක් (වෙනසක්) නැත. දේශනා විලාසයෙන් වනාහි එසේ අවබෝධ කරගන්නා වූ හෝ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලදී. ඉන් අනතුරුව ප්‍රථම දුකය ද්විතීය තෘතීය දුකයන් සමග යොදා ඔවුන්ගේ ‘හේතු’ ‘නහේතු’ ආදී පදයන්ගේ වශයෙන් එසේ හටගත්තා වූ අතර වූ ද දුක තුනක් කියන ලදී. එහි යම් සේ ධර්මයෝ හේතු ද සහේතුක යන මෙය වේ ද එසේම ධර්මයෝ හේතු ද අහේතුක ද වෙත් යන මෙය වේ. එසේම සහේතුක ධර්මයෝය. නො ද හේතුක ද වෙත් යන මෙය වෙයි. එසේම අහේතුක ධර්මයෝය. නො ද හේතුක ද වෙත් යන මෙය වෙයි. හේතුසම්ප්‍රයුක්ත දුකය සමග යෙදීමේ දී ද මෙම ක්‍රමයමැයි.
එහි න හේතුක ධර්මයෝය. සහේතුකයෝ ය. අහේතුකයෝ යැයි යන මෙය සිද්ධ වූ කල්හි යළිදු නො ද හේතු ධර්මයෝය යන මෙය වනාහි අතිරික්තයකැයි කියන ලදී. ඒ අනුව මේ අතිරේකාර්ථය සංග්‍රහ කරන ලද්දේයැයි දතයුතුයි. කෙසේද? හුදෙක් නහේතු ධර්මයෝම නොවෙත්. එසේ නම් අනිකුත් නො ද සහේතු අහේතුකයෝය යන වශයෙනි. තවද වෙනත් අයුරකින් ද මෙය කියන ලද්දේ වෙයි. නහේතු ධර්මයෝය, සහේතුකයෝ ය. අහේතුකයෝ ය (යන මේ ධර්මයෝ) යම්සේ ද හේතුධර්‍මයෝ ද සහේතුකයෝ ද අහේතුකයෝ ද එසේය. නහේතු ධර්මයෝ ද හේතුසම්ප්‍රයුක්තයෝ ද හේතු විප්‍රයුක්තයෝ ද මෙසේමය.
චුල්ලන්තර දුකයෙහි තමාගේ නිෂ්පාදක වූ ප්‍රත්‍යය සමග නුයි =– සප්‍රත්‍යයෝ ය. මොවුන්ට උත්පාදයෙහි හෝ ඨිතියෙහි හෝ ප්‍රත්‍යය නැත්තේ නුයි = අප්‍රත්‍යයෝ ය. ප්‍රත්‍යයන් සමග එක්ව අවුත් කරන ලද්දේනුයි = සංඛතයෝ ය. සංඛත නොවූවෝ යනු = අසංඛතයෝ ය. වෙන් කළ නොහැකි අයුරින් රූපය මොවුන්ට ඇත යනුයි = රූපීහුය. මොවුන් එවැනි රූපයක් නැත්තේ නුයි අරූපීහු ය. වෙනස්වීම ලක්ෂණ කොට ඇත්තේ හෝ රූපයි. එය මොවුන්ට ඇත්තේ නුයි = රූපීහු ය. රූපී නො වූවෝ = අරූපීහු ය. විනාශවීම, බිඳවැටීම යන අර්ථයෙන් (සංසාර) වෘත්තය ලෝකය යැයි කියනු ලැබේ. එහි අන්තර්ගත බැවින් ලෝකයෙහි නියුතු වූවෝ නුයි = ලෞකිකයහ. එයින් එතර වූවෝ - ගොඩනැගුණෝනුයි උත්තරයහ. ලෝකයෙහි නියුතු නොවූ බැවින් ලෝකයෙන් එතර වූවෝනුයි = ලෝකුත්තරයහ. ‘කෙන චි විඤ්ඤෙය්යො’ යනු චක්ෂුර්විඥානාදී වූ කිසියම් එකකින් චක්ෂුර් විඥානයෙන් හෝ ශ්‍රෝත විඥානයෙන් හෝ දතයුතු. ‘කෙනචි න විඤ්ඤෙය්යා’ යනු කිසියම් චක්ෂුර්විඥානයෙන් හෝ ශ්‍රෝත විඥානයෙන් හෝ නොදතයුතු. මෙසේ ඇති කල්හි පද දෙකේම අර්ථ වෙනසින් ද්විකයක් වෙයි.
ආසව ගොච්ඡකයෙහි වැගිරේනුයි = ආසවයෝ ය. ඇසින් ද -පෙ මනසින් ද වැගිරෙත්. ගලාබසිත් යැයි කියන ලද්දේ වෙයි. ධර්ම වශයෙන් ගෝත්‍රභූ සිත තෙක් ද අවකාශයෙන් භවාග්‍රය දක්වා ද වැගිරෙත්නුයි හෝ = ආශ්‍රවයෝ ය. මේ ධර්මයන් ද මේ අවකාශය ද ඇතුළත්කොට පවත්නාහුය යන අර්ථයි. අන්තර් කරණාර්ථය වනාහි මේ ආකාර ඇත්තේය. බොහෝකල් පැසවීමෙන් රා ආදිය ආසව යැයි කියනු ලැබේ. එහෙයින්ම බොහෝකල් පැසවීමෙන් මොව්හු ද ආසවම වීමට සුදුස්සෝය. මෙය ද කියන ලද්දේමැයි. ‘මහණෙනි, මින් පෙර අවිද්‍යාව නොවීයැයි අවිද්‍යාවේ මුල කෙළවර නොපැනේ.’ යන ආදියයි. දිගට හෝ සසර දුක ගලා බසී. විශේෂයෙන් ගලාබසීනුයි = ආසවයෝය. එයින් අන්‍යයෝ නො ආසව නමි. තමන් අරමුණු කොට පවත්නා ආසවයන් සමගනුයි = සාසවයෝ යි. මෙසේ පවත්නාහු මොවුන්ට ආසවයෝ නැත්නුයි අනාසවයහ. සේසස හේතුගොච්ඡකයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුයි. මේ වනාහි වෙනසකි. යම්සේ එහි යළි හේතු නොවූ සහේතුක ද වූ ධර්මයෝයැ. අහේතුක ද ධර්මයෝය යන මේ අවසාන දුකය පඨම දුකයාගේ දෙවන පදය මුලින් යොදා කියන ලදී. මෙසේ මෙහි දී යළිදු ආස්‍රව නොවූ ද සාස්‍රව වූ ද අනාස්‍රව වූ ද ධර්මයෝ නො කියන ලදහ. එසේ නො කියන ලද නමුත් යළිදු මෙය ද අනිකුත් භේදයෝ ද එහි කියන ලද නයින්ම දතයුතුයි.