4. සත්තාවාස සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි සත්තාවාසා යනු සත්ත්වයන්ගේ ආවාසයෝයි. වසන තැන් යන අරුත්ය. එහි සුද්ධාවසයෝ ද සත්වාවාසයක්මය. සදාකාලික නොවන බැවින් නොගන්නා ලදහ. සත්වාවාසයෝ වනාහි බුදුවරුන්ගේ කඳවුරු තුන් සමාන වෙති. අසංඛ්ය කල්පයන්හි බුදුවරුන් නොපහළවන කල්හි ඒ ස්ථානය ශුන්ය වෙයි. මෙසේ සදාකාලයෙහිම නොපවත්නා බැවින් නොගන්නා ලදහ. මෙහි සෙස්ස විඤ්ඤාණට්ඨිතීන්හි කියනලද ක්රමයෙන් දතයුතුය.
5. පඤ්ඤාපරිචිත සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි යතො යනු යම් කලෙක්හියි, සුපරිචිතං හොති යනු මනාව රැස්කරන ලද්දේ මනාව වඩන ලද්දේ වෙයි. කලලං වචනාය යනු කීමට සුදුසුය, වීතරාගං යනු පහවූ රාග ඇත්තේයි, අසාරාගධම්මං යනු නො ඇලෙන ස්වභාවයයි, අනාවත්තිධම්මං නොකැරකෙන ස්වභාවයයි, නොඉපදීමට සුදුසුවූයි, ප්රතිසන්ධිරහිත බවින් නිරුද්ධවන ස්වභාවයයි අර්ත්ථයයි. මේ සූත්රයෙහි ක්ෂීණාශ්රවයාම කියන ලදි.
6. සිලායූපොම සූත්ර වර්ණනාව
සවැන්නෙහි චන්දිකාපුත්තො යන මවගේ නම් වශයෙන් ප්රසිද්ධ වූ චන්දිකාපුත්ත තෙරුන් වහන්සේයි, චෙතසා චිත්තං පරිචිතං හොති යනු සිත් හැසිරීම් ක්රමයෙන් සිත් හැසිරීමේ ක්රමය රැස්කරන ලද්දේ වඩන ලද්දේ වෙයි. චෙතසා චිත්තසුපරිචිතං යනු සිත් හැසිරීමේ ක්රමයෙන් සිත් හැසිරීමේ ක්රමය මතු මත්තෙහි රැස්කරන ලද්දේ මනාව වඩන ලද්දේ වෙයි. නෙවස්ස චිත්තං පරියාදියන්ති යනු ඒ අරමුණු ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේගේ සිත ඉපදීම ගෙන ගෙවා සිටින්නට නොහැකිවෙයි. අමිස්සීකතං යනු ඒ අරමුණු නොඇලෙන බැවින් ඒවා සමඟ මුසුනොවීය. ආනෙජ්ජප්පත්තං යනු නොසැලෙන බවට, නොසෙල්වෙන බවට පත්විය.
සීලායුපො යනු ගල් කණුවයි, සොළසකුක්කුකො යනු දිගින් සොළොස් රියනකි. හෙට්ඨා නෙමඞ්ගමා යනු ආවාටයේ යටට ගියේයි, උපරිනෙමස්ස යනු ද සුඛනිඛාතත්තා යනු ද යකඩ මොහොල්වලින් කොට-කොට මනාව කණින ලද බැවින්, එවමෙව ඛො යනු මෙහි ගල්කණුව මෙන් රහතන් වහන්සේ දැක්විය යුතුය. මහාවාතයන් මෙන් සදොරෙහි උපදින කෙලෙස්ය. සිවුදිගින් අවුත් වාතයන්ට ගල්කුළුණ සෙලවීමට නොහැකි බව මෙන් සදොරෙහි උපදින කෙලෙසුන්ට රහතන් වහන්සේගේ සිත සෙලවීමට අසමත්බව දතයුතුය. මේ සූත්රයෙහි රහතන් වහන්සේවම කියනලදි.
7-8. පඨමවෙරභය ආදි සූත්ර වර්ණනා
සත්වැන්නෙහි භයං වෙරං පසවති යනු සිතගැහෙන බිය ද පුද්ගල වෛරය ද ලබයි, චෙතසිකං යනු සිත ඇසුරු කොට ඇත්තේයි, දුක්ඛං යනු කායවස්තුක (දුකයි), දොමනස්සං යනු ප්රතිඝයෙන් (තරහෙන්) යුත් දුකයි, මේ සූත්රයෙහි සෝවාන් මාර්ගය කියනලදි, අටවැන්න භික්ෂු සඞ්ඝයාට කියනලදි, මෙහි වනාහි සෝවාන් වූ තැනැත්තාම කියනලදැයි කියනලදි.
9. ආඝාතවත්ථු සූත්ර වර්ණනාව
නවවැන්නෙහි ආඝාතවත්ථුනි යනු ආඝාතයට කරුණුයි, ආඝාතං බන්ධති යනු කෝපය බඳියි, කරයි, උපදවයි.
10. ආඝාතපටිවිනය සූත්ර වර්ණනාව
දසවැන්නෙහි ආඝාතපටිවිනයා යනු ආඝාතය දුරකරන කරුණුයි. තං කුතෙත්ථ ලබ්හා යනු ඒ අනර්ත්ථචර්ය්යාව (නොවැඩ හැසිරීම) නොවේවායි මේ පුද්ගලයා කෙරෙහි කොයින් ලැබේද? කවර කරුණකින් ලැබීමට හැකිද? අනෙකෙක් නම් අනිකකුට තමන්ගේ සිතේ කැමැත්තෙන් අවැඩක් කරතියි මෙසේ සිතා කෝපය දුරු කරයි. නැතහොත්, ඉදින් මම ප්රතික්ෂේපයක් කරන්නේ නම් ඒ කෝප කිරීම මේ පුද්ගලයා කෙරෙහි කොයින් ලැබේද? කවර කරුණකින් ලැබිය හැකිදැයි අරුත්ය. කුතොලාභා යනුද පාඨයි. ඉදින් මම මෙහි කෝප කරන්නේ නම් ඒ මගේ කෝප කිරීමෙහි කොයින් ලාභයක්ද? කවර නම් ලාභයක් වන්නේදැයි අරුත්ය. මේ අර්ත්ථයෙහි තං යන නිපාත මාත්රයක්ම වෙයි.
11. අනුපුබ්බනිරොධ සූත්ර වර්ණනාව
එකොළොස්වැන්නෙහි අනුපුබ්බනිරොධා යනු අනුපිළිවෙලින් සිදුවන නිරොධයයි. සෙසු සියලු තැන්හි පැහැදිලිමය.
තෙවැනි සත්තාවාස වර්ගයයි.
4. මහා වර්ගය
1-2. අනුපුබ්බවිහාර ආදි සූත්ර වර්ණනා
සිවුවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි අනුපුබ්බවිහාරා යනු අනුපිළිවෙලින් සමවැදිය යුතු විසීම්ය, දෙවැන්නෙහි යත්ථ කාමා නිරුජ්ඣන්ති යනු තැනක කාමයෝ සංසිදෙත්ද? නිරොධෙත්වා යනු නොපවතින්නවුන් කොටයි, නිච්ඡාතා යනු තෘෂ්ණා දෘෂ්ටි නමැති කුසගිනි නැති බැවින් නිච්ඡාත වූවාහුයි, නිබ්බුතා යනු ඇතුළත තවන කෙලෙසුන් නැති බැවින් නිවුනාවූයි, තිත්තණ්හා යනු කාමතෘෂ්ණාවෙන් තෘෂ්ණා රහිත වූවාහුයි, පාරගතා යනු කාමයෙහි පරතෙරට ගියාවූයි, තදඞ්ගෙන යනු ඒ ධ්යාන අංගයෙනි, එත්ථ කාමා නිරුජ්ඣන්ති යනු මෙහි ප්රථම ධ්යානයෙහි කාමයෝ නිරුද්ධ වෙති, තෙ ච යනු යමෙක් ප්රථම ධ්යානයට සමවදිත්ද ඔවුහු කාමයන් නිරොධ කරමින් වසත් නමි. පඤ්ජලිකො යනු බැඳගත් ඇඳිලි ඇත්තේ වීයි, පයිරුපාසෙය්ය යනු සේවය කරන්නේය, මේ ක්රමයෙන් සියලු තැන්හි අර්ත්ථය දතයුතුය.