4. සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද වර්ණනාව
දැන් සංගෘහීතයෙන් සංගෘහීත පද බෙදීමට සමුදය සච්චෙන යනාදිය අරඹන ලදී. එහි යමක් ස්කන්ධාදි සංගෘහීතයෙන් ස්කන්ධාදි වශයෙන් සංගෘහීතය. නැවත ඒවායේම ස්කන්ධාදියෙන් සංග්රහ ප්රශ්නකර විසඳීම කරන ලදී. ස්කන්ධ ධාතු ආයතනවල සියළු කොටස් ගෙන සිටි පදවල එය එකකුදු නොයෙදේ. සියළු ස්කන්ධාදි පදයෙන් වෙනත් ස්කන්ධාදි වශයෙන් සංගෘහීත වූවක් නම් නැත. යම් පදයක් තමන්ගේ සංග්රාහකය සංග්රහ කොට නැවත එයින්ම සංග්රහයට යන්නේය. එහෙයින් එබඳු පද මේ වාරයෙහි නොගන්නා ලදී. යම් පද සංඛාර ඒකදේශයක් හෝ අනිකකින් අසම්මිශ්රව දක්වයි. වේදනා ඒකදේශයක් හෝ සුඛුම රූපයක් හෝ සත්ය ඒකදේශයක් හෝ අන්ය පදයකින් අසම්මිශ්රව දක්වයි. ඒ පද මෙහි ගන්නා ලදී. ඒවායේ උදානය මෙසේය.
දෙ සස් පසළොස ඉඳු - රන් එකොළොස පිළිසමුප
පුන එකොළොස පොකුරු - පද තිසයුරු මෙහි දිසේ
පුන එකොළොස පොකුරු - පද තිසයුරු මෙහි දිසේ
මෙහි ප්රශ්න වනාහි දෙකක්ම වේ. එහි ප්රශ්න කිරීමෙන් යම් පදයක් උදුරන ලදද එයම යම් ධර්මවලින් ස්කන්ධාදි වශයෙන් සංගෘහිතය. ඒ ධර්මයන් සඳහා සියළු තැන එකෙන ඛන්ධෙන යනාදිය කියන ලදී. මේ එහි නය වේ. සමුදය සත්යයෙන් තෘෂ්ණාව හැර සෙසු සංස්කාර ස්කන්ධාදි සංග්රහයෙන් සංගෘහීතය. නැවත ඒවායින් තෘෂ්ණාව සංගෘහීතය. නැවත ඒ තෘෂ්ණාව සංස්කාරවලින්ම ස්කන්ධාදි සංග්රහයෙන් සංගෘහීතය. සියළු තැන මෙම නයම වේ. මෙහි අරූප ධර්ම ප්රශ්නවල වනාහි සංස්කාර ස්කන්ධය හෝ වේදනා ස්කන්ධය හෝ එක ස්කන්ධයක් නම් වේ. රූප ධර්ම ප්රශ්නවල රූප ස්කන්ධය වේ. වැලපීම් ප්රශ්නයෙන් ශබ්දායතනය එක් ආයතනයක් නමි. ශබ්ද ධාතුව එක් ධාතුවක් නමි. සෙසු ස්ථානවල ධම්මායතන ධම්ම ධාතු වශයෙන්ම අර්ථය දතයුතුය.
සංගෘහීතයෙන් සංගෘහීත පද නිමා විය.
5. අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද වර්ණනාව
දැන් අසංගෘහීතයෙන් අසංගෘහීත පද බෙදීමට රූපක්ඛන්ධෙන යනාදිය අරඹන ලදී. එහි යම් පදයක් ස්කන්ධාදියෙන් අසංගෘහීත වූයේ ස්කන්ධාදී වශයෙන් අසංගෘහීතය. නැවත ඒවායේම ස්කන්ධාදියෙන් අසංග්රහය ප්රශ්න කර විසඳීම අරඹන ලදී. එය දුක්ඛ සත්යයෙහි පංචස්කන්ධ ගැනීම්වල, විඤ්ඤාණය සමග සුඛුම රූප ගැනීම්වල අතිදර්ශන අප්පටිසාදි පදවල නො යෙදේ. නිවණ එබඳු පදයෙන් ස්කන්ධ සංග්රහයට පමණක් නොයන්නේය. සෙසු ස්කන්ධාදියෙන් අසංගෘහීත ධර්මයක් නම් නැත. එහෙයින් එබඳු පද මේ වාරයෙහි නොගන්නා ලදී. පංච ස්කන්ධයෙහි යම් පද සුඛුම රූපය සමග විඤ්ඤාණය ද එකට නො දැක්වේ. එබඳු පද ගන්නා ලදී. මේ උදානයකි.
සවි කඳු ආයතන - දාතුය තෙ සස් සස්නෙන්
සියළු ඉඳුරන් පිළි - සමුපා තෙ විස්සෙක් වේ
සියළු ඉඳුරන් පිළි - සමුපා තෙ විස්සෙක් වේ
මතු සොළොස් පදයකි - තිකයෙහි තෙසාළිස් පද
පොකුරෙහි දෙසැත්තෑ - සත් පද සුළු අන්තරේ
පොකුරෙහි දෙසැත්තෑ - සත් පද සුළු අන්තරේ
මහ අන්තරේ පද - අටළොස් පසුද අටළොස්
දතයුතු දෙසූ බව - සෙසු පද නො දෙසූ මෙහි
දතයුතු දෙසූ බව - සෙසු පද නො දෙසූ මෙහි
මෙහි ප්රශ්නය සමානව විසඳීම් වශයෙන් එකතු කොට කරන ලද්ද සමග සියල්ල තිස්හතරක් වේ. එහි ප්රශ්න නැගීමෙන් උදුරන ලද පද එයම යම් ස්කන්ධාදියෙන් අසංගෘහීතය. ඒ ධර්මයන් සඳහා එකෙන ඛන්ධෙන යනාදිය කියන ලදී.
තෙල නය මෙසේය. රූපස්කන්ධයෙන් ස්කන්ධ සතර ද නිවණ ද ස්කන්ධ සංග්රහයෙන් අසංගෘහීතය. ආයතන ධාතු සංග්රහයෙන් හැර විඤ්ඤාණය සෙසු සංගෘහීත විඤ්ඤාණය ස්කන්ධ තුනෙන්ම අසංගෘහීත නම් වේ. නැවත එය සමග නිවණ ස්කන්ධ සංග්රහ සතරින් අසංගෘහීතය. ඒ සියල්ල ද නැවත විඤ්ඤාණයෙන්ම ස්කන්ධාදී සංග්රහයෙන් අසංගෘහීත යයි එක් ස්කන්ධයකින් එක් ආයතනයකින් ධාතු සතකින් අසංගෘහීත නම් වේ. එසේ නැතහොත් යම් ඒමේ පද රූපස්කන්ධයෙන්. විඤ්ඤාණයම ස්කන්ධ තුන් සංග්රහයෙන් අසංගෘහීතය. ඒ විඤ්ඤාණ ධර්මවලින් ඒ රූප ධර්මම සංග්රහ තුනෙන් අසංගෘහීතය. නැවත ඒ රූප ධර්ම විඤ්ඤාණයෙන්ම සංග්රහ තුනෙන් අසංගෘහීතය. විඤ්ඤාණය ද ස්කන්ධවලින් එක් විඤ්ඤාණ ස්කන්ධයකි. ආයතනවලින් එක් මනායතනයකි. ධාතුවලින් විඤ්ඤාණ ධාතු සතකි. එහෙයින් එකෙන ඛන්ධෙන යනාදිය කියන ලදී. මේ උපායෙන් ප්රශ්න නැගීමෙන් උදුරන ලද යම් පද, ඒවාම යම් ධර්මවලින් ස්කන්ධාදි වශයෙන් අසංගෘහීතය. ඒ ධර්මයන්ගේ වශයෙන් ස්කන්ධාදිය දතයුතුය. එහි දෙවන ප්රශ්නයෙහි පළමුව විඤ්ඤාණයන්ගේ වශයෙන් දතයුතු ය. වේදනාදිය රූප විඤ්ඤාණවලින්ම ස්කන්ධාදි සංග්රහයෙන් අසංගෘහීතය. ඒවාද ස්කන්ධ දෙක, ආයතන එකොළහ, ධාතු සතළොස වේ.
තුන්වන ප්රශ්නයෙහි විඤ්ඤාණය රූපාදි සතරින් අසංගෘහිත යයි ඒවායේ වශයෙන් ස්කන්ධාදීහු දතයුතුය.
සතරවන ප්රශ්නයෙහි චක්ඛායතනය වේදනාදී සතරින් යයි මේ නයින් සියළු තන්හි ස්කන්ධාදිය දතයුතුය. අවසානයෙහි රූපඤ්ච ධම්මායතනං යයි උදාන ගාථාවෙන් දක්වන ලද ධර්මම වෙනත් ආකාරයකින් හකුළුවා දක්වන ලදී.
අසංගෘහීතයෙන් අසංගෘහීත පද නිමා විය.
6. සම්ප්රයෝග විප්රයෝග පද වර්ණනාව
දැන් සම්ප්රයෝග විප්රයෝග පද බෙදීමට රූපක්ඛන්ධො යනාදිය අරඹන ලදී. එහි යමක් ලැබේද යමක් නො ලැබේද ඒ සියල්ල ප්රශ්නයෙන් ගන්නා ලදී. විසඳීමෙහි දී යමක් නො ලැබේ එය ප්රතික්ෂේප කරන ලදී. චතුහි සම්පයොගො චතුහි විප්පයොගො සභාගො විසභාගො යන වචන හෙයින් සතර අරූප ස්කන්ධවලින්ම සභාගයන්ගේ එක් සන්තානයක (සිතන) එක් මොහොතක උපන් අරූප ස්කන්ධවලම ඔවුනොවුන් සම්ප්රයෝගය ලබයි. රූප ධර්මවල වනාහි රූපයෙන් නිර්වාණයෙන් හෝ නිර්වාණයේ ද රූපය සමග සම්ප්රයෝගයක් නම් නැත. රූප නිර්වාණවල අරූප ස්කන්ධවලින් ද එසේය. ඒවා ඔවුන්ගේ විභාග වේ. රූප නිබ්බාණවලින් අරූප ස්කන්ධවල යම්සේද එසේම වෙන් වෙන් සන්තානවලින් නානා ක්ෂණවලින් අරූප ධර්ම සමගද නොමැත්තේමය. ඒ සන්තාන ක්ෂණ විසභාග බැවින් ඒවාද විසභාගම වේ. මෙය වනාහි විසභාග බැවින් සංග්රහ අර්ථයෙන් විරුද්ධවීමක් සංග්රහ නයෙහි නැත. සංග්රහාර්ථය ගණන් එළඹීමක් පමණය. (ගණනූපගමත්තං) සම්ප්රයෝග නයෙහි ඇත. එකට උපන්බව ආදී ලක්ෂණ සම්ප්රයෝග අර්ථයයි. මෙසේ මෙහි යමකට එක් ධර්මයකින් ද සම්ප්රයෝග ලක්ෂණ නොයෙදේ. ප්රශ්නයෙන් සංග්රහ කොට ද නැතැයි ඒවා ප්රතික්ෂේප කරන ලදී. යමක විප්රයෝග ලක්ෂණ යෙදේද එහි විප්රයෝගම දක්වන ලදී. සප්ත විඥාන ධාතුවල යම් පද රූපයෙන් නිර්වාණයෙන් හෝ එකකුදු විප්රයුක්ත නොවූ කල්හි මිශ්ර ධර්ම දැක්වේ. ඒවා සියළු ආකාරයෙන් මෙහි නොයෙදේ යයි නොගන්නා ලදී. මෙය උදානයි.