3. අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද වර්ණනාව
දැන් අසංගෘහීතයෙන් සංගෘහීත පද බෙදීමට වෙදනාක්‍ඛන්‍ධෙන යනාදිය ඇරඹීය. එහි ලක්‍ෂණ මෙසේය. මෙම වාරයෙහි ස්කන්‍ධ පදයෙන් යමක් යමක් අසංගෘහීත වී ආයතන ධාතුපදවලින් සංගෘහීත වේ. ඒ ස්කන්‍ධාදියෙන් සංග්‍රහය අසා විසඳීම කරන ලදී. එය වනාහි රූප ස්කන්‍ධ විඤ්ඤාණ ස්කන්‍ධ ආයතනාදියෙහි නොයෙදේ. රූපස්කන්‍ධයෙන් ස්කන්‍ධ සතර ස්කන්‍ධ සංග්‍රහයෙන් අසංගෘහීතය. ඒවායින් එයින් එක ධර්මයකුදු ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීත නම් නැත. වේදනාදිය ධම්මායතනයෙන් සංගෘහීත වූයේ නොවේද? සංගෘහීතය. රූපස්කන්‍ධය ධම්මායතනය නොවේ. රූපස්කන්‍ධයෙන් සුමුඛ රූප පමණක් ධම්මායතනය සෙවුනේය. එසේ හෙයින් ධම්මායතනයෙන් සංගෘහීත වූ යමක් රූපස්කන්‍ධයෙන් සංගෘහිත වූයේ නම් නොවේ. විඤ්ඤාණ ස්කන්‍ධයෙන් ද ඉතිරි ස්කන්‍ධ සතර අසංගෘහීතය. ඒවායින් ආයතන සංග්‍රහයෙන් එකකුදු සංගෘහීත වූයේ නම් නොවේ. මෙසේ සංගෘහීතභාවය අභාවයෙන් මේ අනිත් චක්‍ඛායතනාදී පද මේ වාරයෙහි නො ගන්නා ලදී. විඤ්ඤාණයෙන් හෝ ඕලාරික රූපයෙන් හෝ අසම්මිශ්‍ර වූ යම් පද ධම්මායතනයෙන් ඒක දේසයක් දක්වයි. ඒවා මෙහි ගන්නා ලදී. ඒවායෙහි මේ උදානයයි.
කඳු තුන එසේ සස් - ඉඳුරන් සොළොස යන ඒ
පස අයුරුව තුදුස් - පද උපරි ද තුදුස් වේ
පද සමතිසක් වේ - දස පොකුරකින් මෙහි වන
දෙකකි සුළු අන්තර - මහ අන්තර අටකි පද
මේ පදවල සමාන විසඳුම් පද එකතුකොට සියළු දොලොස් පැන කියන ලදී. ඒවායෙහි ස්කන්‍ධ විභාගය දතයුතුය. ආයතනවල වනාහි භේද නැත. එහි පළමු ප්‍රශ්නයෙහි මුලින්ම තීහි ඛන්‍ධෙහි යනු රූප සඤ්ඤා සංඛාර ස්කන්‍ධවලින්. ආයතන වනාහි ධම්මායතන ධම්ම ධාතු වශයෙන් දතයුතුය.
මේ එහි නය වේ. වේදනා ස්කන්‍ධයෙන් නිවණ ද සුඛුම රූප සංඛාර ද ස්කන්‍ධ සංග්‍රහයෙන් අසංගෘහීත වී ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීත විය. ඒවායින් නිවණ ස්කන්‍ධ සංග්‍රහයට නොයේ. සෙසු රූප සඤ්ඤා සංඛාර ස්කන්‍ධවලින් සංග්‍රහ වේ. ආයතන ධාතු සංග්‍රහය වනාහි නුවණ ද යේමය. එනිසා කියන ලදී. ‘ස්කන්‍ධවලින් අසංඛතය හැර ස්කන්‍ධ තුනෙන් එක් ආයතනයකින් එක් ධාතුවක් සංග්‍රහ කරන ලද්දේය.’ මෙහි සඤ්ඤා ස්කන්‍ධ පක්‍ෂයෙහි වනාහි සඤ්ඤා ඉවත්කොට වේදනාව සමග ස්කන්‍ධ තුනය. සංඛාරාදියෙහි සංඛාර ස්කන්‍ධය ඉවත්කොට රූප වේදනා සඤ්ඤා වශයෙන් ස්කන්‍ධ තුන දතයුතුය.
දෙවැන්නෙහි චතූහි ඛන්‍ධෙහි යනු විඤ්ඤාණය හැර. ඒවා නිරෝධයෙන් ස්කන්‍ධ සංග්‍රහයෙන් අසංගෘහීතව ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීතය.
තෙවැන්නෙහි ද්වීහි යනු වේදනා සංඥා ස්කන්‍ධවලින්. රූප අරූප ජීවිතේන්‍ද්‍රියෙන් වේදනා සංඥා විඥාන ස්කන්‍ධ ද ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහීතය. ඒවායෙහි වේදනාව හා සංඥාව ද ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීතය. එහෙයින් කියන ලදී. ‘වේදනා සංඥා ස්කන්‍ධවලින්’. මේ උපායෙන් සියළුතන්හි ස්කන්ධ භේදය දතයුතුය. මෙයින් පසු ස්කන්‍ධයන්ගේ නම පමණක් කියමු.
සතරවැන්නෙහි තීහි ඛන්‍ධෙහි යනු ස්ත්‍රී පුරුෂ ඉන්‍ද්‍රියවල වේදනා සංඥා සංස්කාරවලින්. වේදනා පංචකයෙහි රූප සංඥා සංස්කාරවලින්. ශ්‍රද්ධා ඉන්‍ද්‍රියාදියෙහි ස්පර්ශ අවසානයෙහි රූප වේදනා සංඥා ස්කන්‍ධවලින්. වේදනාවෙන් වේදනා ස්කන්‍ධය සමානය. තෘෂ්ණා උපාදාන කර්ම භවවල විනිස සංස්කාරා ස්කන්‍ධයට සමානය.
පස්වැන්නෙහි ජාති ජරා මරණවල රූප ජීවිතේන්‍ද්‍රියට සමානය. ධ්‍යානයෙන් වනාහි නුවණ සුඛුම රූපය සංඥාව ද ස්කන්‍ධ සංග්‍රහයෙන් අසංගෘහීතව ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීතය. එනිසා එය සඳහා රූප ස්කන්‍ධ සංඥා ස්කන්‍ධයන්ගේ වශයෙන් ස්කන්‍ධ දෙකක් දතයුතුය.