2. ඛලුඞ්කොපම සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි ජවසම්පන්නො යනු පාජවයෙන් යුක්ත වූයේයි, න වණ්ණාසම්පන්නො යනු ශරීර වර්‍ණයෙන් යුක්ත නොවූයේයි, ශරීර ශක්තියෙන් හීන පුරුෂයන් කෙරෙහි “ජවසම්පන්නො” යනු ඥාන ජවයෙන් යුක්ත වූ තැනැත්තේයි, න වණ්ණසම්පන්නො යනු ගුණ වර්‍ණයෙන් යුක්ත නොවූයේයි, සෙස්ස පෙළ ක්‍රමයෙන්ම දතයුතුය. මෙහි යමක් කිවයුතු වන්නේද එය තික නිපාත වර්‍ණනාවෙහි කියන ලද්දේමය.
3. තණ්හාමූලක සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි තණ්හං පටිච්ච යනු එසන (අපේක්‍ෂා කරන) තෘෂ්ණාව හා එසිත (අපේක්ෂා කළ) තෘෂ්ණාව යයි තෘෂ්ණා දෙකෙකි. යම් තෘෂ්ණාවකින් එඑමං ලීහුල් ආදියේ උදව්වෙන් යායුතු මං ආදියට එළඹ භොගයන් සොයයිද පරීක්ෂාකරයිද මෙය එසනතණ්හා නමි. ඒ කියන ලද සොයාගන්නා ලද පරීක්ෂා කරනලද ලබනලද දෙයෙහි යම් තාෂ්ණාවක් වේද එය එසිත තණ්හා නමි. මෙහි වනාහි එසන තණ්හාව දැක්විය යුතුයි. පරියෙසනා යනු රූපාදී අරමුණු සෙවීමයි. එය එසන තෘෂ්ණාව ඇතිවිට වෙයි.
විස්තර විනිශ්චය වනාහි ඥාන තෘෂ්ණා දෘෂ්ටි විතර්‍ක වශයෙන් සතර වැදෑරුම්ය. එහි සුඛවිනිච්ඡයං ඡඤ්ඤ යනු සුඛවිනිශ්චය දැනයි. අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්‍ය යනු මෙය ඥාන විනිශ්චයයි. මිනිසා යනු තෘෂ්ණා විනිශ්චය දෘෂ්ටි විනිශ්චයයි විනිශ්චය දෙකෙකියි මෙසේ ආවාවූ අටසියයක් තෘෂ්ණාවිචරිතයෝ තෘෂ්ණා විනිශ්චයයි. දෙසැටක් දෘෂ්ටීහු දෘෂ්ටි විනිශ්චයයි. ඡන්‍දො ඛො දෙවානමින්‍ද විතක්කනිදානො යන මේ සූත්‍රයෙහි මෙහි විනිච්ඡයයි කියනලද විතර්‍කයම ආයේයි. ලාභයක් ලැබ ඉෂ්ටානිෂ්ටය සුන්‍දරාසුන්දරය විතර්‍කයෙන්ම විනිශ්චය කරන ලදැයි යනු මෙපමණක් මගේ රූපාරම්මණය සඳහාය. මෙපමණක් මට වන්නේය, මෙපමණක් අනුන්ටය, මෙපමණක් පරිභොග කරමි. මෙපමණක් තැන්පත් කරමි. (යනුවෙන් විතර්‍කනය කිරීමයි.) ලාභං පටිච්ච විනිච්ඡයො යි. එහෙයින් කියන ලදි.
ඡන්‍දරාගො යනු මෙසේ අකුශල විතර්‍කයෙන් විතර්‍කනය කරන ලද වස්තුවෙහි දුබල රාගය ද බලවත් රාගය ද උපදියි. මෙහි මේ ඡන්‍දය යනු දුර්‍වල රාගයට නමකි. අජ්ඣෙසානං යනු මමය මගේ යයි බලවත් සනිටුහන් කිරීමයි. පරිග්ගහො යනු තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් දැඩිව ගැනීමයි, මච්ඡරියං යනු අනුන් සමඟ සාධාරණභාවය නොඉවසීමයි. එහෙයින්ම මෙයට පැරැන්නෝ මේ ආශ්චර්‍ය්‍යය මටම වේවා! ආශ්චර්‍ය්‍යය අනෙකෙකුට නොවේවායි පැවැති දෙය මච්ඡරිය යැයි මෙබඳු වචනාර්‍ත්‍ථයක් කියති. ආරක්ඛා යනු දොරවැසීම් මඤ්ජුසාවෙහි සුරැකීමේ ආදි වශයෙන් මනාව රැකීමයි. දැඩි කරයිනුයි අධිකරණං නමි. කාරණයට මේ නමෙකි. ආරක්ඛාධිකරණං යනු භාවකාරක නපුංසක ලිංගික පදයකි. ආරක්‍ෂාහේතුව යන අරුතයි. දණ්ඩාදානාදියෙහි ප්‍රතිශෙධනය (වැළැක්වීම) සඳහා දඬු ගැනීම දණ්ඩාදානං නමි. එක්පසෙක මුවහත ඇති ආදි වශයෙන් වූ අවි ගැනීම සත්‍ථාදානං නමි. කලහො යනු කාය කලහය ද වාචාකලහය ද වේ. පළමුවැන්න විග්ගහො නමි. අන්තිමය විවාදො නමි. තුවං තුවං යනු අගෞරව වශයෙන් තුවං තුවං යන වචනය වේ.
4. සත්තාවාස සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි සත්තාවාසා යනු සත්ත්වයන්ගේ ආවාසයෝයි. වසන තැන් යන අරුත්ය. එහි සුද්ධාවසයෝ ද සත්වාවාසයක්මය. සදාකාලික නොවන බැවින් නොගන්නා ලදහ. සත්වාවාසයෝ වනාහි බුදුවරුන්ගේ කඳවුරු තුන් සමාන වෙති. අසංඛ්‍ය කල්පයන්හි බුදුවරුන් නොපහළවන කල්හි ඒ ස්ථානය ශුන්‍ය වෙයි. මෙසේ සදාකාලයෙහිම නොපවත්නා බැවින් නොගන්නා ලදහ. මෙහි සෙස්ස විඤ්ඤාණට්ඨිතීන්හි කියනලද ක්‍රමයෙන් දතයුතුය.
5. පඤ්ඤාපරිචිත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි යතො යනු යම් කලෙක්හියි, සුපරිචිතං හොති යනු මනාව රැස්කරන ලද්දේ මනාව වඩන ලද්දේ වෙයි. කලලං වචනාය යනු කීමට සුදුසුය, වීතරාගං යනු පහවූ රාග ඇත්තේයි, අසාරාගධම්මං යනු නො ඇලෙන ස්වභාවයයි, අනාවත්තිධම්මං නොකැරකෙන ස්වභාවයයි, නොඉපදීමට සුදුසුවූයි, ප්‍රතිසන්ධිරහිත බවින් නිරුද්ධවන ස්වභාවයයි අර්‍ත්‍ථයයි. මේ සූත්‍රයෙහි ක්ෂීණාශ්‍රවයාම කියන ලදි.
6. සිලායූපොම සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි චන්‍දිකාපුත්තො යන මවගේ නම් වශයෙන් ප්‍රසිද්ධ වූ චන්‍දිකාපුත්ත තෙරුන් වහන්සේයි, චෙතසා චිත්තං පරිචිතං හොති යනු සිත් හැසිරීම් ක්‍රමයෙන් සිත් හැසිරීමේ ක්‍රමය රැස්කරන ලද්දේ වඩන ලද්දේ වෙයි. චෙතසා චිත්තසුපරිචිතං යනු සිත් හැසිරීමේ ක්‍රමයෙන් සිත් හැසිරීමේ ක්‍රමය මතු මත්තෙහි රැස්කරන ලද්දේ මනාව වඩන ලද්දේ වෙයි. නෙවස්ස චිත්තං පරියාදියන්ති යනු ඒ අරමුණු ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේගේ සිත ඉපදීම ගෙන ගෙවා සිටින්නට නොහැකිවෙයි. අමිස්සීකතං යනු ඒ අරමුණු නොඇලෙන බැවින් ඒවා සමඟ මුසුනොවීය. ආනෙජ්ජප්පත්තං යනු නොසැලෙන බවට, නොසෙල්වෙන බවට පත්විය.