2. සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද වර්ණනාව
දැන් සංගෘහිතයෙන් අසංගෘහිත පද බෙදීම චක්‍ඛායතනෙන යනාදිය අරඹන ලදී. එය ලක්‍ෂණ මේවාය. මේ වාරයෙහි යමක් ස්කන්‍ධ පදයෙන් සංගෘහිත වී ආයතන ධාතු පදවලින් අසංගෘහිතය. ස්කන්‍ධ ආයතන පදවලින් හෝ සංගෘහිත වී ධාතු පදයෙන් අසංගෘහිතය. එය ස්කන්‍ධාදියෙන් අසංග්‍රහය ප්‍රශ්නකොට විසඳීම කරන ලදී. එය වනාහි රූපස්කන්‍ධාදියෙහි නොයෙදේ. රූපස්කන්‍ධයෙන් රූපස්කන්‍ධයම සංගෘහිත විය. එයද ආයතන ධාතු එකොලහ හමාරකින් අසංගෘහිත වූවක් නම් නැත. වේදනා ස්කන්‍ධයෙන් ද වේදනා ස්කන්‍ධයම සංගෘහිත විය. එයද ධම්මායතන ධම්ම ධාතුවලින් අසංගෘහිත වූවක් නම් නැත. මෙසේ අසංගෘහිතයාගේ අභාවයෙන් මේ අන්‍ය වූ ම රූපයෙන් මනායතන ධම්මායතන ආදි පද මේ වාරයෙහි නොගන්නා ලදී. රූප ඒකදේසයක් වූ යම් පද වනාහි අරුපයෙන් අමිශ්‍ර වූ විඤ්ඤාණ ඒකදේසයක් ද අනිකකින් අසම්මිශ්‍ර යයි දක්වති. අවසානයෙහි ද,
දස ආයතන (සහ) සතළොස් දාතු (සමගින්)
සත් ඉඳුරෝ අසන් - බව එක් කඳක් ඇති බව
වැලපුම සනිදසුන් - පටිනය සහ අනිදසුන්
පටිගය සමග (එය) - නැවත ලංකොට ගන්නේ
මෙසේ උදාන ගීය දක්වන ලද්දේමය. එහෙයින් ඒ විදියෙන්ම සංග්‍රහ අසංග්‍රහ දැනගත යුතුය. ප්‍රශ්න වශයෙන් මෙම වාරයෙහි ආයතන ධාතු වශයෙන් ද සමාන විසඳීමෙහි විසි දහම් හකුළුවා එක් ප්‍රශ්නයක් කරන ලදී. සත් විඤ්ඤාණ ධාතු සමෝධානය කොට එකක් වැලපුමෙන්ද සන්දර්ශන එකකි. පටිඝ සගති උපාදාය ධර්මවලින් ද එකකැයි ප්‍රශ්න කොට අටකි. ඒවායින් ස්කන්‍ධාදි විභාගය මෙසේ දතයුතුය. කෙසේද? පළමුව පළමුවන ප්‍රශ්නයෙහි චතුහිඛන්‍ධෙහි යනු අරූප ස්කන්‍ධවලින්. ද්වීහායතනෙහි යනු චක්‍ෂු ආයතනාදියෙහි එක එකක් සමග මනායතනයෙන්. අට්ඨහි ධාතුහි යන චක්‍ඛු ධාතු ආදියෙහි එක එකක් සමග විඤ්ඤාණ ධාතු සතෙන්.
මේ එහි නයයි. චක්‍ෂු ආයතනයෙන් ස්කන්‍ධ සංග්‍රහයෙන් රූපස්කන්‍ධය සංග්‍රහ කරන ලදී. රූපස්කන්‍ධයෙහි එය සංග්‍රහ කරන කල්හි ආයතන සංග්‍රහයෙන් චක්‍ඛායතන නම් වූ එකක් සංග්‍රහ කරන ලදී. සෙසු දහය සංග්‍රහ නොකරන ලදී. ධාතු සංග්‍රහයෙන් ද ඒ චක්‍ඛු ධාතුවම එකක් සංග්‍රහ කරන ලදී. සෙසු දහය සංග්‍රහ නොකරන ලදී. මේ යම් මේ සංග්‍රහ නොකරන ලද දස ආයතන වේද ඒවා චක්‍ඛු ආයතන මනායතන දෙකෙන් ද සංග්‍රහ නොකරන ලදී. දස ධාතු සමග සංග්‍රහ නොවූ යමක් වේද ඒවා චක්‍ඛු ධාතුවෙන් ද විඤ්ඤාණ ධාතු සතෙන් ද සංග්‍රහ නොකරන ලදී. රූපායතනාදියෙහි ද මෙම නයම වේ.
දෙවන ප්‍රශ්නයෙහි යම්හෙයකින් යම්කිසි විඤ්ඤාණ ධාතුවකින් සංගෘහිත වූ විඤ්ඤාණ ස්කන්‍ධය මනායතනයෙන් අසංගෘහිත වූවක් නම් කම් නැත. එහෙයින් ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ කරන ලදැයි කියන ලදී. මෙහි වනාහි චතුහි ඛන්‍ධෙහි යනු රූපාදි සතරෙන් එකාදසාහායතනාහි යනු මනායතනය හැරය. ද්වාදසහි ධාතුහි යනු විඤ්ඤාණ ධාතු හය ඉවත්කොට යථානුරූප වූ සෙසු දොලොසින්. චක්‍ඛු විඤ්ඤාණ ධාතුවෙන් චක්‍ඛු විඤ්ඤාණ ධාතුවම සංග්‍රහ කරන ලදී. ඉතිරි ඒවා සංග්‍රහ නොකරන ලදී. සෝත විඤ්ඤාණ ධාතු ආදියෙහි ද මෙම නයම වේ.
තුන්වන ප්‍රශ්නයෙහි චක්‍ඛු ඉන්‍ද්‍රියාදීන්ගේ විසඳීම චක්‍ඛු ආයතනාදියට සමාන වේ. ස්ත්‍රී ඉන්‍ද්‍රිය පුරුෂ ඉන්‍ද්‍රියවල වනාහි ධම්මායතනය සමග ආයතන දෙකකි. ධම්ම ධාතුව සමග ධාතු අටක් දත යුතුය.