3. නිබ්බානසුඛ සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි උදායී යනු ලාළුදායී තෙරුන් වහන්සේයි, එතදෙව ඛොත්ථ යනු එතදෙව ඛො එත්ථ යන පද සන්ධියයි. කාමසහගතා යනු කාමය ඇසුරුකොට ඇත්තාවූයි, සමුදාචරන්ති යනු මනොද්වාරයෙහි හැසිරෙති, ආබාධාය යනු පෙළීම් ඇති කරනු සඳහා, පෙළනු සඳහායි, පරියාගෙන යනු කාරණයෙනි, මෙසේ සියලු වාරයන්හි අර්ත්ථය දතයුතුය. මේ සූත්රයෙහි අවෙදයිත සුඛය කියන ලදි.
4. ගාවීඋපමා සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි පබ්බතෙය්යා යනු පර්වතයෙහි හැසිරෙන්නාවූයි, න සුප්පතිට්ඨිතං පතිට්ඨාපෙත්වා යනු මනාව පිහිටියේ වෙයිද මෙසේ නොපිහිටුවායි, තං නිමිත්තං යනු ඒ ප්රථමධ්යාන සංඛ්යාත වූ නිමිත්තයි, න සමාධිට්ඨිතං අධිට්ඨාති යනු යම්සේ මනාව අදිටන් කරන ලද්දේ වේද එසේ අදිටන් නොකරයි, අනභිහිංසමානො යනු නොපෙළන්නේ නොවෙහෙසන්නේයි, මුදුචිත්තං හොති කම්මඤ්ඤං යනු යම්සේ විදසුන් සිත ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි මෘදු කර්මක්ෂම වූයේ කර්මයට යොග්යවූයේ වෙයිද එසේ ඔහුගේ අභිඥාපාදක චතුර්ථධ්යාන සිත මෘදුවෙයි, කර්මණ්ය වෙයි. අප්පමාණො සමාධි යනු සතර බ්රහ්මවිහාර සමාධිය ද මාර්ගඵල සමාධිය ද අප්රමාණ සමාධි නමි. මෙහි වනාහි අප්පමාණං අප්පමාණාරම්මණං යන මේ ක්රමයෙන් මනාව ප්රගුණ කළ සමාධිය අප්පමාණසමාධියයි දතයුතුය. සො අප්පමාණෙන සමාධිනා සුභාවිතෙන යනු මෙතැන්හි මේ භික්ෂුව විදසුන් වඩා රහත්බවට පත්වූයේය. දැන් රහතන් වහන්සේගේ අභිඥා පිළිවෙල දක්වමින් යස්ස යස්ස ච යනාදිය වදාළ සේක.
5. ඣානනිස්සය සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි ආසවානං ඛයං යනු රහත්බවයි, යදෙව තත්ථ හොති රූපගතං යනු ඒ ප්රථමධ්යානක්ෂණයෙහි වස්තු වශයෙන් හෝ සිත් හටගැනීම් ආදි වශයෙන් හෝ යම් රූපයක් නම් පවතීද යනුයි, වේදනාගතාදිය එක්ව යෙදුණු වේදනාදීන්ගේ වශයෙන් දතයුතුය. තෙ ධම්මෙ යනු ඒ රූපාදීවූ පඤ්චස්කන්ධ ධර්මයන්ය. අනිච්චතො යනාදියෙහි වී නැතිවීයාම් ආදී ක්රමයෙන් අනිත්ය වශයෙනි, පෙළන ආකාරයෙන් දුක් වශයෙනි, රිදීම් ඇතිකරවන ආකාරයෙන් රෝග වශයෙනි, ඇතුළත දුෂ්යකරන අර්ත්ථයෙන් ගඩු වශයෙනි, අනුපිවිසීම් අරුතින් මෙන්ම දියුණු කිරීම් අරුතින් හුල් වශයෙනි, නොඉවසිය හැකි අරුතින් අඝ (ශෝක) වශයෙනි, ආබාධ ඇතිකිරීම් අරුතින් ආබාධ වශයෙනි, ස්වකීය නොවන අරුතින් අනුන්ගේ වශයෙනි, බිඳෙන අරුතින් පලොක වශයෙනි, වසඟයෙහි නොපවත්වන අරුතින් අනාත්ම වශයෙන්, සමනුපස්සති යනු බලවත් විදසුන් නුවණින් බලයි,
තෙහි ධම්මෙහි යනු ඒ පඤ්චස්කන්ධ ධර්මයන්ගෙනි, පටිවාපෙති යනු නිවන් වශයෙන් නවතියි, අමතාය ධාතුයා යනු නිවන් ධාතුවෙනි. චිත්තං උපසංහරති යනු නුවණින් අනුසස් දැන බසියි, සන්තං යනු විරුද්ධ ධර්මයන් තවනලද බැවින් සන්සුන්වූයි, පණීතං යනු නොතවන්නා වූයි, සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති යනු හෙතෙම ඒ ප්රථමධ්යානයෙහි සිටියේ බලවත්ව විදසුන් වඩා රහත්බවට පැමිණෙයි. වෙනත් ක්රමයක් වේ. සො තෙහි ධම්මෙහි යනු යම් හෙයකින් අනිච්චතො යනාදියෙහි අනිච්චතො පලොකතො යන දෙපදයෙන් අනිත්ය ලක්ෂණය කියන ලද්දේ ද දුක්ඛතො ආදී පදසයෙන් දුක්ඛ ලක්ෂණය හා පරතො සුඤ්ඤතො අනන්තතො යන පද තුනෙන් අනාත්ම ලක්ෂණය කියන ලද්දේ ද එහෙයින් හෙතෙම ඒවායින් තිලකුණු නංවා සමාපත්තිය තුළදී දක්නාලද පංචස්කන්ධ ධර්මයන්ගෙන්, චිත්තං පටිවාරෙති යනු සිත හකුළුවයි, මුදවයි, ඉවත්කරයි, උපසංහරති යනු විදසුන් සිත එතෙක් ඇසීම් වශයෙන් ස්තුති වශයෙන්, පර්ය්යාප්ති වශයෙන් ප්රඥප්ති වශයෙන් ද නිවන ශාන්තයයි මෙසේ අසඞ්ඛත වූ අමා ධාතුවෙන් අවධානය යොමු කරයි. මාර්ග සිතවූ නිවන අරමුණු කිරීම් වශයෙන්ම මෙය ශාන්තය මෙය ප්රණීතයයි මෙසේ නොකියයි. මේ අයුරින් එය අවබෝධ කරන්නේ එහි සිත එකඟ කරයි යන අරුත්ය.
සො තත්ථ ඨිතො යනු ඒ තිලකුණු අරමුණු කොට ඇති විදසුනෙහි සිටියේයි, ආසවානං ඛයං පාපුණාති යනු පිළිවෙලින් සතර මග වඩා රහත්බවට පැමිණෙයි, තෙනෙව ධම්මරාගෙන යනු සමථ විදර්ශනා ධර්මයෙහි ඇල්මෙනි, ධම්මනන්දියා යනු ඊටම අපරනාමයකි. සමථ විදර්ශනාවන්හි සර්වප්රකාරයෙන් ඡන්දරාගය සම්පූර්ණයෙන් ගැනීමට හැකිවන්නේ රහත්බවට පැමිණෙයි, නොහැකිවන්නේ අනාගාමී වෙයි,
තිණපුරිසකෙ වා යනු වස්ත්රයක අඳනාලද චිත්රයෙහිය හෝ යි, දුරට හීය හෙලයිනුයි දූරෙපාතී නමි. නොවළහා විදියිනුයි අක්ඛණවෙදී නමි. යදෙව තත්ථ හොති වෙදනාගතං යනු මෙහි රූපය නොගන්නා ලදි, කුමක් හෙයින් ද? ඉක්මවා ඇති බැවින්, මෙතෙම යටින් රූපාවචර ධ්යානයට සමවැද රූපය ඉක්මවා අරූපාවචර සමාපත්තියට සමවත් තැනැත්තෙකියි සමථ වශයෙන් ද ඔහු විසින් රූපය ඉක්මවන ලදි. යට රූපය සම්මර්ශනය කොට එය ඉක්මවා දැන් අරූපය මෙනෙහි කරතැයි විදසුන් වශයෙන් ද ඔහු විසින් රූපය මනාව ඉක්මවනලදි. අරූප ධ්යානයෙහි සර්වප්රකාරයෙන්ම රූපයක් නැතැයි යන කරුණ සඳහා ද මෙහි රූපය නොගැණිණ. ඉක්බිති නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය කුමක් නිසා නොගන්නා ලද්දේ ද යත් සියුම් බැවිනි. එහි අරූපස්කන්ධ සතරම සියුම්ය. මෙනෙහි කිරීමට නොපැමිණෙයි. එහෙයින්ම “මෙසේ මහණෙනි, යම්තාක් සඤ්ඤා සමාපත්තිය ද ඒතාක් දැන අවබෝධ කිරීමයි” කියන ලදි. මෙය කියන ලද්දේ වෙයි, යම්තාක් සචිත්තක සමාපත්තියක් නම් ඇත්ද ඒතාක් ඕලාරික ධර්මයන් මෙනෙහි කරන්නාට අඤ්ඤාපටිවෙධය (දැන අවබෝධ කිරීම) වෙයි. රහත් බවට පැමිණෙයි, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය සියුම් බැවින් සඤ්ඤාසමාපත්ති යයි නොකියයි” ඣායීහෙතෙ යනු ධ්යාන වඩන්නන් විසින් ධ්යානයෙහි ඇල්ම ඇතියවුන් විසින් මේවා යනුයි. වුට්ඨහිත්වා යනු ඒ සමවතින් නැඟිටයි. සමක්ඛාතබ්බානි යනු මනාව කිවයුත්තෝය. ශාන්තයහ, ප්රණීතයහයි මෙසේ හුදෙක් කිවයුත්තෝය, පැසසිය යුත්තෝය, වැණිය යුත්තෝය.
6. ආනන්ද සූත්ර වර්ණනාව
සවැන්නෙහි සම්බාධෙ යනු පඤ්චකාම ගුණයන්ගෙන් වන සම්බාධයෙහියි, ඔකාසාධිගමො යනු අවකාශය (අවස්ථාව) වැටහීමයි, සත්තානං විසුද්ධියා යනු සත්ත්වයන්ගේ පවිත්රත්වයට පැමිණීමටයි, සමතික්කමාය යනු ඉක්මවීම සඳහායි, අත්ථගමාය යනු බැසයාම (අස්තයට යාම) සඳහායි, ඤායස්ස අධිගමාය යනු විදසුන් සහිත මාර්ගය අවබෝධ කිරීම සඳහායි, නිබ්බානස්ස සච්ඡිකිරියාය යනු අප්රත්යය වූ නිර්වාණය ප්රත්යක්ෂ කිරීම සඳහායි, තදෙව නාම චක්ඛුං භවිස්සති යනු ප්රසාද චක්ෂුස නොබිඳුනේ වන්නේය, තෙ රූපා යනු ඒ රූපාරම්මණයම ආපාථයට එන්නේය, තඤ්චායතනං නො පටිසංවෙදිස්සති යනු ඒ රූපායතනය නොදන්නේය, සෙසු තන්හි ද මේ ක්රමයමයි.