ආයතනපදාදිවණ්ණනා
ආයතන පද නිර්දේශාදියෙහි පළමුවෙන් ආයතන පද නිර්දේශය. චක්ඛායතනං එකෙන බන්ධෙන යන එක් රූපස්කන්ධයකින්ම එක් චක්ෂු ආයතනයකින්ම එක් චක්ෂු ධාතුවකින්ම සංග්රහ කරන ලදැයි දතයුතුය. සෝතායතනාදියෙහි ද සංග්රහ අසංග්රහ මේ නයින්ම දතයුතුය. අසංඛතං ඛන්ධතො ඨපෙත්වා යන මෙහි වනාහි යම්සේ අසංඛත ධම්මායතනය නම් නිවණයි. එයද ස්කන්ධ සංග්රහයට නොයේ. එනිසා ස්කන්ධවලින් හැර යයි කියන ලදී. චතූහි ඛන්ධෙහි යනු රූප වේදනා සඤ්ඤා සංස්කාර ස්කන්ධවලින්. නිවණ හැර ධම්මායතනය මේවායින් සංග්රහ කරන ලදී. විඤ්ඤාණ ස්කන්ධයෙන් ධම්මායතන ධම්මධාතු හැර සෙසු ආයතනවලින්ද එය සංග්රහ නොකරයි. එක් ස්කන්ධයකින් ආයතන එකොලහකින් ධාතු සතලොසකින් සංග්රහ නොකරන ලදැයි ඒ නිසා කියන ලදී. යට කියන ලද රූපස්කන්ධ මූලක නය මෙන් මෙහි චක්ෂු ආයතන මූලක නය ද දතයුතුය. දුක පමණක්ම පෙළෙහි දක්වා දොලොස් ආයතන අභේද වශයෙන්ම ප්රශ්න හා විසඳුම් කරන ලදී. ධාතු නිර්දේශයෙහි ද මෙම නයම වේ.
සත්ය නිර්දේශයෙහි සියළු දුක තික චතුක්ක පෙළෙහි දක්වන ලදී. දුක තිකවල සමුදය සත්යයෙහි මෙන්ම මාර්ග සත්යයෙහි ද විසඳීම වේ. අනතුරුව ඒ සමුදය එනිසා කියන ලදී.
ඉන්ද්රිය නිර්දේශයෙහි ද ජීවිතින්ද්රියං ද්වීහි ඛන්ධෙහි යන රූප ජීවිතේන්ද්රිය රූප ස්කන්ධයෙන්ද අරූප ජීවිතේන්ද්රිය සංස්කාර ස්කන්ධයෙන් ද සංග්රහ කරන ලදී. සෙස්ස කියන ලද ආකාරයෙන්ම දතයුතුය. පෙළෙහි ව්යවස්ථානයන් වනාහි මෙහි ආයතන ධාතු නිර්දේශවලට සමාන වේ.
පටිච්චසමුප්පාදවණ්ණනා
පටිච්ච සමුප්පාද නිර්දේශයෙහි අවිද්යාව ස්කන්ධ කීයකින්දැයි ප්රශ්නය නො අරඹා අවිද්යා එක් ස්කන්ධයකින් යයි විසඳුමට දක්වන ලදී. එහි සංඛාර පච්චථා විඤ්ඤාණං යන සියළුම විපාක විඤ්ඤාණ ප්රතිසන්ධිය පැවැත්මෙහි වන නිසා ධාතු සතකින් සංගෘහිත යයි කීය. නාමරූපද ප්රතිසන්ධි පැවැත්ම වශයෙන්ම දතයුතුය. එහෙයින්ම මෙහි ශබ්දායතනය ද සංග්රහ කොට ආයතන එකොලහකින් සංග්රහය දක්වන ලදී. ස්පර්ශ ආදියෙහි ස්කන්ධ භේදය දතයුතුය. අනික් ස්කන්ධයකින්ම ස්පර්ශය සංගෘහිතය. වේදනාව අනිත් එකකිනි. තෘෂ්ණා උපාදාන කර්මභව වනාහි සංස්කාර ස්කන්ධයෙන්ම සංග්රහ කරන ලදී. මෙහි භව පදයද කර්ම භවාදීන්ගේ වශයෙන් එකොලොස් ආකාරයට බෙදන ලදී. එහි කර්මභවය ස්පර්ශාදිය සමානව විසඳන ලද බැවින් ඒවා සමග එකට දක්වන ලදී. උත්පත්ති භව කාම භව සඤ්ඤා භව, පඤ්චවෝකාර භව ඔවුනොවුන් හා සමානව විසඳන ලද බැවින් එකට දක්වන ලදී. යම්සේ මේවා උපාදින්නක ධර්ම වේද, ඒ නිසා එකොලොස් ආයතනවලින් සතළොස් ධාතුවලින් කියන ලදී. ශබ්දායතනය අනුපාදින්න නිසා එය මෙහි නො ගන්නා ලදී.
රූප භව නිර්දේශයෙහි පඤ්චහායතනෙහි චක්ඛු, සෝත, මන, රූප ධර්මායතනවලින්, අට්ඨහි ධාතුහි යන චක්ඛු, සෝත, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, රූප, ධම්ම, මනෝධාතු, මනෝධාතු, මනෝ විඤ්ඤාණ ධාතුවලින් අරූප භවාදි තුන සමානව විසඳන ලද බැවින් එකට දක්වන ලදී. අසඥ භව එක් ස්කන්ධයක් ඇති භව එසේය. එහි ද්වීහායතනෙහි යනු රූපායතන ධම්මායතනවලින් ධාතුවල ද මෙම නයමයයි. ඒකතල වාසීන්ට සහ සෙසු බ්රහ්මයින්ට චක්ෂු ඇති බැවින් ඊට අරමුණු වන බැවින් එහි රූපායතනය ද උදුරන ලදී.
ජාති ද්වීහි ඛන්ධෙහි යනු රූප ජාති රූප ස්කන්ධයෙන් අරූප ජාති සංස්කාර ස්කන්ධයෙන් වේ. ජරාමරණවලද මෙම නයයි. සෝකාදියෙහි ද එකෙන ඛන්ධෙන යනු සෝක දුක් දොම්නස් වේදනා ස්කන්ධයෙන් වැලපීම රූප ස්කන්ධයෙන් උපායාසාදිය සංස්කාරා ස්කන්ධයෙන් යයි මෙසේ ස්කන්ධ විශේෂය දතයුතුය.
ඉද්ධිපාදො ද්වීහි යනු සංස්කාර විඤ්ඤාණ ස්කන්ධවලින් මනායතන ධම්මායතනවලින් ධම්ම ධාතු මනො විඤ්ඤාණ ධාතුවලින්. ඣාන ද්වීහි යනු වේදනා ස්කන්ධය සංස්කාර ස්කන්ධවලින් අප්පමඤ්ඤාදිය සමානව විසඳන ලද නිසා එකට නිදසන ලදී. සිත වනාහි චේතනා අන්තරයෙහි තබන ලද බැවින් ද අසමානව විසඳන ලද බැවින් ද පසුව ගන්නා ලදී. එහි අප්පමඤ්ඤාදියෙහි එකෙන ඛන්ධෙන යනු වේදනාව වේදනා ස්කන්ධයෙන් සංඥාව සංඥා ස්කන්ධයෙන් සෙසු ඒවා සංස්කාර ස්කන්ධයෙන් සංග්රහ කරන ලදැයි මෙසේ ස්කන්ධ විශේෂය දැනගත යුතුය.
තිකපදවණ්ණනා
මෙසේ අභ්යන්තර මාතෘකාවේ සංග්රහය දක්වා දැන් බාහිර මාතෘකාවේ සංග්රහය දැක්වීමට කුසලා ධම්මා යනාදිය අරඹන ලදී. එහි වේදනාත්රිකයෙහි තීහි ධාතූහි යනු කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ, ධම්ම ධාතුවලින්. සත්තහි ධාතුහි යනු චක්ඛු සෝත ඝාන ජිව්හා විඤ්ඤාණ ධාතුවද මනෝධාතු ධම්ම ධාතු මනෝවිඤ්ඤාණ ධාතුවලින්ද විපාක ත්රිකයෙහි අට්ඨ ධාතූහි යනු කාය විඤ්ඤාණ ධාතුව සමග මුලින් කී ඒවා සමග විපාක ධර්මයෝ වනාහි සංකිලිෂ්ට සංක්ලේශයන් සමග සමානව විසඳන ලද බැවින් එකට ගන්නා ලදී. යම්සේ මෙහි මෙසේ සියළු තික දුක පදවල යම් යම් පද යම් යම් පද සමග සමානව විසඳුම් වේද, ඒ ඒ උත්පටිපාටියෙන් ද ඒ ඒවා සමග විසඳන ලදී. එහි කියන ලද ආකාරයෙන්ම සංග්රහ අසංග්රහ නය දැනගත යුතුය.
සංග්රහ අසංග්රහ පද නිමා විය.
2. සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද වර්ණනාව
දැන් සංගෘහිතයෙන් අසංගෘහිත පද බෙදීම චක්ඛායතනෙන යනාදිය අරඹන ලදී. එය ලක්ෂණ මේවාය. මේ වාරයෙහි යමක් ස්කන්ධ පදයෙන් සංගෘහිත වී ආයතන ධාතු පදවලින් අසංගෘහිතය. ස්කන්ධ ආයතන පදවලින් හෝ සංගෘහිත වී ධාතු පදයෙන් අසංගෘහිතය. එය ස්කන්ධාදියෙන් අසංග්රහය ප්රශ්නකොට විසඳීම කරන ලදී. එය වනාහි රූපස්කන්ධාදියෙහි නොයෙදේ. රූපස්කන්ධයෙන් රූපස්කන්ධයම සංගෘහිත විය. එයද ආයතන ධාතු එකොලහ හමාරකින් අසංගෘහිත වූවක් නම් නැත. වේදනා ස්කන්ධයෙන් ද වේදනා ස්කන්ධයම සංගෘහිත විය. එයද ධම්මායතන ධම්ම ධාතුවලින් අසංගෘහිත වූවක් නම් නැත. මෙසේ අසංගෘහිතයාගේ අභාවයෙන් මේ අන්ය වූ ම රූපයෙන් මනායතන ධම්මායතන ආදි පද මේ වාරයෙහි නොගන්නා ලදී. රූප ඒකදේසයක් වූ යම් පද වනාහි අරුපයෙන් අමිශ්ර වූ විඤ්ඤාණ ඒකදේසයක් ද අනිකකින් අසම්මිශ්ර යයි දක්වති. අවසානයෙහි ද,