7. සම්ප්රයුක්තයෙන් විප්රයුක්ත පද වර්ණනාව
දැන් සම්ප්රයුක්තයෙන් විප්රයුක්ත පද බෙදීමට වෙදනක්ඛන්ධෙන යනාදිය ආරම්භ කරන ලදී. එහි ලක්ෂණ මෙසේය. මේ වාරයෙහි ප්රශ්නයෙන් මතුකරන පදයෙන් යම් ධර්මයක් සම්ප්රයුක්ත වේ නම් ඒවායින් යම් ධර්මයක් විප්රයුක්තය. ඒවායේ ස්කන්ධාදියෙන් විප්රයෝගය අසා විසඳන ලදී. එය වනාහි රූප ස්කන්ධාදියෙහි නොයෙදේ. රූප ස්කන්ධයෙන් සම්ප්රයුක්තයක් නම් නැත. එහෙයින් එයද මෙබඳු වූ අනිත් පද ද මේ වාරයෙහි නොගන්නා ලදී. යම් පද ධම්ම ධාතුවෙන් සම්ප්රයුක්ත ධර්මයෙහි විඤ්ඤාණය ද අනිකකින් අසම්මිශ්රව දක්වයි. ඒවා මෙහි ගන්නා ලදී. ඒවායේ උදානය මෙසේය.
සතර කඳු එක් ආ - යතන ඉඳුරන් දෙක වේ
දා පද සතක් වනු - පිළිසමුපා තුනක් වේ
පහස සත්වැනියට - තික තැන සත් මහතරේ
සවිතක් සවිචාර - මැදහත් එකෙක වන්නේ
දා පද සතක් වනු - පිළිසමුපා තුනක් වේ
පහස සත්වැනියට - තික තැන සත් මහතරේ
සවිතක් සවිචාර - මැදහත් එකෙක වන්නේ
අවසානයෙහි සතර කඳු ආදියෙන් ද මේ අර්ථයම සංගෘහීතය. එහි යම් පද සමාන විසඳුම් ඇත්තේ ද ඒවා උපිළිවෙළින් එකතුකොට එහි වේදනා ස්කන්ධ ආදි ප්රශ්න නගන ලදී. ඒවායෙහි ස්කන්ධාදි විභාග දතයුතුය. පළමුව වේදනා ස්කන්ධාදි ප්රශ්නයෙහි එකෙන යනු මනායතනයෙන්. සත්තහි යනු විඤ්ඤාණ ධාතුවලින්. කෙහීචි යනු ධම්මායතනයෙහි වේදනාදියෙන්. විඤ්ඤාණ ධාතු ප්රශ්නයෙහි තෙ ධම්මා න කෙහීචි යනු ප්රශ්න නැගීමෙන් උපුටන ලද විඤ්ඤාණ ධාතු පදය හැර සෙසු විඤ්ඤාණ ධාතු ධම්ම සය, රූපය, නිවණද. ඒවායින් සියළු ස්කන්ධ ධාතු ආයතනවල සංග්රහ කරන ලද බැවින් කිසි ස්කන්ධවලින් ආයතනවලින් හෝ විප්රයුක්ත නොකරන ලදී. එකාය ධාතුයා යනු යම් යම් ප්රශ්නයකින් උපුටන ලද වේද ඒ ඒවායින්.
උපේක්ෂා ඉන්ද්රිය ප්රශ්නයෙහි පඤ්චහි යනු උපේක්ඛා යුක්ත චක්ඛු විඤ්ඤාණ ධාතු ආදියෙන්. මෙම නයින් සියළු තැන ප්රශ්න නැගීමෙන් උදුරන ලද පදය සමග විප්රයුක්තයන්ගේ වශයෙන් අර්ථය දතයුතුය.
සම්ප්රයුක්තයෙන් විප්රයුක්ත පද නිමා විය.
8. විප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද වර්ණනාව
දැන් විප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද බෙදීමට රූපක්ඛන්ධෙන යනාදිය අරඹන ලදී. එහි සියළු ප්රශ්න හිස් ප්රශ්න මෙනි. රූපස්කන්ධයෙන් විප්රයුක්ත නම් ස්කන්ධ සතරය. ඒවායේ අනිත් ඒවා සමග සම්ප්රයෝගයක් නැත. වේදනා ස්කන්ධයෙන් විප්රයුක්ත රූපය හා නිවණය. එහිදී කිසිවකින් සම්ප්රයෝගයක් නැත. සියළු පදවල මෙසේය. විප්රයුක්තයන්ගේ වනාහි සම්ප්රයෝග අභාවය දතයුතුය. මෙසේ ප්රශ්න කිරීමෙන් හිස්බව සියළු විසඳුම්වල නැත නැත යයි මෙසේ කියන ලදී.
විප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද නිමා විය.
9. සම්ප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද වර්ණනාව
දැන් සම්ප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද බෙදීමට වෙදනක්ඛන්ධෙන යනාදිය අරඹන ලදී. එහි ස්කන්ධාදි වශයෙන් යම් පදයක් සම්ප්රයුක්තය. නැවත එහිම ස්කන්ධාදියෙන් සම්ප්රයෝගය අසා විසඳන ලදී. එය රූපයෙන් හෝ රූප මිශ්රකයෙන් හෝ සියළු රූපස්කන්ධ ග්රාහක පදවලින් හෝ නොයෙදේ. රූපයෙන් වනාහි රූප මිශ්රනයෙන් හෝ අනිකකගේ සම්ප්රයෝගයක් නැත. සියළු රූපස්කන්ධ සංග්රාහකවලින් සම්ප්රයෝගයට සුදුසු සියළු ස්කන්ධාදීන්ගේ ගැනීම වූ හෙයින් අනිකක් නැත. එය සමග සම්ප්රයෝගයට යම් පදයක් යන්නේ නම් එබඳු වූ පද මෙහි නොගන්නා ලදී. රූපයෙන් අසම්මිශ්ර පද අරූපයේ ඒකදෝසයක් පෙන්වයි. ඒවා මෙහි ගන්නා ලදී. ඒවායේ උදානය මෙසේය.
අරූ කඳ සතරය - මන ආයතන එකමය
විනැණ දා සත වේ - දෙ සස් ඉඳුරන් තුදුසය
විනැණ දා සත වේ - දෙ සස් ඉඳුරන් තුදුසය
පිළිසුපා දොළොස - එයින් පසු වන සොළොසය
තිකයෙහි අටපදය - පොකුරෙහි තෙ සාළිස් පද
තිකයෙහි අටපදය - පොකුරෙහි තෙ සාළිස් පද
මහතර දුකෙහි සත් - පද පිටදුකෙහි සය පද
මෙම නිදසයෙහි පද - ගියේ නවයකි සඟරා
මෙම නිදසයෙහි පද - ගියේ නවයකි සඟරා
සියළු ප්රශ්නවල ප්රශ්නයෙන් යම් ධර්මයක් උපුටන ලද නම් ඒවාම සම්ප්රයුක්ත වේ. ඒවායේ හැටියට ස්කන්ධාදි භේදය දතයුතුය. ඉතිරි ස්කන්ධ තුන වේදනා ස්කන්ධයෙන් සම්ප්රයුක්තය. නැවත ඒවායින් වේදනා ස්කන්ධය සම්ප්රයුක්තය. එය ඒ සංඥාදියෙන් ස්කන්ධ තුනෙන් එක් මනායතනයෙන් විඤ්ඤාණ ධාතු සතෙන් එක් ධම්මායතනයෙහි ධම්ම ධාතුවෙන් ද කිසියම් සංඥා සංස්කාරවලින්ම සම්ප්රයුක්ත වේ. සියළු තැන්හි මෙම නයම වේ.
සම්ප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද නිමා විය.
10. විප්රයුක්තයෙන් විප්රයුක්ත පද වර්ණනාව
දැන් විප්රයුක්තයෙන් විප්රයුක්ත පද බෙදීමට රූපක්ඛන්ධෙන යනාදිය අරඹන ලදී. එහි සම්ප්රයෝග විප්රයෝග පද නිර්දේශයෙහි රූපස්කන්ධාදි ධර්ම උදුරන ලදද සියළු ප්රශ්නවල එයට උදුරන ලදී. සමාන විසඳීම්වල වනාහි එකක් වශයෙන් ගන්නා ලද පද වෙතත් පටිපාටියකින් පැමිණියේ වේ. එහි යම් පදයක් ප්රශ්නයෙන් උපුටන ලද නම් එය යම් ධර්මවලින් විප්රයුක්තය. ඒවායේ හැටියට ස්කන්ධ විභාගය දතයුතුය. රූපස්කන්ධයෙන් වේදනාදිය විප්රයුක්තය. ඒවායින් රූප ස්කන්ධය ද විප්රයුක්තය. නිවණ සුඛුම රූප ගතිය. ඒ රූපස්කන්ධය ස්කන්ධ සතරින් එක් මනායතනයෙන් විඤ්ඤාණ ධාතු සතෙන් ධම්මායතන ධම්ම ධාතුවල කිසි වේදනාදි ධර්මවලින් විප්රයුක්තය. සියළු තැන මෙම නයම වේ.