2. දෙවැනි සමන්තපාසාදික සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සන්තා යනු විරුද්ධ ධර්මයන් තැවීමෙන් ශාන්තවූයි (විමොක්ෂයෝයි ). විරුද්ධ ධර්මයන්ගෙන් මිදුන බැවින් ද විමොඛා නම් වූයේයි.
3. ප්‍රථම මරණසති සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි භාවෙථ නො යනු භාවෙථ නු යන පද එකතුවයි. ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහායි.
4-9. දෙවැනි මරණසති ආදි සූත්‍ර වර්ණනා
සිවුවැන්නෙහි පතිහිතාය යනු පිළිපන්නාවූයි. සො මමස්ස අන්තරායො යනු එය මගේ ජීවිතයට අනතුරයි. පෘථග්ජන කාලක්‍රියාව කරන්නාට ස්වර්ගාන්තරව ද මාර්ගාන්තරව ද වන්නේය. සත්ථකා වා මෙ වාතා යනු අංගයෙන් අංගය කපත්නුයි සත්ථකා නමි. පස්වැන්න ආදිය කියනලද ක්‍රමය ඇත්තේය. නවවැන්නෙහි සංසග්ගාරාමතා යනු පස් වැදෑරුම් සංසර්ගයෙහි ඇලෙන බවයි.
10. කුසීතාරම්භවත්ථු සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි කුසීතවත්ථුනි යනු කුසීත බවට කරුණුයි. පිහිටයි, කුසීත බව ඇති කරවන්නාවූ හේතුයි. කම්මං කත්තබ්බං හොති යනු සිවුරු විමසීම් ආදී කටයුතු කළ යුතු වෙයි. න විරියං ආරභති යනු දෙවැදෑරුම්වූ ද වීර්‍ය්‍යය නොඅරඹයි, අප්පත්තස්ස යනු නොපත් ධ්‍යාන විදර්ශනා මාර්ගඵල ධර්මයට පැමිණීම සඳහායි. අනධිගතස්ස යනු අවබෝධ නොකළ එයම අවබෝධ කිරීම සඳහායි, අසච්ඡිකතස්ස යනු ප්රත්යක්ෂ නොකළ එයම ප්රත්යක්ෂ කරනු සඳහායි. ඉදං පඨමං යනු මම හොවිමැයි මෙසේ ගලායාම (මැලිව සිටීම) යන මෙය පළමුවැනි කුසීත වස්තුවයි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්ත්ථය දත යුතුයි. මායාවිතං මඤ්ඤෙ යනු මෙහි වනාහි මුළා සහිත සිත නම් තෙත් වූ මෑ ඇටය වැනිය. යම් සේ ඒ තෙත් මෑ ඇටය බර වෙයිද එසේ බරවූයේයි අදහසයි. ගිලානා වුට්ඨිතො හොති යනු ගිලනෙක් වී පසුව (ගිලන් බවින්) නැඟී සිටියේ වෙයි, ආරම්හවත්ථුනි යනු වීර්‍ය්‍ය කාරණයෝයි, මේ ක්‍රමයෙන්ම ඔවුන්ගේ ද අර්ත්ථය දතයුතුය. සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.
අටවැනි යමක වර්ගයයි.
9. සති වර්ගය
2. පුණ්ණිය සූත්‍ර වර්ණනාව
නවවැනි වර්ගයෙහි පළමුවැන්න කියනලද ක්‍රමය ඇත්තේමය, සද්ධො යනු දෙවැදෑරුම් ශ්‍රද්ධාවෙන් යුක්තවූයේයි, නො ච පරිපුච්ඡිතා යනු අර්ත්ථය අනර්‍ත්‍ථය, කරුණ නොකරුණ විමසන ලද්දේ නොවෙයි, සමන්නාගතො යනු සම්බන්ධාර්ත්ථයෙහි ප්‍රථමායි. යුක්තවූවහුගේයි කියන ලද්දේ වෙයි. එකන්තපටිභානං තථාගතං ධම්මදෙසනා හොති යනු තථාගතයන් වහන්සේගේ ඒකාන්තයෙන්ම වැටහීම ඇති ධර්ම දේශනාව වෙයි. ඒකාන්තයෙන්ම ප්‍රතිභානය වෙයි, වැටහෙයි යන අරුත්ය.
3. කිංමූලක සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සබ්බෙ ධම්මා යනු පඤ්චස්කන්ධයෝයි, ඡන්දමූලකා යනු අජ්ඣාසය ඡන්දය, කත්තුකම්‍යතා ඡන්දය එය මූලය වූයේ මොවුනටනුයි ඡන්දමූලකා නමි. මෙනෙහි කරන්නාට හටගනිත්නුයි මනසිකාරසම්භවා නමි. ස්පර්ශයෙන් හටගනිත් රැස්වෙත්නුයි ඵස්සසමුදයා නමි. වේදනාවෙන් එක්රැස්වන්නාහුයි වෙදනාසමොසරණා නමි, සමාධිය මොවුන්ට ප්රමුඛවේනුයි සමාධි පමුඛා නමි. ජ්යෙෂ්ඨවීමේ අර්ත්ථයෙන් සිහිය අධිපති වූයේ මොවුන්ටනුයි සතාධිපතෙය්යා නමි. සිහිය ජ්‍යෙෂ්ඨ කොට ඇත්තාහුය යන අර්ත්ථයයි. ප්‍රඥාව උතුම්වූයේ මොවුනටනුයි පඤ්ඤුත්තරා නමි. විමුක්තියම සාරයවූයේ මොවුනටනුයි විමුත්තිසාරා නමි. මෙහි ද ඡන්දමූලකාදී සතර ද ලෞකික වශයෙන් කියන ලදි. සෙස්සෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රක වූවෝය.
4. මහාචොරඞ්ග සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි මහාචොරො යනු රාජ්‍ය අතර වියවුල් කිරීමට සමත්වූ මහ සොරෙකි, පරියාපජ්ජති යනු දැඩිව ගැනීමට එළඹෙයි, න වීරට්ඨිතිකො හොති යනු බොහෝ කලක් පාලනය කරමින් සිටීමට නොහැකි වෙයි, අප්පහරන්තස්ස පහරති යනු (තමන්ට පහර නොදෙන සතුරු නොවූ ගුණවත් මහල්ලන් ද තරුණ දරුවන් ද වශයෙන් වූ පහර නොදිය යුත්තන්ට පහර දෙයි. ඉතිරි නොමැතිව ගනීනුයි නිරවිශේෂයෙන් ගනියි. දක්ෂ සොරුන්ගේ මේ සිරිතකි. අනෙකාට දෙදෙනෙකු ඇති විට එකෙක් ගතයුතුය. එකෙකු ඇතිවිට දුර්වලයා දී ස්ථිර තැනැත්තා ගතයුතුය. බත්මුල් සහල් ආදියෙහි එක් කොටසක් ගතයුතුය යනුවෙනි. අච්චාසන්නෙ කම්මං කරොති යනු (ගම්නියම් රාජධානීන්ට සමීපතැනක සොරකම කරයි, න ච නිධානකුසලො හොති යනු ලබන ලද දෙය) දක්ෂිණාර්හ පුද්ගලයන් කෙරෙහි තැන්පත් කිරීමට දක්ෂ නොවෙයි. පරලොව මග පිරිසුදු නොකරයි.