13. අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුත්ක විප්‍රයුක්ත පද වර්ණනාව
දැන් අසංගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද බෙදීමට රූපක්‍ඛන්‍ධෙන යනාදිය අරඹන ලදී. එහි පස්වැන්නෙහි අසංගෘහීතයෙන් අසංගෘහීත පද නිර්දේශයෙහි රූපස්කන්‍ධයෙන් යම් සමාන ප්‍රශ්න ධර්මම අරූපභවයෙන් සමානය. ඒවාම උපුටන ලදී. සෙස්ස වනාහි නොනැගේ යයි නොඋදුරන ලදී. වේදනා ස්කන්‍ධයෙන් ස්කන්ධ වශයෙන් රූප අරූප ධම්ම අසංගෘහීත වේ. ඒවායේ ද සම්ප්‍රයෝගයක් නම් නැත. ඒ නිසා යම් පද නැගේ ද ඒවාම සමාන විසඳුම් සමග එක්කොට උදුරන ලදී. එහි ප්‍රශ්නයෙන් උදරන ලද ධර්මවලින් ස්කන්‍ධ වශයෙන් යම් පද අසංගෘහීත ද ඒවාම සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත වේ. ඒවායෙහි වශයෙන් ස්කන්‍ධ විභාගය දතයුතුය.
එහි නය මෙසේය යන රූපස්කන්‍ධයෙන් පළමුව විඤ්ඤාණයම සංග්‍රහ තුනෙන් අසංගෘහීතය. වේදනාදි ස්කන්‍ධ තුනෙන් ධම්මායතන ධම්ම ධාතුවල ද වේදනාදියෙන්ම එය සම්ප්‍රයුක්තය. එක් රූපස්කන්‍ධයකින් දස රූපායතන රූපධාතුවලින් ධම්මායතන ධම්ම ධාතුවලද රූප නිර්වාණ ධර්මවලින් විප්‍රයුක්තය. ඒ සඳහා තෙ ධම්මා තීහි ඛන්‍ධෙහි යනාදිය කියන ලදී. මේ නයින් සියළු තැන අර්ථය දතයුතුය.
අසංගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිමා විය.
14. විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීතා’සඞ්ගෘහීත පද වර්ණනාව
දැන් විප්‍රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද බෙදීමට රූපක්‍ඛන්‍ධෙන යනාදිය අරඹන ලදී. එහි යම් පදවල විප්‍රයෝගය නො නැගේද ඒවා මේ වාරයෙහි නොගන්නා ලදී. ඒවා වනාහි කුමන ඒවා ද? ධම්මායතනාදියයි. ස්කන්ධාදියෙහි ධම්මායතනයේ එකකින්වත් විප්‍රයෝගය නොනැගේ. ධම්ම දාතු ආදියෙහි ද මෙම නයම වේ. ඒවායෙහි උදානය.
දම් ආයතන දම් - දා ජීවිත ඉඳුරු යන
නම් රූ පද ඇතිව - සය ආයතන සමගින්
දෑ ජර මර තැනද - විසි තිකෙහි එක් පදයද
අවසන් තිකෙහි එක - සුළු අතුරු සත්පද යන
පොකුරෙහි දසය වේ - මහ අතුරු තුදුසය යන
එයින් මතු ස පදය - එකතුවෙන් පද සියළුම
සත් සාළිසක් දම් - නො ලැබෙයි (විනිස දන්නේ)
අවසානයෙහි ද ධම්මායතනං ධම්මධාතු යන ගාථාව ද මෙම අර්ථයම දැක්වීමට කියන ලදී. මේවා හැර සෙසු සියල්ලම ලැබේ. ඒවායෙහි ස්කන්‍ධ විභාගය කියන ලද අනුසාරයෙන්ම දතයුතුය.
විප්‍රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද නිමා විය.
නිගමන කථා
මෙපමණකින්
දා බෙදුමෙහි නිපුණ - මුනිසඳ කී දා කතා
එහි නයමුක බෙදුම් - පැවසුම් නිමාවිය දැන්
මේ නයමුක බෙදුම් - කීමෙන් හැක වියතුනට
සියළු නය දැනුමට - සැකවින් කියැවුණ කතා
එකෙක පදය ඉදින් - විතර විසින් පැවසුණොත්
බහුලව වචන මිස - අරුතෙහි වෙනසක් නොවේ
උනු බණවර දෙකින් - ම විසින් කළ හෙළබසින්
මෙනිසා ලැබූ පින් - ලොව සුව පිණිස වේවා
ධාතුකථාප්පකරණ අත්‍ථවණ්ණනාව නිමි.