6. සම්ප්රයෝග විප්රයෝග පද වර්ණනාව
දැන් සම්ප්රයෝග විප්රයෝග පද බෙදීමට රූපක්ඛන්ධො යනාදිය අරඹන ලදී. එහි යමක් ලැබේද යමක් නො ලැබේද ඒ සියල්ල ප්රශ්නයෙන් ගන්නා ලදී. විසඳීමෙහි දී යමක් නො ලැබේ එය ප්රතික්ෂේප කරන ලදී. චතුහි සම්පයොගො චතුහි විප්පයොගො සභාගො විසභාගො යන වචන හෙයින් සතර අරූප ස්කන්ධවලින්ම සභාගයන්ගේ එක් සන්තානයක (සිතන) එක් මොහොතක උපන් අරූප ස්කන්ධවලම ඔවුනොවුන් සම්ප්රයෝගය ලබයි. රූප ධර්මවල වනාහි රූපයෙන් නිර්වාණයෙන් හෝ නිර්වාණයේ ද රූපය සමග සම්ප්රයෝගයක් නම් නැත. රූප නිර්වාණවල අරූප ස්කන්ධවලින් ද එසේය. ඒවා ඔවුන්ගේ විභාග වේ. රූප නිබ්බාණවලින් අරූප ස්කන්ධවල යම්සේද එසේම වෙන් වෙන් සන්තානවලින් නානා ක්ෂණවලින් අරූප ධර්ම සමගද නොමැත්තේමය. ඒ සන්තාන ක්ෂණ විසභාග බැවින් ඒවාද විසභාගම වේ. මෙය වනාහි විසභාග බැවින් සංග්රහ අර්ථයෙන් විරුද්ධවීමක් සංග්රහ නයෙහි නැත. සංග්රහාර්ථය ගණන් එළඹීමක් පමණය. (ගණනූපගමත්තං) සම්ප්රයෝග නයෙහි ඇත. එකට උපන්බව ආදී ලක්ෂණ සම්ප්රයෝග අර්ථයයි. මෙසේ මෙහි යමකට එක් ධර්මයකින් ද සම්ප්රයෝග ලක්ෂණ නොයෙදේ. ප්රශ්නයෙන් සංග්රහ කොට ද නැතැයි ඒවා ප්රතික්ෂේප කරන ලදී. යමක විප්රයෝග ලක්ෂණ යෙදේද එහි විප්රයෝගම දක්වන ලදී. සප්ත විඥාන ධාතුවල යම් පද රූපයෙන් නිර්වාණයෙන් හෝ එකකුදු විප්රයුක්ත නොවූ කල්හි මිශ්ර ධර්ම දැක්වේ. ඒවා සියළු ආකාරයෙන් මෙහි නොයෙදේ යයි නොගන්නා ලදී. මෙය උදානයි.
දම් ආයතන දම් - දා දුක් සස් ද දිවියද
සය ආයතන නම් - රූ සතරද බවමහා
සය ආයතන නම් - රූ සතරද බවමහා
දෑ ජර මර තික - යෙහි එකුන්විසි පදද යන
පොකුරෙහි ද පණසය - සුළු අන්තරයෙහි අට පද
පොකුරෙහි ද පණසය - සුළු අන්තරයෙහි අට පද
පසළොස ද මහ අත්-තර අටළොස එයින් පසු
එක්සිය තෙවිසි පද - නො ලැබෙයි සම්පයෝගයෙ
එක්සිය තෙවිසි පද - නො ලැබෙයි සම්පයෝගයෙ
ධම්මායතනය රූප නිර්වාණ මිශ්ර බැවින් අපරියාපන්ත විඤ්ඤාණයෙන් සම්ප්රයුක්ත යයි කීමට නොහැකිය. මෙහි යම් වේදනාදිය විඤ්ඤාණයෙන් සම්ප්රයුක්තය. ඒ නිසා විප්රයුක්ත යයි කීමට නොහැකිය. සෙස්සෙහි ද තෙල නයම වේ. මෙසේ සියළු තන්හි ද මේවා නොයෙදේ යයි මෙහි නොගන්නා ලදී. සෙසු ස්කන්ධාදිය යෙදේ යයි ඒවායෙන් එක එකක් වශයෙන් ද සමෝධානව ද ප්රශ්න විසඳීම් කරන ලදී. සෙසු ප්රශ්නවල පළමුවැන්නෙහි එකෙනායතනෙන යනු මනායතනයෙන්. කෙහීචි යනු ධම්මායතන ධම්මධාතු ඇතුළත් වේදනා සඤ්ඤා සංඛාරවලින්.
දෙවැන්නෙහි තීහි යනු විචාරන ලද ඒවා හැර සෙසු ඒවායින්. කෙහිචි සම්පයුත්ත යනු වේදනා ස්කන්ධය සඤ්ඤා සංඛාරවලින්. ඉතිරියෙහි ද තමා හැර ඉතිරි ඒවායින්. කෙහිචි විප්පයුත්තො යනු රූප නිබ්බාණවලින්. මෙසේ සියළු තන්හි ධම්මායතන ධම්ම ධාතුවල රූපයේ විප්රයෝගයෙහි අරූපයද අරූපයේ විප්රයෝගයෙහි රූපය ද දැකිය යුතුය. තුන්වන ප්රශ්නය නොගැඹුරු අර්ථ ඇත.
සතරවැන්නෙහි ස්කන්ධයන්ගෙන් කීයක්දැයි නොකියා සම්ප්රයුක්තයක් නැතැයි කියන ලදී. එය වනාහි ස්කන්ධාදීන්ගේ වශයෙන්ම දතයුතුය. පසුව ද මෙබඳු වූ ප්රශ්නවල මෙම නයම වේ. මුල් ප්රශ්නයේ ස්වරූපය දක්වා පසුව එන ප්රශ්න පෙළෙහි සංක්ෂේප කරන ලදී. මෙ නයින්ම සියළුතැන අර්ථ යෝජනා දතයුතුය. යම්තැනක ප්රකට නොවන්නේ නම් එය ප්රකට කර යමි.
සොළසහි ධාතුහි යනු තමාගේ පළමු විඤ්ඤාණ ධාතුව හැර විඤ්ඤාණ ධාතු හයෙන් සහ රූප ධාතු දසයෙන්. සෙස්සෙහි ද මෙම නයයි.
තීහි ඛන්ධෙහි යනු සංස්කාර ස්කන්ධය හැර සෙසු ඒවායින්. එකාය ධාතුයා යනු මනෝවිඤ්ඤාණ ධාතුවෙන්. සමුදය මාර්ගවල වෙනත් ධාතුවකින් සම්ප්රයෝගයක් නැත. එකෙන ඛන්ධෙන යනු සංස්කාර ස්කන්ධයෙන්. එකෙනායතනෙන යන ධම්මායතනයෙන්. එකාය ධාතුයා යනු ධම්ම ධාතුවෙන්. මේවායෙහි කිසිවක් ඒ සත්ය දෙක සම්ප්රයුක්ත වේ.
සුඛින්ද්රියාදි ප්රශ්නයෙහි තීහි යනු සංඥා සංස්කාර විඥානවලින්. එකාය ධාතුයා යනු එක් විඤ්ඤාණ ධාතුවකින්. ඡහි ධාතුහි යනු කාය විඤ්ඤාණ ධාතුව හැර සෙසු ඒවායින්.