නිදානකථා
එහි ‘අභිධම්මෙ’ යනු කවර අර්ථයකින් අභිධර්ම වීද? මෙහි ‘අභි’ ශබ්දය වනාහි ධර්ම අතිරේක ධර්ම විශේෂණාර්ථයෙන් අතිරේක විශේෂාර්ථ දක්වන්නකි. ‘බාළ්හා මෙ දුක්‍ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති’ යම්හෙයකින් ඔසවන ලද බොහෝ ඡත්‍ර අතරෙහි මෙන්ම ධ්වජ අතරෙහි ද ප්‍රමාණයෙන් වැඩි විශේෂ වර්ණ සටහන් ඇති යම් ඡත්‍රයක් වේද, එය ‘අතිඡත්‍රය’ යැයි කියනු ලැබේ. ප්‍රමාණයෙන් වැඩි නොයෙක් පාට - වර්ණ විශේෂයන්ගෙන් යුත් යම් ධ්වජයක් වේද එය ‘අති ධ්වජය’ යැයි කියනු ලැබේ. යම්සේ එකට රැස් වූ බොහෝ රාජ කුමාරවරුන් අතරෙහි මෙන්ම දෙවියන් අතරෙහි ද යමෙක් ජාති -භෝග යස ඉසුරු ආදී සම්පත්තීන්ගෙන් අතිරේකතර මෙන්ම විශේෂවන්තතර වේද ඒ ‘අතිරාජ කුමාරයා’ යැයි කියනු ලැබේ. යමෙක් ආයු-වර්ණ-ඓශ්වර්ය යස සම්පත් ආදියෙන් අතිරේකතර මෙන්ම විශේෂතර වේද, ඒ දෙවියා ‘අතිදේව’ යැයි කියනු ලැබේ. එබඳු වූ බ්‍රහ්මයා ද ‘අතිබ්‍රහ්ම’ යැයි කියනු ලැබේ. එපරිද්දෙන් යම් ධර්මයක් ධර්මාභිෂේක ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි කියනු ලැබේ. එබඳු වූ බ්‍රහ්මයා ද ‘අතිබ්‍රහ්ම’ යැයි කියනු ලැබේ. එපරිද්දෙන් යම් ධර්මයක් ධර්මාභිෂේක ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි කියනු ලැබේ.
පංචස්කන්‍ධය වනාහි සූත්‍රාන්තයට පැමිණ ඒකදේශයකින්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. අභිධර්මයට පැමිණ වනාහි සූත්‍රාන්තභාජනීය, අභිධර්ම භාජනීය ප්‍රශ්න පෘච්ඡක නය වශයෙන් නිෂ්ප්‍රදේශ වශයෙන් බෙදන ලදී. දොළොස් ආයතන, අටළොස් ධාතු. චතුරාර්ය සත්‍යය, දෙවිසි ඉන්‍ද්‍රිය, දොළොස්පදික ප්‍රත්‍යාහාරය යන මේවා ද එසේය. හුදු ඉන්‍ද්‍රිය විභංගයෙහි වනාහි සූත්‍රාන්ත භාජනීය නැත. ප්‍රකරණයෙහි ද ප්‍රශ්න පෘච්ඡකය නැත. සතර සතිපට්ඨානයෝ ද සූත්‍රාන්තයට පැමිණ ඒකදේශ වශයෙන්ම බෙදන ලදහ. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදහ. අභිධර්මයට පැමිණ වනාහි ත්‍රිවිධ නය වශයෙන් නිෂ්ප්‍රදේශයෙන්ම බෙදන ලදහ. එසේම සතර සම්‍යක්ප්‍රධාන සතර සෘද්ධිපාද, සප්ත බොජ්ඣංග ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතරධ්‍යාන, සතර අප්පමඤ්ඤා, පංචශික්‍ෂාපද, සතර පටිසම්භිදා, ත්‍රිවිධ නය අනුව නිෂ්ප්‍රදේශ වශයෙන්ම බෙදන ලදී. හුදෙක් මෙහි වනාහි ශික්‍ෂාපද විභංගයෙහි සූත්‍රාන්ත භාජනීය නැත. සූත්‍රාන්තයට පැමිණ ද ඥානං ඒකදේශ වශයෙන්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. ක්ලේශ ද එසේමය. අභිධර්මයට පැමිණ වනාහි ‘එකවිධෙන ඤාණවත්‍ථුං’ ආදී ක්‍රමයෙන් මාතෘකාව නිෂ්ප්‍රදේශ වශයෙන්ම බෙදන ලදී. එසේම ඒකකයේ පටන් නොයෙක් නයින් කෙලෙස් බෙදන ලදී. සූත්‍රාන්තයට පැමිණ ද ගුම්බන්තර පරිච්ඡේදය ඒකදේශ වශයෙන්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. අභිධර්මයට පැමිණ වනාහි ගුම්බන්තර පරිච්ඡේදය ත්‍රිවිධ නය වශයෙන් නිෂ්ප්‍රදේශයෙන්ම බෙදන ලදී. මෙසේ ධර්මාතිරේක වශයෙන්, ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි දතයුතුය.
මෙය වනාහි ප්‍රකරණ පරිච්ඡේද වශයෙන්, ධම්ම සංගණ විභංග ධාතුකථා පුග්ගල පඤ්ඤත්ති කථාවත්‍ථු යමක පට්ඨාන යනුවෙන් සප්ත ප්‍රකරණ වශයෙන් සිටියේය. මෙය මෙහි ආචාර්යවරුන්ගේ සමාන කථාය. විතණ්ඩවාදීහු මෙසේ කියත්. කථාවත්‍ථුව කවර හෙයින් ගන්නා ලද ද? මෙය සම්මා සම්බුදුන්ගේ පිරිනිවීමෙන් වසර දෙසිය දහඅටක් ඉක්ම මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් විසින් තබන ලද්දේ නොවේද? එහෙයින් ශ්‍රාවක භාෂිතයක් හෙයින් එය ඉවතලන්න. කිම? අභිධර්මය ෂට්ප්‍රකරණද? එසේ නොකියමි. එසේනම් කුමක් කියන්නෙහි ද? සප්ත ප්‍රකරණ යැයි කවරක් ගෙන සතරක් කරත් ද? මහාධම්මහදය නම් (දේශනයක්) ඇත. එයත් සමග සතකි. මහාධම්මහදයෙහි පිළිවෙලක් නැත. ප්‍රශ්න වාර කීපයක්ම අවශේෂය. කථාවත්‍ථුව සමගම සතකි යනුයි. කථාවත්‍ථුව සමග නොවේ. මහාධාතුකථා නම් ප්‍රකරණයක් ඇත. එය සමග සතකි. මහාධම්ම පදයෙහි වනාහි ප්‍රශ්නවාර කීපයක් අවශේෂය. මහා ධාතු කථාවෙහි පිළිවෙළක් ඇත. අවශේෂ ස්වල්ප මාත්‍රමය. කථාවත්‍ථුව සමගම සතකි යනුයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහී සප්තප්‍රකරණ දේශනා කරන සේක් කථාවස්තුවට පැමිණ ඒ කථාවස්තුව පුද්ගලවාදයෙහි පමණක් සතර ප්‍රශ්නයන්හි ද්විපංචක වශයෙන් අභිමුඛවාද යුක්තිය යැයි එය මුල්කොට සියලු කථා මාර්ගයන්හි අසම්පූර්ණ බණවර පමණින් පාළියෙහි මාතෘකා තැබූ සේක.
[missing trans] ඒ මේ මාතෘකාව තබනසේක් මෙය දැක තැබූ සේක. මාගේ පිරිනිවීමෙන් වසර දෙසිය දහඅටෙකින් මත්තෙහි මොග්ගලීපුත්ත තිස්ස නම් භික්‍ෂුවක් භික්‍ෂූන් දහසක් මැද හිඳ ස්වකීය වාදයෙන් සූත්‍ර පන්සියයකුත් පරවාදයෙන් සූත්‍ර පන්සියයකුත් ලෙස සූත්‍ර දහසක් සමෝධානය කොට දීඝනිකාය පමණ වූ කථාවස්තු ප්‍රකරණය බෙදන්නේය යනුයි.