ඛන්ධපදවණ්ණනා
දැන් පංචස්කන්ධාදී වශයෙන් තබන ලද මාතෘකාව සංගහ අසංගහ ආදියෙන් නය මාතෘකා පද සමග දැක්වීමට රූපක්ඛන්ධො කතීහි ඛන්ධෙහි යනාදි නයින් නිද්දේසවාරය අරඹන ලදී. එය එහි සංගහො අසංගහො යන නය මාතෘකා මුල්කොට කීය. සංගහො තීහි අසංගහො යන නය මුඛ මාතෘකා යම්සේ තබන ලදද, එහෙයින් රූපස්කන්ධාදියේ සංග්රහය දැක්වීමට කතීහි බන්ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි යන ස්කන්ධ ධාතු ආයතන පද තුන උපුටන ලදී. චත්තාරි සච්චානි යනාදියෙහි එකකුදු පරාමර්ශනය නො කරන ලදී. සභාගො විසභාගො යන ලක්ෂණ මාතෘකා යම්සේ තබන ලද ද එහෙයින් මේ ප්රශ්නය විසඳීමෙහි රූපක්ඛන්ධො එකෙන බන්ධෙන යනාදිය කියන ලදී. ඒවායේ සභාග වනාහි මේ ස්කන්ධාදියයි. එහි එකෙන ඛන්ධෙන යනු රූපස්කන්ධයම වේ. යම්කිසි රූපයක් රූපස්කන්ධයට සභාග බැවින් රූපස්කන්ධයටම සංග්රහ වේනුයි රූපස්කන්ධයෙහිම ලා ගණන් ගන්නා ලදී. එය රූපස්කන්ධයෙන්ම බෙදන ලදී. එකාදසහායතනෙහි යනු මනායතනය අත්හැරීමෙන් යනු වේ. සියළු රූපස්කන්ධය වනාහි ආයතන දහයකි. ධම්මායතනයෙහි ඒක දේශයක් වේ. එනිසා එකොලොස් ආයතනයකින් ගණින ලදී. වෙන්කරන ලදී. එකාදසහි ධාතුහි යනු විඤ්ඤාණ ධාතු හත අත්හැර එකොලහය. මේවායෙහි ඇතුළත් නොවූ රූපයක් නම් නැත.
අසංග්රහ නය නිර්දේශයෙහි කතීහි අසංගහිතො යනු කෙටියෙන් ප්රශ්න කරන ලදී. විසඳීමෙහි වනාහි මේ රූපස්කන්ධයට විසභාග වූයේ අරූපස්කන්ධ සතර, මනායතනය හා විඤ්ඤාණ ධාතු හතය. ඒ නිසා චතුහි ඛන්ධෙහි යනාදිය කියන ලදී. සියළු පදවල සංග්රහ අසංග්රහ මේ නයින් දතයුතුය. මේ ස්කන්ධ නිර්දේශයෙහි රූපක්ඛන්ධො කතීහි ඛන්ධෙහි යනාදියෙහි පළමුවෙන් ඒක මූලකයෙහි ප්රශ්න පහ සහ විසඳුම් පහ සංග්රහ නයෙහි ස්වරූපයෙන්ම දක්වන ලදී. අසංග්රහ නයෙහි ප්රශ්න පහ සහ විසඳුම් පහ කෙටියෙන් දක්වන ලදී. දුක මූලකාදියෙහි ද ප්රශ්න හා විසඳුම් මේ උපායෙන් දතයුතුය. මෙහි රූපස්කන්ධ මූලකයෙහි ද දුක තික චතුක්ක දක්වන ලදී. පංචකයෙහි වනාහි රූපක්ඛන්ධො ච -පෙ- විඤ්ඤාණක්ඛන්ධොච යන මෙසේ භේද වශයෙන් ද පඤ්චක්ඛන්ධා කතීහි ඛන්ධෙහි යන මෙසේ අභේද වශයෙන් දැයි ප්රශ්න හා විසඳුම් දෙයාකාරයකින් කරන ලදී. මේ පාළි නය දතයුතුය.
අභ්යන්තර මාතෘකාවේ ස්කන්ධ පද නිර්දේශය නිමා විය.
ආයතනපදාදිවණ්ණනා
ආයතන පද නිර්දේශාදියෙහි පළමුවෙන් ආයතන පද නිර්දේශය. චක්ඛායතනං එකෙන බන්ධෙන යන එක් රූපස්කන්ධයකින්ම එක් චක්ෂු ආයතනයකින්ම එක් චක්ෂු ධාතුවකින්ම සංග්රහ කරන ලදැයි දතයුතුය. සෝතායතනාදියෙහි ද සංග්රහ අසංග්රහ මේ නයින්ම දතයුතුය. අසංඛතං ඛන්ධතො ඨපෙත්වා යන මෙහි වනාහි යම්සේ අසංඛත ධම්මායතනය නම් නිවණයි. එයද ස්කන්ධ සංග්රහයට නොයේ. එනිසා ස්කන්ධවලින් හැර යයි කියන ලදී. චතූහි ඛන්ධෙහි යනු රූප වේදනා සඤ්ඤා සංස්කාර ස්කන්ධවලින්. නිවණ හැර ධම්මායතනය මේවායින් සංග්රහ කරන ලදී. විඤ්ඤාණ ස්කන්ධයෙන් ධම්මායතන ධම්මධාතු හැර සෙසු ආයතනවලින්ද එය සංග්රහ නොකරයි. එක් ස්කන්ධයකින් ආයතන එකොලහකින් ධාතු සතලොසකින් සංග්රහ නොකරන ලදැයි ඒ නිසා කියන ලදී. යට කියන ලද රූපස්කන්ධ මූලක නය මෙන් මෙහි චක්ෂු ආයතන මූලක නය ද දතයුතුය. දුක පමණක්ම පෙළෙහි දක්වා දොලොස් ආයතන අභේද වශයෙන්ම ප්රශ්න හා විසඳුම් කරන ලදී. ධාතු නිර්දේශයෙහි ද මෙම නයම වේ.
සත්ය නිර්දේශයෙහි සියළු දුක තික චතුක්ක පෙළෙහි දක්වන ලදී. දුක තිකවල සමුදය සත්යයෙහි මෙන්ම මාර්ග සත්යයෙහි ද විසඳීම වේ. අනතුරුව ඒ සමුදය එනිසා කියන ලදී.
ඉන්ද්රිය නිර්දේශයෙහි ද ජීවිතින්ද්රියං ද්වීහි ඛන්ධෙහි යන රූප ජීවිතේන්ද්රිය රූප ස්කන්ධයෙන්ද අරූප ජීවිතේන්ද්රිය සංස්කාර ස්කන්ධයෙන් ද සංග්රහ කරන ලදී. සෙස්ස කියන ලද ආකාරයෙන්ම දතයුතුය. පෙළෙහි ව්යවස්ථානයන් වනාහි මෙහි ආයතන ධාතු නිර්දේශවලට සමාන වේ.
පටිච්චසමුප්පාදවණ්ණනා
පටිච්ච සමුප්පාද නිර්දේශයෙහි අවිද්යාව ස්කන්ධ කීයකින්දැයි ප්රශ්නය නො අරඹා අවිද්යා එක් ස්කන්ධයකින් යයි විසඳුමට දක්වන ලදී. එහි සංඛාර පච්චථා විඤ්ඤාණං යන සියළුම විපාක විඤ්ඤාණ ප්රතිසන්ධිය පැවැත්මෙහි වන නිසා ධාතු සතකින් සංගෘහිත යයි කීය. නාමරූපද ප්රතිසන්ධි පැවැත්ම වශයෙන්ම දතයුතුය. එහෙයින්ම මෙහි ශබ්දායතනය ද සංග්රහ කොට ආයතන එකොලහකින් සංග්රහය දක්වන ලදී. ස්පර්ශ ආදියෙහි ස්කන්ධ භේදය දතයුතුය. අනික් ස්කන්ධයකින්ම ස්පර්ශය සංගෘහිතය. වේදනාව අනිත් එකකිනි. තෘෂ්ණා උපාදාන කර්මභව වනාහි සංස්කාර ස්කන්ධයෙන්ම සංග්රහ කරන ලදී. මෙහි භව පදයද කර්ම භවාදීන්ගේ වශයෙන් එකොලොස් ආකාරයට බෙදන ලදී. එහි කර්මභවය ස්පර්ශාදිය සමානව විසඳන ලද බැවින් ඒවා සමග එකට දක්වන ලදී. උත්පත්ති භව කාම භව සඤ්ඤා භව, පඤ්චවෝකාර භව ඔවුනොවුන් හා සමානව විසඳන ලද බැවින් එකට දක්වන ලදී. යම්සේ මේවා උපාදින්නක ධර්ම වේද, ඒ නිසා එකොලොස් ආයතනවලින් සතළොස් ධාතුවලින් කියන ලදී. ශබ්දායතනය අනුපාදින්න නිසා එය මෙහි නො ගන්නා ලදී.