සූත්රාන්තික දුකමාතෘකා වර්ණනාව
සූත්රාන්තික දුකයන්හි සම්ප්රයෝග වශයෙන් විද්යාව භජනය කෙරෙත්නුයි = විද්යාභාගිහුය. විද්යාභාගයෙහි විද්යා කොට්ඨාශයෙහි පවතිත් යනු ද = විද්යාභාගීහු ය. එහි විදර්ශනා ඥානය, මනෝමය ඍද්ධි ඥානය, ෂට් අභිඥාය යනු අෂ්ටවිද්යාවෝ ය. පළමු අර්ථයෙන් ඒවා සමග යෙදුණු ධර්මයෝ ද විද්යාභාගීහු ය. පශ්චිම අර්ථයෙන් ඒවා අතුරෙන් යම්කිසි එක් විද්යාවක් විද්යාය, සෙස්සෝ විද්යාභාගීහුයැයි මෙසේ විද්යාව ද විද්යාව හා සම්ප්රයුක්ත ධර්මයෝ ද විද්යාභාගීහුම යැයි දතයුත්තාහ. මෙහි වනාහි සම්ප්රයුක්ත ධර්මයෝ ද අභිප්රේතයි. (බලාපොරොත්තුය) සම්ප්රයෝග වශයෙන්ම අවිද්යාව භජනය කෙරෙත්නුයි = – අවිජ්ජාභාගීහු ය. අවිද්යාභාගයෙහි, අවිද්යා කොට්ඨාශයෙහි පවතිත් යනු ද = අවිජ්ජාභාගීහු ය. එහි දුක වසාලන අවිද්යාවය. සමුදයාදිය වසාලන අවිද්යාව යැයි අවිද්යාව සතරෙකි. පළමු නයින්ම ඒවා සමග සම්ප්රයුක්ත ධර්මයෝ ද අවිද්යාභාගීහු ය. පශ්චිම අර්ථයෙන් ඒවා අතුරෙන් යම්කිසි එක් අවිද්යාවක් අවිද්යාය, සෙස්සෝ අවිද්යා භාගීහු යැයි මෙසේ අවිද්යාව ද අවිද්යා සම්ප්රයුක්ත ධර්මයෝ ද අවිද්යාභාගීහුම යැයි දතයුතුයි. මෙහි වනාහි සම්ප්රයුක්ත ධර්මයෝ ද අභිප්රේතයෝ ය.
නැවත නො වසාගෙන සිටින බැවින් ක්ලේශාන්ධකාරය විධ්වංසනය කරන්නට අසමර්ථ හෙයින් විදුලිය උපමාව මොවුන්ටනුයි = විජ්ජූපමාය, නිරවශේෂ කොට විධ්වංසනය කිරීමට සමර්ථ බැවින් වජිරෝපමාව මොවුන්ටනුයි = වජිරෝපමාය, බාලයන් කෙරෙහි සිටි බැවින් බාලයෝ ය. යම්තැනක සිටියාහු ඊට උපචාර වශයෙන් බාලයහ. පණ්ඩිතයන් කෙරෙහි සිටි බැවින් පණ්ඩිතයහ. බාලයන් බවට පත්කරන හෙයින් බාලයහ. පණ්ඩිතයන් බවට පත්කරන හෙයින් පණ්ඩිතයහ. තණ්හා යනු කළු වූවෝ ය. සිත අප්රභාස්වර කරන්නෝ ය. සුක්ත යනු සුදුය. එසේම සිත ප්රභාස්වර කරන්නෝ ය. විශේෂයෙන් කළුව උපන් හෙයින් හෝ කෘෂ්ණයහ. විශේෂයෙන් සුදුව උපන් හෙයින් හෝ ශුක්ලයහ. මෙලොව මෙන්ම පරලොව ද තවත් නුයි = තපනීයයෝ ය. තපනීය නොවූවෝ = අතපනීයයෝ ය.
අධිවචන දුක්දී තුන අර්ථ වශයෙන් නානත්වයක් නැත්තාහ. මෙහි වෙනස අකුරු පමණි. ‘සිරිවඩ්ඪක ධනවඩ්ඪක’ යන මේ ආදීහු වනාහි වචන මාත්රයම අධිපති කොට පැවතියානු අධිවචනයෝ නම් වෙත්. අධිවචනයන්ගේ පථයෝ අධිවචන පථයෝ ය. ‘අභිසංඛරොන්ති ඛො භික්ඛවෙ, තස්මා සංඛාරා’ යැයි මෙසේ උපුටා සහේතුක කොට කියනු ලබන්නා වූ අභිලාසයෝ නිරුක්ති නම් නිරුක්තීන්ගේ පථයෝ = නිරුක්ති පථයෝයි. තර්කය, විතර්කය, සංකල්පය යැයි මෙසේ ඒ ඒ ප්රකාරයෙන් ඇඟවීම ප්රඥප්ති නමි. ප්රඥප්තීන්ගේ පථයෝ = ප්රඥප්ති පථයෝ ය. මෙහි ද දුකය, දුකය යැයි කියා ද අන්ය වචනයන්ගේ ප්රයෝජනය හේතුගොච්ඡකයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
නාමරූප දුකයෙහි නම්කිරිම් අර්ථයෙන් ද නැමීමේ අර්ථයෙන් ද නැමවීම් අර්ථයෙන් ද නාමය, වෙනස්වන අර්ථයෙන් රූපය, මේ මෙහි සංක්ෂේපය යි. විස්තර වනාහි නික්ෂේප කාණ්ඩයෙහි මතු එන්නේ ය. අවිජ්ජා යනු දුක්ඛාදියෙහි නො දැනීමයි. භව තණ්හා යන භවය පිළිබඳ ප්රාර්ථනාවයි. භවදිට්ඨි යනු ශාස්වත (දෘෂ්ටි) ය භවය යැයි කියනු ලැබේ. ශාස්වත වශයෙන් උපදනා දෘෂ්ටිය යි. විභව දෘෂ්ටි නම් උච්ඡේදය (උච්ඡේද දෘෂ්ටිය) විභව යැයි කියනු ලැබේ. (එනම්) උච්ඡේද වශයෙන් උපදනා දෘෂ්ටිය යි. ආත්මයත් ලෝකයත් ශාස්වත යැයි පවත්නා දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටියයි. සිඳෙනු ලැබේ යැයි පවත්නා දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය යි. කෙළවරක් ඇත්තේ යන පවත්නා දෘෂ්ටිය අන්තවත් දෘෂ්ටියයි. අනන්තයැයි පවත්නා දෘෂ්ටිය අනන්තවත් දෘෂ්ටියයි. පූර්වාන්තය අනුව ගිය දෘෂ්ටිය පූර්වාන්තානුදෘෂ්ටිය යි. අපරාන්තය අනුව ගිය දෘෂ්ටිය අපරාන්තානු දෘෂ්ටියයි. අහිරික යනු යමක් ලජ්ජා විය යුත්තෙන් ලජ්ජා නොවේදැයි මෙසේ විස්තර කරන ලද නිර්ලජ්ජි බවයි. අනොත්තප්ප යනු බියවිය යුත්තෙන් යමක් බිය නොවේදැයි මෙසේ විස්තර කරන ලද බිය නොවන ආකාරයයි. ලජ්ජාවීම හිරියයි. බියවීම ඔත්තප්පය යි. දුර්වච බව ආදියෙහි දුක් වචනය විප්පටිකූලභොගී වූ විරුද්ධ වූ අනාදර වූ මේ පුද්ගලයා කෙරෙහිය යනුයි. දුර්වචයි. ඔහුගේ කර්මය දුර්වච බවයි. ඔහුගේ භාවය දෝවචස්සතාවයි. පාපි අශ්රද්ධා ආදී පුද්ගලයෝ මොවුන්ගේ මිත්රයෝනුයි = පාපමිත්රයායි. ඔහුගේ භාවය පාපමිත්රතාවයි. සුවච බව ද කල්යාණමිත්රතාව ද කී දේට ප්රතිපක්ෂ නයින් දතයුතුයි.